<<< ඉසුරුමුණියේ වග තුග >>>

අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් යෑයි පිළිගැනෙන වත්මන් ඉසුරුමුණිය යනු ඉසුරුමත් පවුල් වලින් පැවදි වූවන් උදෙසා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් කරවනු ලැබූ විහාර කර්මාන්තයෙකැයි බොහෝ දෙනා පිළිගනිති. විශේෂයෙන් ම මහින්දාගමනයත් සමග ඇතිවූ ආගමික පුනරුදය කරණකොට ගෙන බිහිවූ විහාර හා ලෙන් පූජා "රැල්ල" සමගින් බිහිවූ විහාරයක් ලෙසින් මේ විහාරය හඳුන්වනු ලැබේ. දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ඉදිකරවන ලද විශාල වාරි කර්මාන්තයක් වූ තිසා වැවට දකුණින් පිහිටා ඇත. තිසා වැවත් රන්මසු උයනත් අතර භූමියෙහි පිහිටා ඇති මේ විහාරය, මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මූලාශ්‍රයන්හි එන "දක්�ණ මේඝගිරි" නම් විහාරයක් ලෙස හදුනාගනු ලැබිණි. මේ විහාරය පිහිටා ඇත්තේ රන්මසු උයනේ සීමාවේ හෙයින් මෙම විහාර භූමියද රන්මසු උයනටම නතුව තිබෙන්නට ඇත. අප "ඉසුරුමුණිය" යෑයි වරදවා හඳුන්වන "දක්�ණ මේඝගිරි විහාරය" ද දේවානම්පියතිස්‌ස සමයේ කරවනු ලැබූවකි. එසේම සැබෑ ඉසුරුමුණිය විහාරය නොහොත් "ඉස්‌සරමනා වෙහෙර", වෙස්‌සගිරිය වශයෙන් ද හඳුනාගෙන ඇත. එම වෙස්‌සගිරිය අනුරාධපුර කුරුණෑගල පාරේ තිසා වැවට නුදුරු බිමක පිහිටි අක්‌කර විස්‌සක පමණ වපසරියකින් යුත් බිමකි. මේ ගැටලුව විසඳීමට ඉතිහාසඥයන්ට හැකි වී ඇතත්, ඒ බව දැන දැනම වරදවා කතා කිරීමට අප හුරුවී ඇති නිසාම මින් මතු ද මේ දක්�ණ මේඝගිරි විහාරය, ඉසුරුමුණිය ලෙසම හැඳින්වෙනු ඇත.
වංශ කතා අනුව ඉසුරුමුණිය විහාරය පන්සියයක් භික්‍ෂුන් වහන්සේ උදෙසා වෙන්වී තිබී ඇත. විහාරය පර්වතයක් ආශ්‍රය කරගනිමින් නිර්මාණය කර ඇති අතර පරිවතය පාමුල පොකුණකි. මෙම විහාරයේ ඉතිහාසය ගවේෂණයේ දී ඉළනාග (ක්‍රි.ව. 35-44) රජුගේ පුත් චන්ද්‍රමුඛසීව (ක්‍රි.ව. 44 - 52) රජු විසින් "මණිකාරගාමයෙහි" ආදායම ද විහාරයේ නඩත්තුවට පූජා කොට ඇතැයි හෙළි වෙයි. වසභ රජුතුමා විසින් මෙම ඉසුරුමුණියට උපෝසථාඝරයක් ද, වෝහාරිකතිස්‌ස රජු විසින් විහාරය වටා පවුරක් ද බඳවා සඟසතු කොට ඇත. ඒ අනුව අප නිගමනය කරන පරිදි මෙම විහාරය ක්‍රි.ව. දෙවැනි ශත වර්ෂය තෙක්‌ම උපරිම රාජානුග්‍රහය ලබා ඇත. රසවාහිනියේ එන පරිදි දුටුගැමුණු පුත් සාලිය කුමරු මෙම විහාරයේ ශීලය සමාදන් වී ඇති අතර දුටුගැමුණු රාජානුග්‍රහයෙන් විහාරය විශාල කරවා ඇත. අටමස්‌ථාන පූජා භූමි අතරින් එකක් ලෙස ද බහුමානයට පත්ව ඇති මෙහි පැරැණි විහාර පර්වතයේ නැගෙනහිර කොටසේ, පර්වතය හෑරීමෙන් පසු කුඩාවට නිමවා ඇත. විහාරයේ ද්වාර උළුවස්‌ස හා මකර තොරණ ශෛලමය නිර්මාණ වන අතර මකර තොරණේ කැටයම් අනුව කිතු වසින් දසවන ශතවර්ෂයට අයත් බවට ඉතිහාසඥයෝ තහවුරු කර ඇත. ඉසුරුමුණි විහාරයේ වෝහාරිකතිස්‌ස (ක්‍රි.ව. 214-236) රජු කරවන ලදැයි සැලකිය හැකි පවුරේ තිබෙන්නට ඇතැයි සැලකෙන අගනා නිර්මාණ සම්බන්ධයෙන් වන නව ප්‍රස්‌තුතයක් මෙම පරිච්ඡේදයෙන් ප්‍රකට වෙයි.
