ඉස්ලාම් පූජකයෙකු ඝාතනය කෙරේ
අමෙරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා ඝාතනය කොට තිබේ.
පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටිය දී ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
වීදියේ ගමන් කරමින් සිටිය දී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බව එරට පොලීසිය ප්රකාශ කරයි.
මෙසේ ඝාතනයට ලක්ව අැත්තේ පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා යි.
මොහු මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකුවන අතර ඔහුගේ මරණයෙන් නිව්යෝක් නුවර වෙසෙන බංග්ලාදේශ මුස්ලිම් ප්රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වේ.