ඉසුරු ගෙනෙන්නම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉසුරු ගෙනෙන්නම්


    ඉසුරු ගෙනෙන්නම් මැදුරු තනන්නට...
    ප්‍රිය ලදුනේ දුරු කතර ගෙවා..............
    දිගු කලකින් නොම දුටුවත් ඔය රූ....
    සේයාරුවකින් හද සනසා.............
    සිතට සහන් සුව ගෙනෙන ඔබේ හඩ...
    දුරකථනයකින් මට ඇසෙනා.........
    සදහට අපි අපගේ ලොව තනිවෙමු...
    ඒ සුභ දින ලගදිම එනවා............


    සුදු මුදු වත රැදි ...සිනා ගගුල් සිත..
    ආදර හැගුමන් පුබුදනවා..........
    නලල්තලේ වැටි රන්වන් කෙහෙරැලි...
    චංචල හැගුමන් ඉපිදෙනවා...............
    යහන්තලාවේ... සැතපී ඔබෙ රූ....
    ඡායා මනසින් විමසනවා............
    උදා ඉරක්සේ සැනෙකින් ඔය වත...
    මා මනසේ සිතුවම් වෙනවා............

    ඉසුරු ගෙනෙන්නම්......

    ගිනි කතරේ දැවෙනා සිත දුබලයි....
    නිතරම ඔය රුව සිහිවෙන්නේ...........
    මා සනසා සිත් සුවපත් කරනට....
    ඔය හඩ දුරකථනෙන් ඇසුනේ.....
    රෑ නොනිදා දෙනුවන් රතුවී ඇත...
    නමුදු සිතට සුව ගෙන දෙන්නේ.......
    රෑ නිමවී වැඩ මුරයට යන්නම්.........
    ආයේ හවසට අමතන්නේ.......

    ඉසුරු ගෙනෙන්නම්........

     
    • Like
    Reactions: mic and sarpaya

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nice ....:D
    Thanks aiye
    1.gif


    පට්ට:D
    Thanks machan :D

    patta bn :D
    So nice as always:yes:
    :D Thanks bn
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ka ganada ane me liyala thiyenne :rolleyes::rofl:
    aththatama hugaak lassanai liyala thiyenawa ...:yes::)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මචං සිරා තේරුමකුත් තියෙනවා. අද ගොඩක් මේ වගේ සිද්ධි තියෙනවා. ලස්සනට ලියලා තියෙනවා :)