අපෙ පන්තියෙ දවසක් හාමුදුරුවො ඇවිත් පන්තිනායකයාට කිව්වා ඉන්ටර්වල් එකෙ බෙල් එක ගැහැව්වායින් පස්සෙ පන්තියෙ නැති උන්ගෙ පුටුවල වතුර දාන්න කියලා.
දවසක් නායකයා මොකක්දො වැඩකට එලියට ගිහින් ගුරුවරයෙකුගෙ. මූ අවෙ නැහැ ඉන්ටර්වල් එකෙන් පස්සෙ.
මායි තව එකෙකුයි උගෙ පුටුවෙ වතුර දැම්මා. මූ පන්තියට ඇවිත් බලද්දි වතුර උගෙ පුටුව පුරාම ,මූ පොන්ටියා වගෙ හාමුදුරුවොන්ට කිව්වා.
හමුදුරුවො ඇවිත් ඇහැව්වා කවුද මෙ වැඩෙ කලෙ කියලා
ඉස්කොලෙ කාලෙ ඉතිං පාවා දෙන්නෙ නැහැ නෙ ?
එකෙක් කටක් ඇරියෙ නැහැ.
පස්සෙ හාමුදුරුවො කිව්වා ඉදිරිපත් උනෙ නැත්තම් පන්තියම ගුටි කනවා කියලා.
ඉතිං පන්තියම ගුටි කන සීන් එක හරි නැති නිසා මමයි කරපු අනික් එකයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් උනා.
පස්සෙ අපෙන් ඇහැව්වා ඇයි ඒ වැඩෙ කලෙ කියලා?
අපි කිව්වා 'ඉතිං හාමුදුරුවොමනෙ කිව්වෙ පරක්කු වෙලා එන අයගෙ පුටුවෙ වතුර හලන්න .ඒක නිසා අපි එහෙම කලා කියලා "
හමුදුරුවො කිව්ව ඊට පස්සෙ " ඒක බොලා දෙන්නාට අයිති රාජකාරියක් නෙවෙයි නෙ? මන් ඒක කිව්වෙ නායකටාට "
කියලා නිකන් අත ඇරියෙ නැහ දුන්නා වෙවැල් පාර සතියකට විතර පාර හිටින්න කකුල් දෙකෙ.
පාර්ලිමේන්තුව මතක් වුනා!
කරුමෙ කියන්නෙ ඩබල් පීරියඩ්.
ඔහොම පීරියඩ් එකක් හිටිය. සර් ඇවිල්ල අහනව ඊලඟ එකත් ඔහොම ඉන්නවද කට්ටියම නැත්තම් dips 10ක් ගහල ඇතුලට යනවද කියල. කට්ටියම ඉතින් හා.
උබල ගහපල්ල මම ගනන් කරන්නම් කිව්වා සර්. ඔන්න අපි ගහනව. සර් ගනන් කරනව.
one....two...three... ඔහොම ගනන් කරන් ගියා කියමුකො. මෙන්න බොලේ නවයෙන් පස්සෙ 9.1.....9.2.......9.3........ කාල වරකො.
ඒකත් කමක් නෑ කියල ගහනව දැන්. 9.91.......9.92........9.93........9.94........ ඔන්න ඉතින් එකා දෙන්න ඩවුන්.
"මොනාද යකෝ තොපි කොල්ලො වෙලත් dips 10ක් ගහන්න බෑනෙ. ඔහොම්මම හිටපියව්" කියල සර් ගියා ඇතුලට. එදායින් පස්සෙ පොත් ගේන්න අමතක උනේ නෑලු...
