ඉස්සරහට රස්සාවට ගහල යයිද?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඉස්සරහට රස්සාවට ගහල යයිද?


    මචං එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: www.bdshop.com


    2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා.


    මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්‍රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් - මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.


    හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligence සහ යාන්ත්‍රික අධ්‍යයනයේ - machine learning), දියුණුවත් එක්ක මානසික හැකියාවන් මත පදනම් වෙච්ච රස්සාවලුත් නුදුරු අනාගතේ තර්ජනයට ලක්වෙයි කියලයි මට හිතෙන්නේ. මේ වෙනකොටත් දියුුණු රටවල් වල දුරකථන සහයක නිලධාරීන්ගේ රස්සාවල් යන්ත්‍ර මගින් ඩැහැගෙන තියෙනවා. ලංකාවේ සමාගමකට දුරකථනයෙන් කතා කරපු ඕන කෙනෙක්ට සහයක නිලධාරියෙක් එනකං සෑහෙන්න වෙලාවක් බිලත් ගෙවන් දුරකථනයේ රැඳී ඉන්න සිද්ධ වෙන කටුක අත්දැකීම තිවෙනවා (මට මේ අත්දැකීම ඩයලොග් ආයතනයත් එක්ක තියෙනවා. සන්නිවේදන සේවා සපයන ආයතනයකට කතා කරන්න පැයක් බලා ඉන්න වීම එක අතකින් උප්‍රාසාත්මකයි!). නමුත්, ඇමරිකාවේ විශාල ආයතනයකට ඇමතුමක් ගත්තම, ඇමතුමට මුලින් උත්තර දෙන්නේ යන්ත්‍රයක්. අපි කියන දේ අහලා ඒ දේ තේරුම් ගන්නත්, ඒ අනුව උදව් කරන්නත් තරම් "බුද්ධියක්" මේ යන්ත්‍ර වලට තියෙනවා. මේ හින්දා පාරිභෝගිකයන්ට විශාල කාලය ඉතුරුවීමකුත්, දුරකථන සහකයන් විදිහට වැඩ කරපු මිනිස්සුන්ට රස්සා නැතිවීමකුත් වෙලා තියෙනවා.


    මේ කියන දේට තව හොඳ උදාහරණයක් තමා කැෂියර් රස්සාව. ඉතා විශාල වෝල්මාට්, ටාගට් වගේ සුපර්මාර්කට්වල සල්ලි ගෙවන කවුන්ටර් අසල ඉතා දිග පෝලිම් හැදෙනවා. මේක පාරිභෝගියකට ලොකු ගැටළුවක්. මේකට පිලියමක් විදිහට, පහුගිය අවුරද්දේ Amazon සමාගම කවුන්ටර්-කැෂියර්ලා නැති සුපර්මාර්කට් එකක් හඳුන්වාදෙනවා Amazon Go නමින් (ඒ විස්තරේ මෙතනින් බලන්න). මේ සුපර්මාර්කට් එකේ ක්‍රියාකාරිත්වය හරි සරලයි. මුලින්ම පාරිභෝගකයා ස්මාට්-දුරකථනයේ Amazon Go ඇප් එක ස්ථාපිත කරගන්න ඕනි. කඩේ ඇතුලට යද්දී, මේ ඇප් එක ස්කෑන් කිරීමක් වෙනවා. ඊට පස්සේ, ගන්න ඕන බඩුව අරන් කෙලින්ම කඩෙන් එලියට එන එකයි කරන්න තියෙන්නේ. ගත්තෙ මොනවද, අරගෙන ආපහු තිබ්බේ මොනවද වගේ දේවල් ස්වයංක්‍රීයව හොයා බැලීමක් Amazon Go ඇතුලේ සිද්ධ වෙනවා. අන්තිමේදි බිල ගෙවන වැඩෙත් කරන්න ඇප් එක පාවිච්චි කරලයි. මේ සංකල්පය සියැටල් නුවර තියෙන Amazon Go වෙළඳ හලේ දැනටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් තියෙන තත්වය යටතේ උනත් මේ සුපර්මාර්කට් එකේ "හොරකමක්" කරන්න ඉතා අමාරු බවයි එහි සේවකයන් මා හා පැවසුවේ. මොනවා උනත්, මේ සංකල්පය විශාල වෙළඳසැල්වල ක්‍රියාත්මක වෙන මට්ටමකට ආ දවසකට ඇමරිකාව වගේම ලෝකය පුරා කැෂියර්වරුන් විදිහට රස්සාවල් කරන් දාස් ගණන් මිනිස්සුන්ගේ රස්සාවල් අයින් වෙන එක නතර කරන්න බැහැ.


