ඉස්ටානෝචිට පක්ඤාව

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඉස්ටානෝචිට පක්ඤාව


    අද උදේ හතරට නැගිටිනකොටත් රේඩියෝ එකේ යනවා ආරක්ෂාව ගැන දොස්තර මහත්තයෙකුගේ උපදෙස් වැඩසටහනක්..

    "ඔවු අපි අද බලමු සර්පයෙක් දශ්ට කලාම විෂ පැතිරීම අඩු කරගන්න සහ ආරක්ෂාව සඳහා මොනවද කරන්න ඕන කියලා.. මුලින්ම කාපු සර්පයාව හඳුනාගන්න ඕන ... දෙවනියට සර්පයා දෂ්ට කරපු ස්ථානය සබන් දාලා හොඳින් සෝදලා පිරිසිදු කරගන්න ඕන.. ඊලඟට රෝහලට යන්න ඕන.. රෝහලට යන අතරේ බය නොවී සිටීමත් ඉතාම වැදගත්.."

    මාත් ඉතින් උදේ පාන්දරම ගමනකුත් තිබුන එකේ දත් ටික මදින ගමන් ඒ උපදෙස් ටිකත් හොඳට හිතට ගත්තා.. ඇඳුම් ඇඳගෙන පාරට ගිහින් බස් එක එනකන් ඉන්න බස් හෝල්ට් එක ඇතුලට ගියා විතරයි කලුවරේම සර්පයෙක් කෙලියා කකුලට... ඔන්න ඕක තමා කියන්නේ කුකුල් බෙට්ත් බේතට ඕන කියලා.. මතක් උනා උදේ පාන්දරම රේඩියෝ එකේ ඩොක්ටගේ උපදෙස් මාලාව.. පලවෙනි එක සර්පයා හඳුනා ගැනීම කියලනේ කීවේ ..ඒකනං ටිකක් විකාර උපදේශයක්.. සත්තුන්ට අපි කියන ඒවා තේරෙනවයැ.. කමක් නෑ ඩොක්ටගේ උපදෙසනේ කියලා

    මමත් පහත් වෙලා

    "හලෝවු යාලුවා මම ධනුෂ්ක ඔයා කවුද.. නයෙක් බවනම් පේනවා නම මොකක්ද "

