ඊජිප්තුවේ ලාබාලතම පාලකයා වූ තූතන්කාමුන්
අකිනාටේන් ගේ බලාපොරොත්තුව සඵල කරමින් කියා විසින් පුතෙකු බිහිකල අතර ඉන් මහත් උද්දාමයට පත් ඔහු සිය පුත් කුමරා තූතන්කාටේන් ලෙසින් නමාභිෂේක කල අතර එහි තේරුම වූයේ 'ජීවමාන අටේන්' යන්න විය.ව්‍යාභිචාරී ලෙයින් (Incest) ජාතව උපන් නවපුත්රයා වයසින් වැඩෙත්ම විවිධ අසාමාන්‍ය ශාරීරික ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. උපතින්ම භින්න වූ තල්ලක් (cleft palate) සහ විශාල කෘන්තක දත් දෙකකින් යුත් මුවකින් හා විකෘතිව ඇදවී ගිය කොදුනාරටියකින් (scoliosis) හා අතිශය පැතලි පාද යුග්මයකින් යුක්ත වීම ඉන් කිහිපයක් පමණක් විය. කෙසේ උපන් මුත් ඒ අකිනාටේන් ගේ සහජාත පුත්‍රයා විය. එනිසා කුඩා කල සිට තූතන්කාටේන් අමර්ණාවේ මහාමාළිගය තුල සැපවත් ජීවිතයක් ගතකල අතර ඊට කණකොකා හඩමින් ඔහුට යන්තම් සත්වන විය සපිරෙන විටම වාගේ පියරජු අකිනාටේන් ජන්මාන්තර ගතවිය!
රාජ්‍යත්ව අනුප්‍රාප්තිය ගැටුම්කාරී උභතෝකෝටිකයක් විය. සියල්ල මැඩලමින් අකිනාටේන් ගේ බිසව් දියණිය වූ මෙරිටාටේන් ගේ අනෙක් සැමියා රාජ්‍යත්වය පැහැරගත් අතර ඔහුට වසරක වඩා රජකල නොහැකි වූ අතර ඉන් පසු අකිනාටේන් ගේ අගබිසව වූ නෙෆර්ටිටී රජකම ලබාගතී. ඇයද රජකමින් වසරක් ඇතුළත් අප්‍රකට මර්ණයක් වැළදගත්තේ ඔටුන්නේ නිශ්චිත එකම හිමිකරු තූතන්කාටේන් බවට පත්කරමිනි. එවිට ඔහු යන්තම් නවවන වියට පා තැබූ සෙල්ලමට බර කුඩා කොළුවෙකු පමණක් විය.
නව හැවිරිදි තූතන්කාටේන් රාජ්‍යත්ව ලබා ඔටුනු පැළදූ නමුදු ඔහුගේ රාජ අණ පිටිපස සිටියේ නැසීගිය නෙෆර්ටිටී බිසවගේ පියාණන් වූ අයී නම් පූජකයා සහ සෙන්පති හොරෙම්හෙබ් ගේ යෝධ සෙවණල්ල පමණකි.ඔවුනට අවශ්‍ය ඕනෑම ආකාරයකට හැසිරවීමට තරම් මාහා පාරාවෝ කුඩා වී සිටි අතර පුංචි තූතන් නාම මාත්‍රික වී තිබිණි. අකිනාටේන් යටතේ ඊජිප්තුවේ වෙනස් වූ සියල්ල නැවත් ආපස්සට හැරවූ අතර අමර්ණාව අත් හැර තිබීසය අගනුවර කොට අටේන් දේවත්වයෙන් පහකොට අමූන් දේවෝත්තමයා ලෙස නැවත ඔසවන ලදි. ඒ අනුවම යමින් තූතන්කාටේන් යන නාමයද තූතන්කාමුන් නමින් වෙනස් විය. දැන් තූතන් 'ජීවමාන අමූන්' මිස තවදුරටත් ජීවමාන අටේන් නොවේ! නමුත් එහි වෙනසක් මේ පුංචි කොළුවා දැන නොසිටි බව නම් ඒකාන්තය.