    මට මේ දේ ගැන හිතන්න පොළඹවපු ආසන්නතම සිද්ධිය, මේ ලඟඳී ගූගල් සමාගමේ තිබුණු වාර්ෂික සමුළුව. මේ සමුළුවේ, ගූගල් සමාගම ඉතා සාර්ථක මට්ටමේ කෘතීම සහයකයෙක් හඳුන්වාදෙනවා (දැකපු නැති අය මෙතනින් බලන්න.). මේ කෘතීම සහයකයාට දුරකථනයෙන් සිදුවෙන්න ඕන වැඩක් කිව්වම, අදාල තැනට කතාකරලා ඒ කාර්ය කරගන්න හැකියාව තියෙනවා. උදාහරණෙකට, දුරකථනයකින් කතා කරලා අවහන්හලක වේලාවක් වෙන්කරගන්න මේ 'යන්ත්‍රයට' පුළුවන්. එතැනදී, වෙළඳසැල් සේවකයා අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නත්, අපැහැදිලි දෙයක් ආපහු අහල දැනගන්නත් හැකියාව මේ 'යන්ත්‍රයට' තියෙනවා. විශේෂ දේ තමා, මේ සියළු දේවල් ඉතා ස්වාභාවික විදිහට කරන්න තියෙන හැකියාව. ඒ කියන්නෙ, මේ කතාකරන්නේ යන්ත්‍රයක් එක්ක කියලා වෙළඳසැල් හිමියට තේරෙන්නේ නැති විදිහට කතාකරන්න තරම් මේ යන්ත්‍රය දක්ෂයි. මේක ඇත්තටම ගොඩක් සුවිශේෂි නිෂ්පාදනයක්. නමුත් මේ නිෂ්පාදනයේ තේරුම මොකක්ද?


    මේ සියළු උදාහරණ වල තේරුම බුද්ධිය පාවිච්චි කරලා, මෙච්චරකල් යන්ත්‍රෙකට කරන්න බැරිව තිබ්බ රස්සාවලුත් ඉතා ලඟදීම කරන්න පුළුවන් යන්ත්‍ර බිහිවෙන බවයි. මේ වෙන කොට ඒ විදිහට විතැන් වෙලා තියෙන්නේ විශේෂ බුද්ධිමය හැකියාවක් අවශ්‍ය නොවන රස්සාවල්. දුරකථන සහායක, වෙළඳ සේවක කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් රස්සාවල්. පුද්ගලික සහයක කියන්නේ ඊට වඩා බුද්ධිමය හැකියාවක් ඕන රස්සාවක්. මේ රස්සාවක්ම ඉවත් කරන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් දැනටමත් නිෂ්පාදන මට්ටමේ තියෙනවා. මීට වඩා බුද්ධිමට හැකියාවක් ඕන වෙන රස්සාවල් - චිත්‍ර පිටපත් කරන්නන්, වෙබ් පිටු සකසන්නන්, සරල සංගීත තනු නිර්මාණකරුවන් පවා සිදුකල හැකි යන්ත්‍ර මේ වෙනකොටත් පර්යේෂණ මට්ටමේ තියෙනවා (අපි ඒ ගැන ඉස්සරහ ලිපියකදී කතාකරමු). ඉතිං, මධ්‍යයම ප්‍රමාණයේ බුද්ධිමය හැකියාවක් ඇති මේ රස්සාවල් පවා ඉස්සරහදී ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා.


