ඉසුරු කොදෙව්වේ - ජගත් වික්‍රමසිංහ | Isuru kodewwe - Jagath Wickramasinghe
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...
යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...
ගායනය, සංගීතය - ජගත් වික්‍රමසිංහ
ගී පද - වසන්ත රෝහණ
http://geepadura.blogspot.com/2011/01/blog-post_310.html