වසර කිහිපයක ඇවෑමෙන් තූතන්කාමුන් රජු සිය බිසව ලෙස තම පියා ගේ තුන්වන බිරිද මෙන්ම සිය සහෝදරියද වූ සුන්දර අන්කිසේනමූන් තෝරාගත් අතර ඔවුන් දෙදෙනාගේ ආදරයෙන් දියණියන් දෙදෙනෙකු පිළිසිද ගත් මුත් ඒවා විකෘති වූ මස් වැදලි මිස මිනිස් ශරීර නොවුණි. මියගිය කළල ලෙස උපත ලැබූ දියණියන් දෙදෙනා ගේ අත්දැකීමෙන් ඔත්පල වූ අක්කා සහ මලනුවන් දෙදෙනා තව දුරටත් දරුවන් නොසාදන්නෙමු'ය යන තීරණයට එළෙඹුනෝය. ඉන්පසු උන් ඉතා ආදරයෙන් කල් ගත කල අතර නව වසරක රාජ්යත්වයකින් පසු තූතන්කාමුන් පරිණතභාවයට පත් වෙමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරගනිමින් පාලන විෂයේ ලා මුහුකුරා යමින් සිටි අතර හදීසියේම අභාවප්‍රාප්ත විය. හදීසි චාම් අවමංගල්‍යය උත්සවයකින් පසුව රජෙකුට තරම් නොවූ කුඩා සොහොන් ගැබක, විශාල හීන දුටු සිරුරින් විරූපී මේ කුඩා පාරවෝ සදාකාලික නින්දෙහි සතපවන ලදි. පුතුන් නූපද්දා මියැදුනු තූතන්කාමුන්ගෙන් පසු මහා දහඅට වන රාජාවලිය එසේ අවසාන විය.
අයී නම් පූජකයා වහා රාජ්‍යත්වය පැහැරගෙන ඊට උරුමය ලෙස හිලව්වට අන්කිසේනමූන් කුමරිය සරණපාවගත් අතර පළමුව පියාටද දෙවනුව බාල සහෝදරයාට ද බිරිදව කල් ගෙවූ ඇයට අවසානයේ තම මව් පාර්ශවයේ සීයාටද බිරිද වන්නට සිදු විය. තූතන්කාමුන් නමින් ඔබට එක කදුලක් ඉනුවේ නම් අන්කිසේනමූන් නම් මේ අසරණිය නමින් ඔබ කදුළු ගංගාවක් හෙළිය යුතු යැයි මම සිතමි. කෙසේ නමුත් අයී නම් පූජකයාට වැඩිකල් ඔටුන්නේ සුව විදිය හැකි නොවූ අතර ඉන්පසු සෙන්පති හොරෙම්හෙබ් ගේ රාජ්‍ය විචාරය ඇරඹිණි. දහඅටවන රාජාවලිය හා බද්ධ වෛරයකින් පසු වූ ඔහු එහි සියළුම ස්මාරක, ගොඩනැගිලි, ලිපි ලේඛන විනාශ කර හැරි අතර අතර රාජ්‍ය දේපළ සියල්ලක්ම ස්වකීය පරිභෝජනයට පමණක් යොදාගති. මේ පාපී පාරාවෝ පුතුන් නොලබා මියගිය අතර ඔහු විසින් කිරුළ සිය පුරෝහිත වූ පැරමිසෙස් ට පවරා තිබිණි. පැරමිසෙස් ක්‍රි.පූ 1306 දී පළමුවන රැමිසෙස් ලෙසින් රජ වූ අතර එතැන් පටන් මහා 19 වන රාජාවලිය ඇරඹියේ ඊජිප්තුව වෙනස් මගකට හරවාලමිනි.