    මේ හේතු හින්දා රස්සාවල් අහිමිවෙන මිනිස්සු කරන්න ඕන මොනවද? රස්සාවල් නැතිවෙන්නේ නැති වෙන්න මිනිස්සු ප්‍රගුණ කරන්න ඕන දේවල් මොනවාද? මේකට උත්තරයක් විදිහට, යන්ත්‍රයකට කරන්න බැරි බුද්ධිමය දේවල් ඉගෙනගන්න කියන දේ සාම්ප්‍රදායක උත්තරයක්. නමුත් මේ උත්තරය ඉස්සරහදී වලංගු වෙන්නෙ නැති බවයි මගේ හැඟීම. මේකට හේතුව මේ වෙනකොට ඉතා සිඝ්‍රයෙන් යාත්ත්‍රික අධ්‍යයන ක්ෂේත්‍රය දියුණු වීම. මේ වෙනකොටත් මිනිහෙක්ට වඩා නිරවද්‍යතාවකින් භාණ්ඩ හඳුනගැනීම (object recognition) කරන්න යන්ත්‍රෙකට පුළුවන්. ඒ දේ ඉස්සරහට තවත් සීඝ්‍රයෙන් දියුණුවේවි. ඉතිං, ඉතා සුළු පිරිසකට සීමා වෙච්ච මේ ගැටළුව ඉස්සරහදී බහුතරයක් වෙච්ච සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන විශාල ප්‍රශ්නයක් වෙනවා කියලයි මට හිතෙන්නේ. නමුත් ඉස්සරහදී එන මේ අර්බුධයට විසඳුම් හොයනවා තබා මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලවත් පාලකයන් සංවේදීද කියන එක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් කියලා ඔබ හිතන විසඳුම මොකක්ද? පහලින් කොටාගෙන යමු හැමෝටම කියවන්න :-)


    https://praagiyathan.blogspot.com/2018/05/blog-post_12.html
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thanks! But need to see some feedback!
    :love::love::love::love:
    අනිවාර්යයෙන්ම අදහසක් උඹේ ඉල්ලීමට ලියනවා.ත්‍රෙඩ් එක උඩට ගන්න ඕන නිසා හදිස්සියට BUMP පාරක් දැම්මේ.:cool::cool::cool::cool:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඕක වෙන්න පුළුවන් හැබැයි ලංකාවේ රාජ්‍ය ආයතන වලට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thanks! But need to see some feedback!

    Technician kenek una nam hari... Nathnam maintenannce...
    :yes::yes:
    මමත් හිතන්නේ ඕකම තමයි ඕව නඩත්තුකරන ටෙක්නීෂියන්ලගේ ජොබ් නැතිවෙන එකක් නෑ.:no: හැබැයි දැන් ඉන්න ටෙක්නීෂියන්ලට වැඩ ස්මාර්ට් වෙන්න වේවි.:cool::cool: (හැබැයි මොනවා වුනත් EK එකත් වෙනස් වෙන එකක් නෑ නේද?:P එදත් ඒ වගේ අදත් ඒ වගේ.:P)

