ඉස්ලාමය

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    379985_137418716404925_1701097343_n.jpg



    ප්‍රංශයේ වෙසෙන මුස්‌ලිම් ජනතාවගේ ප්‍රමාණය දසලක්‌ෂ 6 ක්‌ හෙවත් 60 ලක්‌ෂයකි. අප්‍රිකානු කලාපයේ රටවලින්ද, සමහර අරාබි රටවලින්ද ප්‍රංශයට සංක්‍රමණය වී ඇති බොහෝ දෙනෙක්‌ මළපොතේ අකුරක්‌ නොදනිති. එබැවින් ඔවුනට කළ හැකි රැකියා සීමාසහිතය. එවිට ප්‍රංශ රජයට සිදු වන්නේ සුබසාධක දීමනාවලින් ඔවුන් නඩත්තු කිරීමටය. ඒ මදිවාට උප්පත්ති පාලනය නොකරන ඔවුන්ගේ පවුල්වල දරුවෝ හත් අට දෙනෙක්‌වත් සිටිති. ඒ තරම් දරුවන් සිටින පවුලකට ලැබෙන ප්‍රසූත දීමනා ඇතුළු වෙනත් සුබසාධක දීමනා සියල්ල එක්‌කළ විට මහන්සි වී රැකියාවක්‌ කරන අයෙකුගේ වැටුපද ඉක්‌මවා යයි. ඒ තරම් විශාල පවුල් සඳහා මහල් නිවාස ලබාදීමේදී ද, දරුවන්ට පාසල් ලබාදීමේදී ද ප්‍රංශයේ පරිපාලන ආයතන මුහුණ දෙන අර්බුද විශාලය.

    අප්‍රිකානු සහ අරාබි මුස්‌ලිම් දරුවන්ගෙන් බහුතරයක්‌ දෙනා ඉහළ අධ්‍යාපනයට ඇතුල් වන්නේ නැත. අතරමඟදී පාසල් හැරයන ඔවුන්ගෙන් ගැහැනු ළමයින් අඩු වයසින් විවාහ වී වර්ගයා බෝකරන අතර පිරිමි ළමයි මහ මාවතට වැටී කල්ලි කණ්‌ඩායම්වලට එකතුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙන්නෝය. ප්‍රංශ පොලිසියට හිසරදයක්‌ වී ඇත්තේ මෙම පිsරිසය.

    මුස්‌ලිම්වරුන්aගේ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය යන්න ප්‍රසිද්ධ සත්‍යයකි. මුස්‌ලිම්වරුන් උප්පත්ති පාලනයට විරුද්ධ වන්නේ එය ආගමට විරුද්ධ නිසාය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු හැටි, අඳින පළඳින හැටි තීරණය කරන්නේ ආගමට අනුකූලවය. මුස්‌ලිම් කාන්තාවන් මොට්‌ටැක්‌කිලියෙන් හිස මුහුණ ආවරණය කර ගැනීම ආගමික නියමයකි. එක්‌ එක්‌ රටවලට අනුව වසා ගැනීමේ ක්‍රමය වෙනස්‌ වෙයි.

    හිස මුහුණ වසා ගැනීම ඔවුන්ගේ ආගමික නියමයක්‌ නිසා මුස්‌ලිම් නීති රීති හා සංස්‌කෘතියක්‌ ඇති ඔවුන්ගේ රටවලදී එය ප්‍රශ්නයක්‌ නොවෙතත් අතිශයින් විවෘත හා නිදහස්‌ සංස්‌කෘතියක්‌ද මූලික හරයෙන් රෝම ලන්දේසි නීතිරීති පවතින බටහිර රටවලදී එය නියත ලෙසම ප්‍රශ්නයක්‌ වෙයි. එමනිසා විවාල් (ඪධෂඛෑ) නමින් හඳුන්වන මොට්‌ටැක්‌කිලිය ප්‍රංශයට ප්‍රශ්නයක්‌ වීම වැළැක්‌විය නොහැකි දෙයකි.

    මුස්‌ලිම් කාන්තාවන් හිස ආවරණය කරගන්නා ක්‍රම හතරකි. ඒවා “බුර්කා”, “නිකබ්”, “හිඩ්ජබ්”, ටි – චදෝර් යනුවෙන් හැඳින්වේ.

