ඉස්ලාම් සහ මුස්ලිම්හු

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් සහ මුස්ලිම්හු

    1. ඔබගේ දහම කුමක්ද?


    ඉස්ලාම් දහමයි.


    2. මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද?


    මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ.


    3. "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?

    එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.


    දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි ඒ බව පහත අයුරින් සදහන් වේ.


    "ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම් වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය 22:78)


    4. ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි?


    දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.


    5. ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද ?


    ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්, ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර් ආනයේ මෙසේ සදහන් වේ.

    “කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම,(මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත" (ශු.කුර්ආනය 3.85)


    6. ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?

    ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :


    i. සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.


    ii. සාමය


    මේ අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින් "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්විමයි.


    7. "සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?


    එයින් අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්,අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්, ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද, ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්, ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්, කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය යුත්තකි.


    එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත විය යුතුයි.


    8. ඉස්ලාම් යන්න, සාමය යන අර්ථ දේ. මෙයින් ප්‍රකාශවන අදහස කුමක්ද?

    මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්, සිතේ සාමය, හදවතේ සාමය, මැවුම්කරුවා සමග සාමය, අන් අය සමග සාමය, අන් ජීවීන් සමග සාමය, මුළු මහත් විශ්වය සමගම සාමය ඇතිකර ගැනීමයි.


    9. "දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද?


    ඔව්, යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.
    i. එක් අවස්ථාවක් නම්, "අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර, හඳ, ශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. උදා: ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ. එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ. උදා: හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි.


    ii. දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක.


    ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.


    10. මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද?


    ඔව්, කුර්ආනයේ මෙසේ සදහන් වේ.


    අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන් හෝ අකමැතෙන්, ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති. තවද ඔහු වෙතටම නැවත ගමන් කරති (ශු.කුර්ආනය 3.83)


    11. ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට කිව හැකිද ?


    මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි. තම ක්‍රියාවන් වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන් වහන්සේ (එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.


    “දරුවෙක් තරුණ විය ලබන තුරුද, උන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්, සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්, ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    6.ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?

    ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :


    i.සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.


    ii.සාමය


    මේ අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින් "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්විමයි.

    ප්‍රශ්නයක්: ඉස්ලාම් යනු සාමය නම් ජිහාඩ් යනු කුමක්ද?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ප්‍රශ්නයක්: ඉස්ලාම් යනු සාමය නම් ජිහාඩ් යනු කුමක්ද?

    වර්තමානයේ බොහෝ ඉස්ලාමිය විරෝදින් ඉස්ලාම් දහම විකුර්ති කොට ජිහාද් නම් ශේෂ්ඨ ක්‍රියාවට ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කර මුස්ලිම් වරු යනු ත්‍රස්තවාදීන් ලෙස ලේබල් ගැසීමට උත්සාහ කර මුස්ලිම් නොවන්නන් හට මුස්ලිම්වරුන් පිලිබදව වැරදි ආකල්ප ඇති කිරීමට උත්සාහ කර ගෙන සිටිති .

    මා පළමුවෙන්ම අවධානය යොමු කිරීමට කැමැත්තෙමි ජිහාද් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට.

    ජිහාද් යන්නෙහි අරුත එක් තරා අභිමතාර්ථයක් අත්කරගනු පිණිස සිය ශක්තිය සහ හැකියා සියල්ල මුළුමනින්ම යොදා කරනු ලබන උත්සාහය වෙයි.ඉස්ලාමිය විවහාරය අනුව ජිහාද් යනු අල්ලාහ්ගේ තෘප්තිය අත්කරගනු පිණිස ඔහු දැක්වූ මාර්ගයෙහි සිට ඔහුගේ දීන් (මාර්ගයේ ) උන්නතිය උදෙසාත් සත්‍ය තහවුරු කිරීම සදහාත් ගනු ලබන සියලුම වෑයම ජිහාද් යැයි දැක්වේ.

    අනිත් එක පව් වැලින් වැලකීම එයත් ජිහාදය අයත් වේ/...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි කොහොමද එකම දෙවියෙක් විතරයි ඉන්නේ කියලා පිළිගන්නේ?