     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක වෙන්න පුළුවන් හැබැයි ලංකාවේ රාජ්‍ය ආයතන වලට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
    :angry::angry::angry:
    හපෝ ඕකුන් ගැනනම් කතාකරල වැඩක් නෑ.ඕකුන් නැතිවෙන්න නම් නත්තල්,වෙසක්,පොසොන්,අවුරුදු,මැයි දින,චන්ද,ඉලව් ගෙවල්,දාන ගෙවල්,මගුල් ගෙවල්,කොටහළු ගෙවල් ආච්චිගේ අත කැඩිච්ච එකට ඉස්පිරිතාලේ ගියපුවා නැතිවෙන්න ඕන. මිනිහෙක් වැඩක් කරගන්න ගියොත් මුන් ඔය වැඩවලට involve වෙලා. විශ්ව විද්‍යාලවලින් උපාධිය ගත්ත හැටියේම බෝර්ඩ් කෑලි ටිකක් අරන් පෙළපාලි ගියාම දාන්නේ ඕවට තමයි. උන් ඉතින් මිනිස්සුන්ට සලකන්නේ නිලආම්ස්ට්‍රෝන් හඳට ගියාවගේ ආඩම්බරකමකින්. :angry::angry::angry:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    :yes::yes:
    මමත් හිතන්නේ ඕකම තමයි ඕව නඩත්තුකරන ටෙක්නීෂියන්ලගේ ජොබ් නැතිවෙන එකක් නෑ.:no: හැබැයි දැන් ඉන්න ටෙක්නීෂියන්ලට වැඩ ස්මාර්ට් වෙන්න වේවි.:cool::cool: (හැබැයි මොනවා වුනත් EK එකත් වෙනස් වෙන එකක් නෑ නේද?:P එදත් ඒ වගේ අදත් ඒ වගේ.:P)



    මේව නඩත්තු කරන ටෙක්ලාගේ, මේවා ඩිසයින් කරන අයලේ රස්සා තියෙයි තමා. ඒත ඕක හැමෝටම කරන්න බැහැ. එකක් හැකියාව නැතිකම - අනික ඒ වගේ රස්සා සීමාසහිත ගාණක්නෙ තියෙන්නේ. :baffled:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕක වෙන්න පුළුවන් හැබැයි ලංකාවේ රාජ්‍ය ආයතන වලට නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.


    පිටරට මැෂින්, ට්‍රැක්ටර් ගැන මුලින් අහද්දිත් ලංකාවේ අය මෙහෙම කියන්න ඇති නේද? ;)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේව නඩත්තු කරන ටෙක්ලාගේ, මේවා ඩිසයින් කරන අයලේ රස්සා තියෙයි තමා. ඒත ඕක හැමෝටම කරන්න බැහැ. එකක් හැකියාව නැතිකම - අනික ඒ වගේ රස්සා සීමාසහිත ගාණක්නෙ තියෙන්නේ. :baffled:
    හැමදෙයක්ම මැෂින් වලින් කරනවා කියන්නේ නිෂ්පාදන වියදම අඩුවෙනවා. එතකොට රටක අදායම වැඩිවෙනවා.ඉතින් ඒ රටේ මිනිස්සුන්ට තමයි එකේ ප්‍රතිලාබය ලැබෙන්නේ. එතකොට ජීවන වියදම අඩුවෙනකොට සහ තමන්ගේ එදිනෙදා ජීවිතය පහසු වෙනකොට ජොබ් කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ ලෝකේ. හැබැයි ලංකාවේ කොහොම වේවිද කියන්න නම් මට තෙරෙන්නේ නෑ.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    හැමදෙයක්ම මැෂින් වලින් කරනවා කියන්නේ නිෂ්පාදන වියදම අඩුවෙනවා. එතකොට රටක අදායම වැඩිවෙනවා.ඉතින් ඒ රටේ මිනිස්සුන්ට තමයි එකේ ප්‍රතිලාබය ලැබෙන්නේ. එතකොට ජීවන වියදම අඩුවෙනකොට සහ තමන්ගේ එදිනෙදා ජීවිතය පහසු වෙනකොට ජොබ් කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ ලෝකේ. හැබැයි ලංකාවේ කොහොම වේවිද කියන්න නම් මට තෙරෙන්නේ නෑ.


