ඉස්සර මිනිස්සු හඳපු ළිං කියන ඒවා ඔන්න ...හෙළ තාක්ෂණය...😲

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    පොළවින් උඩ බැම්ම ඇරුනම ළිඳ ඇතුලත හතර වටම තියන තද බැම්ම තනි කළුගල් පතුරු පළලට ඝණවට හිටින සේ ඉතා සූක්ෂමව එකිනෙක අහුරළා හදලා තියෙන්නෙ🙂
    එක සිමෙන්ති වැලි බිඳක් බඳාමයක් ඇතුලට නැතුව😲 හිතාගන්න බෑ අදටත්😲
    පතුළෙ උල්පත් ඇරුනම මදක් උඩින් පිහිටපු උල්පත් ගල් අතරින් බේරිලා ළිඳට එන ආකාරයට......
    ළිඳ ඇතුලේ හතරවට කළුගල් බැමි අතර ස්වභාවික කළු ගල් පමණයි අහුරළා තියෙන්නෙ...

    ළිං පතුල මැඳ තනි කළු ගල් තලය කොටලා බේසම වගේ හඳලා ඒකෙන් තමයි නොසිදෙන උල්පත් මතුකරගෙන තියෙන්නේ .....
    ඉස්සර මිනිස්සුන්ගේ තාක්ෂණය අදටත් තවම යාවත්කාළීනයි මේ බැමිවල කළු ගලක් ගැලවිලා වැටෙනවා තවම මම දැකලා නෑ.....

    ඉතා ස්භාවික සෞඛ්‍ය ආරක්ෂිත වතුර... නිල් කැටේ වගේ වතුර...
    පොකුණ වගේ වතුර මේ දවස්වල නම්....
    ළිඳට මෙහයින් තියන බැම්ම උඩින් යවන්න හිතාන සමන් පිච්ච වැළක් මම හිටවපු එකක කොටසක් තමයි ඔය පැත්තකින් පේන්නෙ..😍😍😍
    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි ..

    1000006123.jpg
    1000006125.jpg
    1000006122.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    අපේ පන්සලේ අයිනෙ ඔහොම ලිදක් තිබිලා පාරක් කපද්දී වහල දැම්මා. ඒ මිනිසුන්ට අනික් පැත්තෙනුත් පාර තිබ්බ. අපරාදේ කුල් වතුර ටික. 😕
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    කොච්චර මහන්සි වෙලා හැදුවත් ඔකට මොඩයෙක් වැටිලා මැරුනාම වහලා දානව
     
    • Like
    Reactions: caltonhp