නාලිනී ද ලැනරෝල් ගේ මතයට අනුව ඉසුරුමුණියේ සුප්‍රකට පෙම් යුවල හා රජ පවුල යන නිර්මාණ ද්වය කාශ්‍යප රජ සමයට අයත් යෑයි "දස රජ පුවත" නම් කෘතියෙහි දී දක්‌වා ඇත. බොහෝ විට ඉසුරුමුණිය කාශ්‍යප විසින් කරවූ බවට එන "වෙස්‌සගිරි" ලිපිය එම මතයට පාදක වෙන්නට ඇතැයි සිතිය හැකි නමුත් "බෝ උපුල්වන් කසුප්ගිරි රද්මහ වෙහෙර" යනුවෙන් කාශ්‍යප 1 විසින් කරවූයේ මේ ඉසුරුමුණිය නොවේ. වෙස්‌සගිරියේ ප්‍රතිසංස්‌කරණයකුයි.
"පස්‌වනුව මහ සෑ තන්හි සෑ බිම යහපත් ගල්ටැමැ මොනවට පිහිටුවීමද බුදුහු ශිව ධාතුව පිහිටුවීමද සවෙනිව ඉසුරුමුණි විහාරය පිsහිටුවීමද, සත්වනුව තිසා වැවද....." (මහාවංශය.)
ඉසුරුමුණිය සම්බන්ධව කතා කිරීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද ඉසුරුමුණි විහාර දෙකක් පවතින හෙයිනි. යම් තැන්වල වෙස්‌සගිරියට කරන ලද පූජා ද ඉසුරුමුණියට කරන ලද පූජා ලෙස හඳුනාගත හැකි වීම නිසා ඉතිහාසය වෙනස්‌වීමේ අවදානමක් ද පවතියි. ඉසුරුමුණිය ලෙසින් අප කතා කරන විහාරයේ ප්‍රසිද්ධිය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධක මෙසේ ඉදිරිපත් කළ හැක.
1. දිය කෙළින ඇත් රූප.
2. "පෙම් යුවල" කැටයම.
3. "සඳ කිඳුරු" කැටයම.
4. "රජවාසල දර්ශනය" කැටයම.
5. "අශ්ව හිස හා මිනිස් රුව" කැටයම.
මෙම නිර්මාණ පල්ලව හා ගුප්ත යන කලා සම්ප්‍රදායන්ට නෑකම් දක්‌වන ස්‌වභාවයක් ප්‍රකට කරන අතර බොහෝ විද්වතුන් මේ නිර්මාණ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සපයා ඇත. ඒ පිළිබඳ පූර්ණ අර්ථකථනයක් සිදු කිරීම තුළින් නව ප්‍රස්‌තුතයක් ඉදිරිපත් කිරීම අපගේ අපේක්‍ෂාවයි.
ඉසුරුමුණිය සම්බන්ධයෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන ප්‍රස්‌තුතය දියත් වන්නේ පෙම් යුවළ කැටයම අනුසාරයෙනි.
අඩි 3 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පුළුලින් ද, යුක්‌ත වන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්‍රාකාරයේ තිබියදී බව දැනගන්නට ඇත. කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 6 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්‍ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්‍රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්‍ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව් වලින් ගම්‍ය වේ. නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්‍රතාපවත් බවක් ප්‍රකට වන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසයද තේජාන්විත බවක් ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක් හා පළිහක් නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්‌තියකින් යුක්‌ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්‌ත්‍රී රූපය ස්‌ත්‍රී කෝමලත්වයෙන් යුක්‌තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත. වළලුකර දක්‌වා සළුවක් හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්‌ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ¹ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්‌ථාවක් නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්‌පර්ශ වන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රdව නිරූපිතය. මෙම ස්‌ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳව "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි.
1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්‌ත්‍රියට ආදරය කරන බව.
2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්‌ත්‍රිය නිසා ආඩම්බර වන බව.
3. ස්‌ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව.
4. ස්‌ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව.
5. ස්‌ත්‍රියගේ ඇස්‌වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව.
මෙම කලා නිර්මාණය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවී ඇත. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පරණවිතානයන් ඉදිරිපත් කරන ලද අදහස වන්නේ සාලිය - අශෝකමාලා නිරූපිත බවයි. සාලිය කුමරුට අශෝකමාලා මුණ ගැසී ඇත්තේ ද මේ අවට ප්‍රදේශයේ තිබුණු අශෝක උයනකදී ය. ඒ බව පිහිටට ගෙන පරණවිතාන මහතා ඉන් සාලිය හා අශෝකමාලා මුණගැසුණු අවස්‌ථාව බව ප්‍රකාශ කරයි. නමුත් සාලියට එම අවස්‌ථාවේ ආයුධ කුමක් පිණිස ද? මේ සම්බන්ධයෙන් පරණවිතාන මහතා අදහසක් සපයා නැත. එසේම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් මෙම නිර්මාණය මගින් යුද්ධයට ගොස් පැමිණි සෙබළෙකු සිය බිරිඳ අස්‌වසාලන ආකාරය ස්‌ඵුට කරතැZයි කියයි. නමුත් ස්‌ත්‍රියක් සනසමින් සිටින පුරුෂයෙකුගේ කැටයමක් විහාරයකට කුමකට ද? විහාරස්‌ථාන වල චාරිත්‍ර සම්බන්ධයෙන් ආදි සංස්‌කෘතික මතවාද සහිත මාර්ටින් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වා නැත.
මේ page එක නිකමට save කරලා තියාගන්නකො මන් කියනවට.. ඔයාගෙ දරුවෙක්ට හරි ඕනවේවි.. Bump එකක්වත් දාලා යන්න..
Rep දුන්නත් ඉතින් කමකනහී..

. ආ තවදෙයක් රෙප් 4කුත් දුන්නා