    ඒ ගැන කුරනයේ සදහාන් වෙනවා යාලුවා මේක balanna

    ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් “අල්ලාහ්”, “Allah” යනුවෙන් හදුන්වයි. අද අප සමාජය විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හදුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හදුන්වනු ලබන්නේ “අල්ලාහ්” යනුවෙන් පමණි. මෙම “අල්ලාහ්” යන පදය වෙන කිසිවක් සදහා නොයෙදෙන එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන් “God” යන පදය සැලකුවිට දෙවිවරුන් ^Gods&යන බහුවචනයක්ද, දේවතාවිය “Goddess” යන ස්ත‍්‍රි ලිංග බේදයක්ද ඇත. නමුත් “අල්ලාහ්” යන පදයට බහු වාචික පදයක් හෝ ලිංග බේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. එම අසමසම දෙවියන් වු අල්ලාහ් දෙවියන් තමා හදුන්වාදීමේ දී ශුද්ධ වු කුර්ආනයේ 40:64,65 හි මෙසේ පවසයි.
    “අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.”
    ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් තමා “අල්ලාහ්” යනුවෙන් හදුන්වාදීමෙන් නතර නොවී තවත් සුවිශේෂ වු කරුණක් ඒ හා බද්ධ කොට පවසයි.



    එනම් “මා හැර වෙන දෙවියෙක් නැත” යන්නයි. ඉස්ලාම් ඒකදේව වාදය මුලික පදනමක් කරගත්, බහුදේව වාදය ප්‍රතික්ෂේප කරන දහමකි. ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව “අල්කුර්ආනය” යනු දෙවියන්ගේ වාක්‍යයන් පමණක් අන්තර්ගත වු ශුද්ධවු ග‍්‍රන්ථයකි. එහි සදහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගනන් වක්තෘවරුන් (දුතයන්) එවන ලද්දේ මෙම ඒකදේව වාදය පොළොවෙහි ස්ථාපනය කිරීම සදහාය. එය ශුද්ධවු කුර්ආනයේ 21:25 හි මෙසේ සදහන් වේ.




    “මා හැර වෙන දෙවියෙක් නැත, යන්න පවසා මිස දේව දුතයකු නොඑව්වෙමු. ”


    :yes:


    මේ ගැන තවත් විස්තර



    http://www.yahamaga.com/?p=941
    :yes::D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    ප්‍රශ්නයක්: ඉස්ලාම් යනු සාමය නම් ජිහාඩ් යනු කුමක්ද?


    එම සාමය කඩවීම වැලැක්වීමට හා සෘජුව හා වක්‍රව එන සෑම බාධකයක්ම ඉවත්කිරීමට ක්‍රමාණුකූලව ගන්නා වෑයමයි. ඒක තවත් තේරෙන විදියට කියනවානම්... මෙන්න මේකයි ජිහාඩ් කියන්නේ....

    "කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනු... මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙනු"
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    අපි කොහොමද එකම දෙවියෙක් විතරයි ඉන්නේ කියලා පිළිගන්නේ?

    ඔයා සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙක් ඉන්නවා කියන එක මුලින් පිලිගන්නවාද කියන්නකෝ...
    ඒ වගේම කර්මය කියන එකත් පිලිගන්නවාද කියන එක කියන්න අමතක කරන්න එපා...මට ඒකටත් උත්තරේ අවශ්‍යයි...


     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    එකම දෙවියෙක් ලෝකයට අධිපති නම් ලෝකය මැව්වා නම්

    1. ඇයි අහින්සක කුඩා දරුවන් ලෙඩ රෝග සෑදී මියන්නේ? ඇයි ඔවුන් ලෙඩ දුක්, පිලිකා සෑදී අවුරුදු ගනන් දුක් විදින්නේ? කෝ මේ දෙයියා ඒවාට වගකීම බාරගන්නවාද?

    2. යුද්ධ වලදී අහින්සක මිනිස්සු ගෑනු ලමයි මියයන විට මේ දෙයියා බයේ හැන්ගිලා ඉන්නේ නැතුව අහින්සකයන් බේරාගන්නෙ නැත්තේ ඇයි? යුද්ධ නතර කරන්න ඔහුට බලය නැද්ද?

    එහෙමත් නැත්නම් ලෝකය කුරිරු වී තිබෙන්නේ එක දෙවියෙක්ට වඩා දෙවියන් ඉන්න නිසා වත්ද?