    කියලා ඇහුවා .. වැඩේ උනත් කියපු විදිහනේ ඉතින්... නොකර බෑනේ..ඒත් ඌ මාව අඳුනගන්න කිසි උවමනාවක් නෑ පූෂ් පූෂ් ගගා පෙනේ කරගෙන පිඹ පිඹ හිටියා .. මටත් ඉතින් සෙකන්ඩ් වෙන්න බෑනේ .. අහකට උනාම ඌ ගියා යන්ඩ... දැන් දෙවනි උපදෙස මතක් උනා.. සර්පයා දෂ්ට කරපු ස්ථානය සබන් දාමා හොඳින් සෝදන්න.. සතා දෂ්ට කරපු ස්ථානය ඉතින් බස් හෝල්ට් එකනේ .. දැන් ඉතින් බස් හෝල්ට් එක හෝදපියකෝ.. කකුලේ වේදනාව තිබුනත් ඉතින් ඩොක්ට කියපු එකට පිටින් ගිය හැකැයි... දුවලා ගියා ගෙදර ...පන්සලට දානේ ගෙනියන බාල්දියයි.. බාස්ලා තීන්ත දිය කරපු බාල්දියයි .. ලැට් එකේ බාල්දියයි අරන් වතුර පුරවගෙන අත් දෙකට බාල්දි දෙකයි කටින් බාල්දියයි අරගෙන සබනුත් අරන් ගියා ... බාගෙට හෝදලත් බෑ හොඳින් සෝදන්න කීවනේ ස්ථානය.. හොඳ වෙලාවට මේකා බස් හෝල්ට් එකේදි කෑවේ .. අටේ හතරේ පොඩි කෑල්ලක්නේ ... බැරි වෙලා හරි මේකා මහජන ක්‍රීඩාංගණයෙදී එහෙම කෑවනං මගේ හොඳ පණ යනවා පිටිටනිය හෝදලා.. ඒකටත් පින් දිදී ඉතින් විසි තිස් පාරක්ම වතුර අරන් ගිහින් බස් හෝල්ට් එක හේදුවා .. අලවලා තිබුන පරණ පෝස්ටර් මරණ දැන්වීම් සේරම ගලවලා සූරලා බිත්තිත් එක්ක සබන් දාලා සෝදලා මුලු බස් හෝල්ට් එකම සබන් දාලා හොඳින් සෝදලා ඉවර වෙනකොට පැය පහක් හයක්ම ගත උනා .. දැන් කකුලත් බෙර කොටේ වගේ ඉදිමිලා .. ඒත් ඩොක්ට කියපුවා ඒ විදියටම කරපු නිසා බයක් නෑ .. ඊ ලඟට තියෙන්නේ බය නොවී සිටීම සහ රෝහලට යාම.. බය නොවී ඉන්න එක සහ රොහලට යැම කියන දෙකම එකට කරන්න හිතුවා .. අල්ලපු ගෙදර පොඩි උන් දෙන්නට කීවා කොන්ගෝ එකයි ගිටාර් එකයි ගේන්න කියලා.. ත්රීවීල් එකකුත් හයර් එකට ගත්තා.. උන් දෙන්නත් එක්ක බජවුවක් දාගෙනම බය නොවී ත්රීවීල් එකේ ගියා රෝහලට.. දොස්තර මොකුත් කීවේ නැතුව ඔලුවේ අතගහගත්තා.. මම හිතන්නේ පොරටත් පුදුම ඇති මම අනුගමනය කරපු වැඩ නිසා විෂ පොඩ්ඩක් වත් පැතිරිලා නැති නිසා.. ඊට පස්සේ මගේ ඔලුවත් අතගාලා රුපියල් දෙසීයක් දීලා

    "පුතා ආසා කෑමක් කැන්ටිමෙන් ගෙන්නගෙන කන්න පරක්කු නොවී "

    කියලා කීවා.. මම හිතන්නේ පොරට සතුටු ඇති මම වගේ නිසි ලෙස බුද්ධිය මෙහෙයවලා විෂ පැතිරෙන එක අඩු කරගත්ත දරුවෙක් ගැන.. මට දැන් මැව්ලා පෙනුනා ගොසිප් පේජ් වල

    " පාන්දර පහට තරුණයකු කලුවරේ නයකු සමග බස් හෝල්ටී එක ඇතුලේ කරපු වැඩේ .. . රේඩියෝවේ උපදෙස් පිලිපැදීම නිසා තරැණයාගේ දිවි බේරුන අයුරු මෙතනින්..:"

    කියලා එහෙම යන හැටි...

    ඩොක්ට මට සල්ලි දීලා නර්ස්ලට කතා කලා

    " අර මෝචරිය ලඟ වාට්ටුවට මෙයාව දාන්න .. බේත් මොනවත් දෙන්න එපා තේරුමක් නෑ බේත් ටිකත් නාස්ති වෙනවා අපරාදේ "

    කියලා...

    මං හිතන්නේ විෂ සම්පූර්ණයෙන්ම ඇඟෙන් ඉවත් වෙලා ඇති.. ඒකයි බේත් ඕනෙත් නෑ කීවේ..


    ධනුෂ්ක කාංචන ජයවීර (මුහුණු පොත)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    පට්ට යකු.....


    339f111bdbbf6425c528880c3389abd5.gif

     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ශුවර් එකට ලප කුමාරට චන්දෙ දුන්නු එකෙක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    මචන් මේක ඇත්ත කතාවක්ද ? :sorry::confused: අඩෝ මේ වගේ මෝඩයොත් ඉන්නවද බන් ? ඉඳකින්.