ඊට පස්සේ ආවා ඉංජනේරුවෝ.....😩😩😩

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    no-confused-kid.gif
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මචන් බර වාහන ගියත් දැන් තියෙන පාරවල් ඉක්මනට කැඩෙන්නේ අපේ උන්ගේ හොරා කෑම නිසයි
    පාරවල් වල කොලිටි බලන්න ඉන්න උන් කියන කතා ඇහුවම ඔහොමවත් තියෙන එක ලොකු දෙයක්
    පුදුම හොරා කෑමක් කන්නේ සක්කිලි
    ඔය පරණ රජකාලේ හදපු පාරවල් මේ වට අදාළ නැහැ
    මොනා උනත් පරණ නිර්මාන එක්ක දැන් ඉන්න ඉංජනේරුවරුන්ට හැප්පෙන්න බෑ.දැන් හදන පාරවල් කල් පවතින්නේ නෑ.. ඉස්සර මිනිස්සු හදපු පාරවල් තමයි කොලිටි.. වලවල් පිරිච්ච තාර පාරකට වඩා වැලි පාරක් සැපයි කියලා දන්නො දනිති.. :yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අපේ තාත්තගෙ ගම් පැතිවල මීට අවුරුදු කීපෙකට කලින් බිටුමින් කරා...ප්‍රොජෙක්ට් මැනේජර් ගමේම කෙල්ලෙක් පේරාදෙනියෙ සිවිල් ගියපු.
    ඔව් ඉතින් එහෙම නොවිනොත් ඌට රෙද්දක් ඇඳන් ගමේ ඉන්ඩ බරි වෙනවනේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    මොනා උනත් පරණ නිර්මාන එක්ක දැන් ඉන්න ඉංජනේරුවරුන්ට හැප්පෙන්න බෑ.දැන් හදන පාරවල් කල් පවතින්නේ නෑ.. ඉස්සර මිනිස්සු හදපු පාරවල් තමයි කොලිටි.. වලවල් පිරිච්ච තාර පාරකට වඩා වැලි පාරක් සැපයි කියලා දන්නො දනිති.. :yes:
    එහෙම එකක් නෑ බං. උඹලා රට පටලන් ඉන්නේ. ඉස්සර පාරවල් හැදුවට ටොන් ගණන් ලොකු වාහන ගියේ නෑ. ගියා නම් බලන්න තිබ්බා රඟේ. දැන් පාරවල් සවුත්තු වෙන්නේ නම් හරියට ඒවාගේ වැඩ කෙරවෙන්නේ නැති නිසා (ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් වල) ලොකුම දේ පොලිටික්කන්ගේ හොරා කෑම. කොන්ත්‍රාත් ගන්න එකා මන්ත්‍රී/ඇමති, උගේ ලේකම්, ඊට පස්සේ ගමේ සමිතියේ උන්, TO, සභාවේ චෙක් ලියන එකාට සල්ලි වලින් කොටස් කොටස් දීලා (මේවා මේ අත්දැකිමෙන් දැනගත්තුවා හොඳේ) ඉතුරු ටිකෙන් පාර හදද්දි ඔහොම තමයි හැදෙන්නේ. එතකොට ඉතින් Sub Base Course, Base Course වගේ දේවල් හරියට ලෙවල් නෑ, කම්පෑක්ෂන් නෑ. ලැබ් එකට කීයක් හරි දීලා ටෙස්ට් එක පාස් කරගන්නවා. කම්පෑක්ශන් හරියට නැති වුනාම කාලයක් යද්දි වතුර එක්ක පස් එහෙ මෙහෙ වෙලා ලොකු බරවාහන එහාට මෙහාට යද්දි බ්‍රේක් ගහද්දි පාර රැලි වැටෙනවා. කැඩෙනවා. ලෙවල් නැති වුනාම වේට් ඩිස්ට්‍රිබියුශන් වතුර බහින ඒවා අක්‍රමවත් නිසා පාරේ ආයුකාලය සෑහෙන්න අඩු වෙනවා. වෙලවල් උඩින් යන කෑලි වලට Geo Textlile එලන්නේ නෑ. ඉතින් බලන් ඉද්දි ගැලවිලා යනව පාර. මම මේ බොහොම සරලව කිව්වේ මීට වඩා කන්සිඩර් කරන්න ගොඩක් කාරණා තියෙනවා කාලගුනේ, ජියෝග්‍රැපි, උෂ්ණත්ව පරාස වගේ දේවල්.

    හරියට කම්පෑක්ශන් තිබිලා කැරියේජ්වේ එක හරි අමවුන්ට් වලින්, හරි ටෙම්ප්‍රෙචර් වලින් ඇස්පෝල්ට් එක එහෙම ගහනවා නම් ඔය පාරක් සාමාන්‍යෙන් අවුරුදු 20-25 අවුලක්ම නෑ සැරින් සැරේ මේන්ටේන් කරලා කරොත්. දැන් කියන්න එපා හොඳටම කරලාත් අවුරුදු 25ද තියන්න පුලුවන් අපේ මුතුන් මිත්තෝ අවුරුදු 100 ගණන් පවතින ඒවා හදපු කතා :growl::growl:. ඒවා එහෙම පැවතුනේ බර වාහන නොගිය නිසයි. බර වාහන යනවා නම් සක්කරයවටත් පාරවල් සවුත්තු වෙන එක නවත්තන්න බෑ. :rofl::rofl:
     
    • Like
    Reactions: windows_ubuntu