    බුර්කාව ඇෆ්ගනිස්‌තානයේ තලිබාන් පාලකයන් එරට කාන්තාවන්ට අනිවාර්ය කළ ඇඳුමයි. බුර්කාවෙන් හිස මුදුනේ සිට යටි පතුල දක්‌වාම ආවරණය වන අතර ලෝකය දැකිය යුත්තේ දෙනෙත් ඉදිරිපිටින් ඇති දැලක්‌ අතරිනි. තනි කළුපාට මෙම ඇඳුමින් සැරසී ඇති අයකු දහවලක මහමඟදී දුටුවත් හිතගැස්‌සෙන සුලුය.

    නිකබ්, බුර්කාවෙන් වෙනස්‌ වෙන්නේ දෙනෙත පිටතට පෙනෙන සේ විවරයක්‌ ඇති නිසා පමණි. හිඩ්ජබ් හිසත්, දෙකනත්, බෙල්ලත් ආවරණය වන සේ ලෝකයේම මුස්‌ලිම් කතුන් හිස වසාගන්නා සාමාන්‍ය ක්‍රමයයි. එය විලාසිතාවක්‌ සේද සැලකිය හැක.

    ටි-චදෝර් හිසද, උඩුකයද රෙද්දකින් ආවරණය කරගන්නා ක්‍රමයයි. මෙය ඉරාන කතුන්ගේ සාම්ප්‍රදායානුකූල ඇඳුමට අයත් වුව ඇෆ්ගනිස්‌තානයේ මෙන් අනිවාර්ය නොවේ.

    කුමන ආගමක නියමයකට වුව ලෝක සම්මත පොදු නීතියත්, වෙනත් රටක පවතින නීතියත් උල්ලංඝනය කිරීමේ අයිතියක්‌ හා හැකියාවක්‌ තිබිය හැකිද? වැරැදිකරුවන්ට ප්‍රසිද්ධියේ ගල්ගසා මරන, අත්පා කපා දමන නීතියක්‌ ඇතැම් මුස්‌ලිම් රටවල පවතිතත් වෙනත් රටකදීත් එම දඬුවම් පැමිණවිය හැකිද?

    කෙනකුගේ හැඳුනුම්පතින් සහ ගමන් බලපත්‍රයෙන් කෙරෙන්නේ මුහුණබලා එය දරන්නා හඳුනාගැනීම බව කුඩා ළමුන් පවා දන්නා කාරණයකි. බුර්කා සහ නිකබ් ඇඳුම ඇතුළත ඉන්නේ ගැහැනියක්‌ද? පිරිමියෙක්‌ද? කියාවත් හඳුනාගත නොහැකි නම් හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර කුමටද? ගුවන්තොටුපොළ නිලධාරීන්ට හා ආරක්‌ෂක අංශවලට ඇති රාජකාරිය කුමක්‌ද?

    අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස්‌ කරගත යුතු කාලය එළැඹ ඇත. නැතහොත් මුස්‌ලිම්වරු ලෝකයට ප්‍රශ්නයක්‌ද, ලෝකය මුස්‌ලිම්වරුන්ට ප්‍රශ්නයක්‌ වීමද වළක්‌වා ගත හැකිවන්නේ නැත.

    (පෙරමුණේ රාල වීර හෙලයාගේ හෙළිදරව්ව ඇසුරිනි )
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හැම කරුණක්ම වගේ ඇත්ත නමුත් ID එක සාමාන්‍යයෙන් මූණ පේන විදියටයි ගන්නේ (Female Photographer ඉදිරියේදි) ඊට පස්සේ ඒක පරික්ෂාකරන්න දෙන්නේ Female Officer කෙනෙක් ඉල්ලුවම පමණයි .. Burqa එකක් අදින්නේ පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න විතරයි අනෙක් කාන්තාවන්ගෙන් ආරක්ෂාවෙන්න නෙවෙයි ..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හැම කරුණක්ම වගේ ඇත්ත නමුත් ID එක සාමාන්‍යයෙන් මූණ පේන විදියටයි ගන්නේ (Female Photographer ඉදිරියේදි) ඊට පස්සේ ඒක පරික්ෂාකරන්න දෙන්නේ Female Officer කෙනෙක් ඉල්ලුවම පමණයි .. Burqa එකක් අදින්නේ පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න විතරයි අනෙක් කාන්තාවන්ගෙන් ආරක්ෂාවෙන්න නෙවෙයි ..

    :yes: :yes: