ඉසුරුමුණි විහාරය අසල ඇති පොකුණට ඉහලින් ඇති ගල් තලාව මත කැටයම් ගනනාවක් දක්නට ලැබෙනවා,ඒ අතර ඇත් රූප විශේෂයි.ගල් තලාව ඉහල කොටසේ තමයි මිනිස් හා අශ්ව හිස කියලා නම් කරලා තියෙන කැටයම තියෙන්නේ.ඔබත් පරම්පරා ගනනක් තිස්සේ දන්නේ ඒ නමින්,ඉතිහාසය තුලින් එසේ කිරිමෙන් සෑබෑ ලෙසටම කර තිබෙන්නේ ඉතිහාසය යටපත් කිරිමක්. ඉසුරුමුණිය භික්ෂූන් වහන්සේලාට පූජා කිරිමට පෙර මෙම ස්ථානය භාවිතා කරේ කවුරුන්ද යන්න සොයා බැලු විට ඔබට මහා රාවණා රජුගේ ඉතිහාසය පිලිබද ඔබට බොහෝ දේ සොයා ගත හැක.මෙහි සිටි ඉසුරුමත් මුණිවරයා කවුරුන්ද?අස්,රිය,පාබල සේනා වලින් සමන්විත විරාජමානව පැවතුණු,මහා කලු ගල්වලින් කැටයම් කල ඒ මහා තාක්ෂණය කාගේද?
ඉසුරුමුණිය කියන්නේ ලොව ඉසුරුමත්ම මුණිවරයා සිටි ස්ථානයයි.ඒ ඉසුරුමත් මුණිවරයා අන් කිසිවෙකු නොවේ,ඒ මහා රාවණා රජුගේ පියා වන විශ්ශ්රව මුණිවරයයි.එතුමාගේ රුව මිනිසා හා අශ්ව හිස කැටයම තුල අපට දකින්න පුලුවන්.
එතුමාගේ අශ්වමේද යාගය සිහිකරනු පිනිස නිවස්නය අභියස මෙම රූපය කැටයම් කල ආකාරය ඉතා අපුරුයි.විශ්රව මුණිවරයා ගේ තේජස් ස්වරුපය එතුමා හිද සිටින මුද්රවෙන්ම දැකගත හැකිය.මහා රාවණා රජුගේ තේජස සමග සිතන විට එතුමාගේ පියාගේ තේජස ඔබට සිතා ගැනිමට ඔබට සිතා ගැනිමට අපහසු වන එකක් නෑ.
මහා රාවණා රජුගේ නිවස පිහිටා තිබු ස්ථානය පසු කලෙක භික්ෂූන් වහන්සේලාට පුජා කරනු ලැබුයේ.එතැන් පටන් මේ ස්ථානය ඉසුරුමුණි විහාරය ලෙස හැදින් වුවා.ඉසුරුමුණිය මගින් වෙස්සගිරියටත් සිගිරියටත් (ආලකමන්දාව ) යා හැකි උමං පද්ධතියක් තියෙනනවා.ඒ විතරක් නෙමේ තිසා වැව හරහා ඉසුරුමුණියටත් රන්මසු උයනටත් දිවෙන ජල උමං පද්ධතියක් තියෙනවා..
යන්න ඉසුරුමුණි විහාරයට එහි තිබෙන පෞරාණිකත්වය බලන්න.ඉසුරුමුණි විහාරය කියන්නේ කාශ්‍යප බුදුන්ගේ පවා පාද ස්පර්ශය ලැබු පූජනීය ස්ථානයක්.
ඉසුරුමුණි විහාරය කියන්නේ කාශ්‍යප බුදුන්ගේ පවා පාද ස්පර්ශය ලැබු පූජනීය ස්ථානයක්,මේ ගිරි මුදුනත සිට බුද්ධ වන්දනාවද හෙලයින් විසින් කල බවයි පරම සත්‍ය,ඇතුලත ගල් බිත්ති මතින් සකස් කල භුගත මාලිගා සංකිර්ණයක්ද ඉසුරුමුණිය හා සම්බන්දයි.ඉදිරිපස පොකුණෙන් ප්‍රවිෂ්ට විය හැකි විශේෂ කාමර කිහිපයකුත් මහා රාවණා යුගයේදි ඉදිකොට තිබුනා.
එක් කලකදි පුලස්ති ඍෂිතුමා රන්මසු උයනේද,විශ්රව මුණිවරයා ඉසුරුමුණියේද,වෛශ්‍රවණ වෙස්සගිරියේද වාසය කලා.පිට සක්වල සබදතා ඉතා හොදින් ක්‍රියත්මක වුනු මුල් අවධිය හෙවත් මහා රාවණගේ කුමාර අවධියේදි විශාල ආධ්‍යාත්මික දියුණුවක් එහිදි සියලු හෙලයින්ගෙන් ප්‍රකට උනා.
වර්තමානයේදි වෙනත් රටවල ආධාර සහයෝගය සහිතව රට සංවර්ධනය කරන්නා සේ එදවස සක්වල මිතුරන්ගෙන් ආධාර ඇතිව මෙරට ඉදි කිරිම් සිද්ධ කරා,ඉසුරුමුණිය සූර්යය වන්දනාව සදහා භාවිත කල ප්‍රබල ස්ථානයක්.
මෙය සොයාගත් මුල් යුගයේදි ලබා ගත් ජායාරූප හොදට බැලුවොත් ඔබට එය පහසුවෙන් වැටහේවි.පසු කාලීනව සිදුකර තිබෙන යම් යම් ඉදිකිරීම් නිසා හා ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉසුරුමුණියේ සෑබෑ ස්වරූපය වෙනස් තිබෙන බව අද දැක ගන්න පුලුවන්.මීට වසර 5000කට පෙර මෙය තිබු ආකාරයත් එය අද තිබෙන ආකාරයත් අතිෂයින්ම වෙනස්.
ඉසුරුමුණියේ පාදලාංජය පිහිටුවා ඇති ආකාර 2ක් තිබෙනවා ඉන් බුදු ගෙයට වම් පසින් ඇති විශාල ගල් පර්වතය ඔබට දැකගත හැක,මම මේ කියන්නේ හරියටම ඉසුරුමුණිය චෛත්‍යය ඉදිකොට තිබෙන ගල් පර්වතයට ආසන්න උසම පර්වතය ගැනයි.ඔබ දන්නවද මෙම ගල් පර්වතය පාමුල විශාල ලෙනක් පිහිටා තිබෙන බව.ඒ ලෙන ආවරණය වන පරිදි සැතපෙන බුදුරුවක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකොට තිබෙනවා.
මෙම ස්ථානයේ ධ්‍යාන සුවයෙන් වැඩ සිටියේ විශ්රව මුණිවරයායි.පසුව මහ රහතන් වහන්සේලා පවා පාද ස්පර්ශය ලැබීමට පවා මෙම ස්ථානය පූජනීය උනා.
ඉසුරුමුණි විහාරය අවට තිබු සියලුම සාධක ඒ ඒ තැන් වලින් ගලවා ඉවත කොට ඉසුරුමුණි කෞතුකාගාරය තුල තිබීම ගැටලුවක් නෑ.නමුත් ගැටලුව තියෙන්නේ එවා නම් කර තිබෙන ආකාරය,මිනිසා හා අශ්ව හිස ලෙසින් අනෙක්වාත් නම් කොට තිබෙනවා.නමුත් මේ සියලුම කැටයම් වල සිටින්නේ මහා රාවණා පරපුරේ මිනිසුන් බවයි සත්‍ය,ඔවුන් පිලිබද විස්තර ඉතා ගැඹුරින් සොයා නොබැලුවහොත් අපට රාවණ ඉතිහාසය පිලිබද එක් පරිච්ඡේදයක් මග හැරෙනු ඇත.
මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඉසුරුමුණියේ ප්‍රෙමයෙන් වෙලි සිටින යුවල ඉසුරුමුණි පෙම් යුවල ලෙසයි නම් කර තිබෙන්නේ කව්ද මේ ඉසුරුමුණි පෙම් යුවල??
උපුටා ගැනිම සියත fm)