    උත්තර දෙන්න කරුණාකර. හැබයි බොරු බයිල ගහන්නේ නැතුව "මේ ලෝකයේ ඉන්නේ සුලු කාලයයි වගේ මෝඩ කත නොකියා කියන්න මේ එක දෙවියා හැම දෙනාටම එක විදියට සලකන්නේ නැත්තේ ඇයි කියලා? එහෙම බලයක් වත් නැති දෙවියෙක්ට වඩා මගේ පඩයත් මට වටිනවා!
    :P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එකම දෙවියෙක් ලෝකයට අධිපති නම් ලෝකය මැව්වා නම්

    1. ඇයි අහින්සක කුඩා දරුවන් ලෙඩ රෝග සෑදී මියන්නේ? ඇයි ඔවුන් ලෙඩ දුක්, පිලිකා සෑදී අවුරුදු ගනන් දුක් විදින්නේ? කෝ මේ දෙයියා ඒවාට වගකීම බාරගන්නවාද?

    2. යුද්ධ වලදී අහින්සක මිනිස්සු ගෑනු ලමයි මියයන විට මේ දෙයියා බයේ හැන්ගිලා ඉන්නේ නැතුව අහින්සකයන් බේරාගන්නෙ නැත්තේ ඇයි? යුද්ධ නතර කරන්න ඔහුට බලය නැද්ද?

    එහෙමත් නැත්නම් ලෝකය කුරිරු වී තිබෙන්නේ එක දෙවියෙක්ට වඩා දෙවියන් ඉන්න නිසා වත්ද?

    උත්තර දෙන්න කරුණාකර. හැබයි බොරු බයිල ගහන්නේ නැතුව "මේ ලෝකයේ ඉන්නේ සුලු කාලයයි වගේ මෝඩ කත නොකියා කියන්න මේ එක දෙවියා හැම දෙනාටම එක විදියට සලකන්නේ නැත්තේ ඇයි කියලා? එහෙම බලයක් වත් නැති දෙවියෙක්ට වඩා මගේ පඩයත් මට වටිනවා!
    :P
    කිසි කුණුහරපයක් නැහැ.. අපහස කරලා නැහැ.. ලස්සනම විදියට ප්‍රශ්නේ අහලා තියෙන්නේ....
    අංග සම්පුර්ණ ඇත්තම ඇත්ත උත්තරයක් අවස්‍යයි...:P
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එතකොට වහලුන් ගන්න එකට මොකද කියන්නේ?
    දකුණු අතට අහුවෙන ස්ත්‍රීන් වහල් සේවය සදහා යොදාගන්න පුලුවන් කියන්නේ ඇයි?
    (siraj ,al baik, ZULFAAN යන අයගෙන් කෙනෙක් පමණක් උත්තර දෙන්න )
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට වහලුන් ගන්න එකට මොකද කියන්නේ?
    දකුණු අතට අහුවෙන ස්ත්‍රීන් වහල් සේවය සදහා යොදාගන්න පුලුවන් කියන්නේ ඇයි?
    (siraj ,al baik, ZULFAAN යන අයගෙන් කෙනෙක් පමණක් උත්තර දෙන්න )

    e yudda kaalaye issara den ema ne...
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    විශ්වය මවන ලද්දක් බව "විශ්වාස" කල යුත්තේ ඇයි ? යම් කිසි ක්‍රියාවලියක් සිදු වීමට මැවීම හෝ කිසිවෙකු විසින් සිද්ද කිරීම අතයඅවශ්‍ය ද ? ඉබේ සිද්ද වෙන දේවල් කියන්නේ මොනවටද (ඒ ඒ හේතුන්වලටම බැදී පවතින) ? දෙවියන් යනු හැමදාටම තිබු දෙයක් ද ? හේතුවක් නැතුව කිසිම දෙයක් ඇතිවීමට හෝ පැවතිය නොහැකිනම් දෙවියන් කියා කෙනෙකුන් සිටීමේ හේතුව කුමක්ද ? හේතුවක් නැතුව ඇතිවිය හෝ පැවතිය හැකි එකම දේ දෙවියන්නම් , (දෙවියන් ඇතිවීමට පැවතීමට හේතුවක් නැති නිසා ) යමක් හේතුවක් නැතුව ඇති විය හෝ පැවතිය හැකි බව පිළිගන්නට එපා යයි කියන්නේ මන්ද ?