කාලය ගත වී ගිය අතර තූතන් ගේ පුංචි සොහොන් ගැබ කාටත් අමතක වී තිබිණි. කුඩා නිසා රජෙකුගේ යැයි කිසිදා නොසිතූ බැවින් සොහොන් ගැබ නිධන් හොරෙකු ගේ හෝ බැල්මට හසු නොවී කාලයේ වැලිතලාවෙන් මෙන්ම භෞතිකමය වැලි තලාවෙන්ද වැසී ගොස් මහපොළව හා සමව මිනිස් ඇසින් තුරන් විය.
වසර 3000ක් ගතවිය!
ඒ 1922 වසරයි. සිසිරයේ සීතලින් ගිනි ගහන වැල්ලේ ගිණියම තරමක් නිවීගොස් තිබූ අතර ඝණ උඩු රැවුලකින් සැරසුනු ඉංග්‍රීසි මහතෙකු ස්වදේශිකයින් රොත්තක්ද සමගින් ලහි ලහියේ කැනීම් හී නිරත වෙමින් සිටිනු දැකීම මාස කිහිපයක පටන් එහි විසූ කිසිවෙකුට සුලභ දසුනක් ව තිබිණි. ඔහු ස්ථිර අධිෂ්ඨානයකින් සිටි අතර ගම්බද වැසියන් දැක් වූ විරෝධය ඔහු අල්පමාත්රව හෝ නොසලකමින් රජුන්ගේ මිටියාවතේ කාටත් අමතකව ගිය සොහොනක් සොයමින් සිටියේ එය සොයාගෙන මිස කතරින් එතෙර නොවෙමියි යන ස්ථිර අදිටණින් ඔහුගේ දෙනෙත් තීව්ර වී තිබිණි.
නොවැම්බරයේ එක් දිනෙක බඹ කිහිපයක් ගැඹුරේ වුන් ඔවුන්ගේ සිහිනය සැබෑ කරමින් සොහොනක ද්වාරයක් මතුවිය. එය සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කොට ගත් විට ඒ ඉහළින් රූපාක්ෂර වගන්තියක් දැක ගත් හැකි විය. එහි පැහැදිලිවම මෙසේ ලියා තිබිණි.
"තූතන්කාමුන් රජුගේ නින්දට බාධා කරන කිසිවෙකුට මරණයෙන් මෙහා වූ ඉරණමක් නැත!"
සියල්ලන් බියෙන් සලිතව පසු බා ගිය අතර සියක් වූ විරෝධතාවයන් මැද හොවාර්ඩ් කාටර් නම් ඉංග්‍රීසී ජාතිකයා ගල්කටුව අතටගෙන ඒ දෙසට ඇදෙනු පෙනිණි.
(ඉන් පසු සිදු වූ සියල්ල සහ හමු වූ වස්තුසම්භාරයේ විස්තරය මෙන්ම තූතන්කාමුන් ගේ ශාපයේ කතාන්දරය හෙට දින මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න)
ඉස්සුවේ.. https://www.facebook.com/permalink....049126328&id=1907377706044331&hc_location=ufi
වසර 3357ක් ඉපැරණි, ඊජිප්තුවේ ටයී නම් රාජිණියගේ මමීකෘත උඩුකය
ඒ ගෙවී යමින් තිබුනේ ඊජිප්තුවේ සශ්රීකතමය යුගය යි. නව්‍ය රාජධානිය ඇරඹීමෙන් පසු ගෙවීයන දහඅට වන රාජාවලියේ නවවන මහා පාරාවෝ වූ අකිනාටේන් රාජ්‍යත්වය දරමින් මුළු ඊජිප්තු ඉතිහාසයම උඩු යටිකුරු කරමින් සිටි අතර පැරණි අගනුවර වූ තීබ්ස් ය අත් හැර දමා අමර්ණාව අගනුවර කරගනිමින් ඊජිප්තුවේ ප්‍රධාන දෙවියානන් වූ අමූන් බලයෙන් පහකොට ඒ වෙනුවට අටේන් දෙවියන් මහා දේවෝත්තමයා ලෙස ඔසවා තබා විප්ලවීය පාලනයක් ගෙනයමින් තිබිණි. අකිනාටේන් යන නමෙහි තේරුම පවා 'අටේන් ගේ සේවකයා' යන්න විය. එලෙස අටේන් දෙවියන්ට අතිශ්යින් භක්තිමත් වූ අකිනාටේන් වෙනස් චින්තන ධාරාවක් දැරූ බුද්ධිමත් රජෙකු විය. නෙෆර්ටිටී නම් රූමත් කුමරිය හා වූ සරණබන්ධනයෙන් දියණියන් හය දෙනෙක් පමණක් ලැබීම හෙතුකොටගෙන මනස්තාපයට පත් අකිනාටේන් පුතෙකු ලැබීමේ අටියෙන් සිය සොයුරිය වූ කියා විවාහ කරගත් අතර ඉන් පසු කලෙක සිය ලෙයින් ජාතක ව අගබිසව වැදූ දියණියන් දෙදෙනෙකු වූ මෙරිටාටේන් සහ අන්කිසේනමූන් විවාහ කරගත් හේතුව අපැහැදිලිය.අකිනාටේන් ගේ බලාපොරොත්තුව සඵල කරමින් කියා විසින් පුතෙකු බිහිකල අතර ඉන් මහත් උද්දාමයට පත් ඔහු සිය පුත් කුමරා තූතන්කාටේන් ලෙසින් නමාභිෂේක කල අතර එහි තේරුම වූයේ 'ජීවමාන අටේන්' යන්න විය.ව්‍යාභිචාරී ලෙයින් (Incest) ජාතව උපන් නවපුත්රයා වයසින් වැඩෙත්ම විවිධ අසාමාන්‍ය ශාරීරික ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. උපතින්ම භින්න වූ තල්ලක් (cleft palate) සහ විශාල කෘන්තක දත් දෙකකින් යුත් මුවකින් හා විකෘතිව ඇදවී ගිය කොදුනාරටියකින් (scoliosis) හා අතිශය පැතලි පාද යුග්මයකින් යුක්ත වීම ඉන් කිහිපයක් පමණක් විය. කෙසේ උපන් මුත් ඒ අකිනාටේන් ගේ සහජාත පුත්‍රයා විය. එනිසා කුඩා කල සිට තූතන්කාටේන් අමර්ණාවේ මහාමාළිගය තුල සැපවත් ජීවිතයක් ගතකල අතර ඊට කණකොකා හඩමින් ඔහුට යන්තම් සත්වන විය සපිරෙන විටම වාගේ පියරජු අකිනාටේන් ජන්මාන්තර ගතවිය!
රාජ්‍යත්ව අනුප්‍රාප්තිය ගැටුම්කාරී උභතෝකෝටිකයක් විය. සියල්ල මැඩලමින් අකිනාටේන් ගේ බිසව් දියණිය වූ මෙරිටාටේන් ගේ අනෙක් සැමියා රාජ්‍යත්වය පැහැරගත් අතර ඔහුට වසරක වඩා රජකල නොහැකි වූ අතර ඉන් පසු අකිනාටේන් ගේ අගබිසව වූ නෙෆර්ටිටී රජකම ලබාගතී. ඇයද රජකමින් වසරක් ඇතුළත් අප්‍රකට මර්ණයක් වැළදගත්තේ ඔටුන්නේ නිශ්චිත එකම හිමිකරු තූතන්කාටේන් බවට පත්කරමිනි. එවිට ඔහු යන්තම් නවවන වියට පා තැබූ සෙල්ලමට බර කුඩා කොළුවෙකු පමණක් විය.
නව හැවිරිදි තූතන්කාටේන් රාජ්‍යත්ව ලබා ඔටුනු පැළදූ නමුදු ඔහුගේ රාජ අණ පිටිපස සිටියේ නැසීගිය නෙෆර්ටිටී බිසවගේ පියාණන් වූ අයී නම් පූජකයා සහ සෙන්පති හොරෙම්හෙබ් ගේ යෝධ සෙවණල්ල පමණකි.ඔවුනට අවශ්‍ය ඕනෑම ආකාරයකට හැසිරවීමට තරම් මාහා පාරාවෝ කුඩා වී සිටි අතර පුංචි තූතන් නාම මාත්‍රික වී තිබිණි. අකිනාටේන් යටතේ ඊජිප්තුවේ වෙනස් වූ සියල්ල නැවත් ආපස්සට හැරවූ අතර අමර්ණාව අත් හැර තිබීසය අගනුවර කොට අටේන් දේවත්වයෙන් පහකොට අමූන් දේවෝත්තමයා ලෙස නැවත ඔසවන ලදි. ඒ අනුවම යමින් තූතන්කාටේන් යන නාමයද තූතන්කාමුන් නමින් වෙනස් විය. දැන් තූතන් 'ජීවමාන අමූන්' මිස තවදුරටත් ජීවමාන අටේන් නොවේ! නමුත් එහි වෙනසක් මේ පුංචි කොළුවා දැන නොසිටි බව නම් ඒකාන්තය.
වසර කිහිපයක ඇවෑමෙන් තූතන්කාමුන් රජු සිය බිසව ලෙස තම පියා ගේ තුන්වන බිරිද මෙන්ම සිය සහෝදරියද වූ සුන්දර අන්කිසේනමූන් තෝරාගත් අතර ඔවුන් දෙදෙනාගේ ආදරයෙන් දියණියන් දෙදෙනෙකු පිළිසිද ගත් මුත් ඒවා විකෘති වූ මස් වැදලි මිස මිනිස් ශරීර නොවුණි. මියගිය කළල ලෙස උපත ලැබූ දියණියන් දෙදෙනා ගේ අත්දැකීමෙන් ඔත්පල වූ අක්කා සහ මලනුවන් දෙදෙනා තව දුරටත් දරුවන් නොසාදන්නෙමු'ය යන තීරණයට එළෙඹුනෝය. ඉන්පසු උන් ඉතා ආදරයෙන් කල් ගත කල අතර නව වසරක රාජ්යත්වයකින් පසු තූතන්කාමුන් පරිණතභාවයට පත් වෙමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරගනිමින් පාලන විෂයේ ලා මුහුකුරා යමින් සිටි අතර හදීසියේම අභාවප්‍රාප්ත විය. හදීසි චාම් අවමංගල්‍යය උත්සවයකින් පසුව රජෙකුට තරම් නොවූ කුඩා සොහොන් ගැබක, විශාල හීන දුටු සිරුරින් විරූපී මේ කුඩා පාරවෝ සදාකාලික නින්දෙහි සතපවන ලදි. පුතුන් නූපද්දා මියැදුනු තූතන්කාමුන්ගෙන් පසු මහා දහඅට වන රාජාවලිය එසේ අවසාන විය.
අයී නම් පූජකයා වහා රාජ්‍යත්වය පැහැරගෙන ඊට උරුමය ලෙස හිලව්වට අන්කිසේනමූන් කුමරිය සරණපාවගත් අතර පළමුව පියාටද දෙවනුව බාල සහෝදරයාට ද බිරිදව කල් ගෙවූ ඇයට අවසානයේ තම මව් පාර්ශවයේ සීයාටද බිරිද වන්නට සිදු විය. තූතන්කාමුන් නමින් ඔබට එක කදුලක් ඉනුවේ නම් අන්කිසේනමූන් නම් මේ අසරණිය නමින් ඔබ කදුළු ගංගාවක් හෙළිය යුතු යැයි මම සිතමි. කෙසේ නමුත් අයී නම් පූජකයාට වැඩිකල් ඔටුන්නේ සුව විදිය හැකි නොවූ අතර ඉන්පසු සෙන්පති හොරෙම්හෙබ් ගේ රාජ්‍ය විචාරය ඇරඹිණි. දහඅටවන රාජාවලිය හා බද්ධ වෛරයකින් පසු වූ ඔහු එහි සියළුම ස්මාරක, ගොඩනැගිලි, ලිපි ලේඛන විනාශ කර හැරි අතර අතර රාජ්‍ය දේපළ සියල්ලක්ම ස්වකීය පරිභෝජනයට පමණක් යොදාගති. මේ පාපී පාරාවෝ පුතුන් නොලබා මියගිය අතර ඔහු විසින් කිරුළ සිය පුරෝහිත වූ පැරමිසෙස් ට පවරා තිබිණි. පැරමිසෙස් ක්‍රි.පූ 1306 දී පළමුවන රැමිසෙස් ලෙසින් රජ වූ අතර එතැන් පටන් මහා 19 වන රාජාවලිය ඇරඹියේ ඊජිප්තුව වෙනස් මගකට හරවාලමිනි.
කාලය ගත වී ගිය අතර තූතන් ගේ පුංචි සොහොන් ගැබ කාටත් අමතක වී තිබිණි. කුඩා නිසා රජෙකුගේ යැයි කිසිදා නොසිතූ බැවින් සොහොන් ගැබ නිධන් හොරෙකු ගේ හෝ බැල්මට හසු නොවී කාලයේ වැලිතලාවෙන් මෙන්ම භෞතිකමය වැලි තලාවෙන්ද වැසී ගොස් මහපොළව හා සමව මිනිස් ඇසින් තුරන් විය.
වසර 3000ක් ගතවිය!
ඒ 1922 වසරයි. සිසිරයේ සීතලින් ගිනි ගහන වැල්ලේ ගිණියම තරමක් නිවීගොස් තිබූ අතර ඝණ උඩු රැවුලකින් සැරසුනු ඉංග්‍රීසි මහතෙකු ස්වදේශිකයින් රොත්තක්ද සමගින් ලහි ලහියේ කැනීම් හී නිරත වෙමින් සිටිනු දැකීම මාස කිහිපයක පටන් එහි විසූ කිසිවෙකුට සුලභ දසුනක් ව තිබිණි. ඔහු ස්ථිර අධිෂ්ඨානයකින් සිටි අතර ගම්බද වැසියන් දැක් වූ විරෝධය ඔහු අල්පමාත්රව හෝ නොසලකමින් රජුන්ගේ මිටියාවතේ කාටත් අමතකව ගිය සොහොනක් සොයමින් සිටියේ එය සොයාගෙන මිස කතරින් එතෙර නොවෙමියි යන ස්ථිර අදිටණින් ඔහුගේ දෙනෙත් තීව්ර වී තිබිණි.
නොවැම්බරයේ එක් දිනෙක බඹ කිහිපයක් ගැඹුරේ වුන් ඔවුන්ගේ සිහිනය සැබෑ කරමින් සොහොනක ද්වාරයක් මතුවිය. එය සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කොට ගත් විට ඒ ඉහළින් රූපාක්ෂර වගන්තියක් දැක ගත් හැකි විය. එහි පැහැදිලිවම මෙසේ ලියා තිබිණි.
"තූතන්කාමුන් රජුගේ නින්දට බාධා කරන කිසිවෙකුට මරණයෙන් මෙහා වූ ඉරණමක් නැත!"
සියල්ලන් බියෙන් සලිතව පසු බා ගිය අතර සියක් වූ විරෝධතාවයන් මැද හොවාර්ඩ් කාටර් නම් ඉංග්‍රීසී ජාතිකයා ගල්කටුව අතටගෙන ඒ දෙසට ඇදෙනු පෙනිණි.
(ඉන් පසු සිදු වූ සියල්ල සහ හමු වූ වස්තුසම්භාරයේ විස්තරය මෙන්ම තූතන්කාමුන් ගේ ශාපයේ කතාන්දරය හෙට දින මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න)
ඉස්සුවේ.. https://www.facebook.com/permalink....049126328&id=1907377706044331&hc_location=ufi
Last edited:

අපි මොකුත් දන්නේ නෑ නෙ. 