    නිෂ්පාදන වියදම අඩු උනාට එ් ලාභෙ එන්නේ නිෂ්පාදකයාට. ඒ හින්දා රස්සා නැතිවෙන අයට ප්‍රතිලාභයක් නෑ ඇත්තටම. මේ ගැන ලියන්න තමා හිතන් ඉන්නෙ ඉස්සරහට.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නිෂ්පාදන වියදම අඩු උනාට එ් ලාභෙ එන්නේ නිෂ්පාදකයාට. ඒ හින්දා රස්සා නැතිවෙන අයට ප්‍රතිලාභයක් නෑ ඇත්තටම. මේ ගැන ලියන්න තමා හිතන් ඉන්නෙ ඉස්සරහට.
    එක ෆැක්ටරි එකක් වශයෙන් නෙමෙයි.රටක් විදියට සමස්තයක් හැටියට ගන්න.මම හිතන්නේ මේකේ කවුරුහරි කොමර්ස් කරපු එකෙක් හිටියොත් මීටවඩා මේක පැහැදිලි කරල දේවි.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    man hithanne meka thamai parinamaya kiyanne. buddhiya wadi hakiyawan wadi minissu ithiri wela anik aya nathi wela yanawa wage deyak wei kawadahari.. AI kiyanne aluth jiwi kottashayaka arambayak wennath puluwan
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ පෞද්ගලික අදහස....
    මම ටෙලිනාට්‍යය, චිත්‍රපටි දෙකකින් දෙන්නම්....
    01 - අපි පුංචි කාලේ බලපු Spellbinder 2 සීරිස් එකේ යුධ ටැංකි ලෝකේ මතකද ?
    මොකද ඔබ ඔය කියන කෘතීම බුද්ධිය යුද්ධය සඳහා පාවිච්චි නොකරයි කියල සහතික වෙන්න පුලුවන්ද ?

    x43Ht8X.jpg


    02 - Interstella එකේ කූපර් කියන්නේ ඉංජිනේරුවෙක් නමුත් ඔහු වෘත්තියෙන් ගොවියෙක්.
    “Okay. Well, right now the world doesn't need more engineers. We didn't run out of planes, or television sets. We ran out of food. The world needs farmers. Good farmers, like you.”

    vNLUaBL.jpg


    තාක්ශනේ දියුණුව එක්තරා ඉහලම සීමාවකට පැමිණුනායින් පසු මනුෂ්‍යය වර්ගයා එක්වරම ඉතාම පහලට කඩා වැටෙනවා.
    උදාහරණයකට හිතන්න එක්වරම ලෝක ජනගහණය 100 දක්වා අඩු වුනා කියල.
    කී දෙනාද දන්නේ රෙදි වියලා ඇඳුම් නිෂ්පාදනය කරන්න?
    යකඩ වලින් ආයුධ නිපදවන්න ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මගේ පෞද්ගලික අදහස....
    මම ටෙලිනාට්‍යය, චිත්‍රපටි දෙකකින් දෙන්නම්....
    01 - අපි පුංචි කාලේ බලපු Spellbinder 2 සීරිස් එකේ යුධ ටැංකි ලෝකේ මතකද ?
    මොකද ඔබ ඔය කියන කෘතීම බුද්ධිය යුද්ධය සඳහා පාවිච්චි නොකරයි කියල සහතික වෙන්න පුලුවන්ද ?

    x43Ht8X.jpg


    02 - Interstella එකේ කූපර් කියන්නේ ඉංජිනේරුවෙක් නමුත් ඔහු වෘත්තියෙන් ගොවියෙක්.
    “Okay. Well, right now the world doesn't need more engineers. We didn't run out of planes, or television sets. We ran out of food. The world needs farmers. Good farmers, like you.”

    vNLUaBL.jpg


    තාක්ශනේ දියුණුව එක්තරා ඉහලම සීමාවකට පැමිණුනායින් පසු මනුෂ්‍යය වර්ගයා එක්වරම ඉතාම පහලට කඩා වැටෙනවා.
    උදාහරණයකට හිතන්න එක්වරම ලෝක ජනගහණය 100 දක්වා අඩු වුනා කියල.
    කී දෙනාද දන්නේ රෙදි වියලා ඇඳුම් නිෂ්පාදනය කරන්න?
    යකඩ වලින් ආයුධ නිපදවන්න ?
    GOOD POINT . hebei oya kada wetima wenakota api nikanma yantharawala wahallu wela idi. samahawita lokaya palanaya kirimath AI wisinam karai .
     
    Last edited: