ඊයේ අවසන් ගමන් ගිය සැලිනෝනා වීරවංශ මෑණිය&#3505

wimal88

Member
Jul 4, 2010
14
2
0
A Letter to Wimal Weerawans's Mother

Quoted from the Taboo Subjects Blog

සැලිනෝනා වීරවංශ මැණියෙනි,

ඇකයෙහි හොවා පුතකුට කිරි දීමෙන් මවක ලබන අපරිමේය සතුට දෙවැනි වන්නේ නම් ඒ එම පුතණුවන්ගේ නැණ ගුණ වියතුන්ගෙන් ඇසීමෙන් පමණකැයි තිරුක්කුරල් නම් පුරාණ සාහිත්‍ය ග්‍රන්ථය කළැයි කියන තිරුවාලූර් නම් දෙමළ පඬිවරයාගේ අදහසය. ඔබ එබඳු භාග්‍යවන්ත මාතාවක නොවීම ගැන අපි උදක් කණගාටු වෙමු. ඔබේ ප්‍රකට පුත්‍රයා ගැන ඔබට එතෙක් මෙතෙක් අවසන් හුස්ම හෙළන තුරුම ඇසෙන්නට ඇත්තේ ඔහුගේ නැණ මඬල පෙළහර හා යහගුණ වෙනුවට “ඕකා මළා නං හොඳයි” වැනි කර්ණ කඨෝර වූ, අවමන් සහගත කියමන් වීම මොන තරම් අවාසනාවක්ද? අනේ,මගෙ පුතා ඇමතිකෙනකු වුනා නේද කියා සතුටක් ලැබීමටවත් ඔබ අවස්ථාවක් නොලැබුවා නේද?
ඔබේ පුතණ්ඩියා ගැන අද කෙනකු සඳහන් කළේ “කඩේ යන්න ගිහින් අම්මවත් මරාගත්තු එකා” යනුවෙනි. මෙහි සත්‍යයක් ඇතිය අපි නොසිතමු. එහෙත් එය ඔබේ පුත්‍රයා ගැන දෙනු ලැබූ අපූර්ව චරිත සහතිකයකි. ඔබගේ මරණය හා ඔහුගේ උපවාසය අතර සම්බන්ධයක් ඇතා හෝ නැතුවා, ඔබ ගිලන්ව ඔත්පොළව ඉන්නා බව දැනදැනම ඒ තඹ සතයකට මායිම් නොකොට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට ඔහු උත්සුක වූ බවද. අවසාන දින තුන තුළ මොහොතකට හෝ ඔහු ඔබ දකින්නට නොපැමිණි බවද දැන් රටම දන්නා සත්‍යයකි.

මෑණියෙනි, පුතකුගේ වනචර ක්‍රියා කලාපය පිළිබඳව වැදූ මවුන්ට දොස් පැවරිය යුතු නැතැයි අප සමාජයේ කොටසකගේ කියැවීමය. හැදුණු දෙමාපියන්ට දාව අපමණ නොහැදුණු දූ පුතුන් බිහිව ඇති බැව් උහු කියති. එහෙත් ඔව්හුම අනෙක් අතට දරුවකු වැදීම පමණක් නොව ඒ දරුවා උස් මහත් කොට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ නරක කියා දී සමාජයේ වැදගත් පුරවැසියකු කිරීමද දෙමාපියන්ගේ යුතුකමකැයි කල්පනා කරති. ගෞතමයන්ද එය පරාභව සුත්‍රයෙහි දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු පස් වැදෑරුම් යුතුකම් අතර අවධාරණයෙන් සඳහන් කර ඇති බැව් තවමත් ඉරුදින දහම් පාසල් වල ඉගැන්වෙන්නේය. එනයින් කිසිදිනෙක දහම් පාසලෙක පස් පාගා නැති සේ හැසිරෙන හැකි ඔබේ පුත්‍රයාගේ අමන, අසෝබන, ජඩ ක්‍රියා කලාපය ගැන සමාජය ඔබට දොස් පැවරීමේ වරදක් වෙතැයි ගිණිය නොහැකිය.
මෑණියෙනි, ඔබේ කුටුම්භයද අයත් වූයේ වේලුපිල්ලෙයි පිරබාහරන්ගේ, රෝහණ විජේවීරගේ සේම හීන යැයි සම්මත කුලයකට බැව් අපි අසා ඇත්තෙමු. ජන්මයෙන් වසලයකු නොවන බැව් මුණි වදන වුව අපේ නොමේරූ ප්‍රාථමික සමාජයේ වැඩි දෙනකු තවමත් හැසිරෙන්නේ ඒ නොදන්නවුන් හෝ අමතකකළවුන් සේය. එබඳු පරිසරයක හැදී වැඩීමේදී ජනිත වන පීඩනය බාහිර සමාජයට දැඩි ලෙස වෛර කිරීමට කුඩා දරුවකු නිතැතින්ම පොළඹවන සුළුය. කුල පීඩනය අප පිළිකුළෙන් යුතුව බැහැර කරන්නේ යම්සේද, එබඳු සමාජ විරෝධී ප්‍රති-කුල-පීඩනාවේගයන්ද එසේම දුරු කොට යුතුය. එසේ නැතොත් අප රටක් හැටියට සමාජයක් හැටියට ඉදිරියට ගමන් කිරීම සිහිනයක් පමණක් වනු ඇත්තේය. මේ වෛරී සිතිවිලි තම දුවා දරුවන්ගේ මනසින් බැහැර කරලීම දෙමාපියන්ගේ යුතුකමය. සමාජය විසින් කවර පීඩනයක් ඔවුන් වෙත එල්ල කරනු ලැබුවද. ඒ අළුයම ලූ කෙළ පිඬක් සේ නොසලකා ඉදිරිය කරා ගමන්කරනායුරු ඔවුන්ට ඉගැන්විය යුත්තේය. පැටි වියෙහිදී එවන් සිතිවිලි ඔවුන්ගේ සිත් තුළින් ඉවත් නොකළේ නම් ඔවුන් වැඩිහිටියන් බවට පත්ව සමාජයට දැඩි ලෙස හානිකර චරිත බවට පත්වනු නොවැලැක්විය හැක්කේය. කණගාටුවෙන් වුව සඳහන් කළ යුතුම වන්නේ ඔබේ පුත්‍රයා තුළින් මෙතෙක් අප දුටුවේ එබඳු සමාජ ද්‍රෝහී චරිතයක් බවය.
මෑණියෙනි, ඔබේ සිත් රිදුණේ නම් කමන්න. එහෙත් ඇත්ත කිව යුතු තැන කිව යුතුය.







සැලිනෝනා වීරවංශ මැණියෙනි,


ඉහත සලරුවෙහි ඔබේ පුත්‍රයාගේ වසල ක්‍රියා දෙස බලන්න. නීතිය හා සාමය රකින්නට වෙහෙසෙන පොලිස් නිලදරුවන්ගේ රාජකාරියට ඔහු බාධා කරන හැටි බලන්න. තම ඇමැති පදවියෙහි ඌෂ්ණය දක්වමින් පොලිස් කොස්තාපල්වරුනට ඔහු තර්ජනය කරන අයුරුද බැළයන් ලවා තර්ජනය කරවන අයුරුද පිරික්සන්න. මෙබඳු සලරූ දැක්මෙන් වත්මන් පාසල් දරුවන් කවර නම් ආදර්ශ ලබා ගනු ඇත්දැයි සිතන්න. මේ පාදඩ, අධම, ජඩ හැසීරීම ගැන වගකීමෙන් ගැලැවෙන්නට ඔබට හැකියාවක් තිබේද? මේ අසෝබන, වසල හැසිරීම මවක හැටියට ඔබ නිසි කල ඔබේ සමාජ යුතුකම් ඉටු නොකිරීමේ ප්‍රතිඵලය නොවේයැයි ඔබට කිව හැක්කෙහිද?

මෑණියෙනි, ඔබේ ආදරණීය පුත්‍රයා උත්තරීතර මාතෘත්වයට පවා නිගා කළ එක් නිදර්ශනයක් පමණක් මෙහි දක්වන්නට අවසර දෙන්න.
ඔබේ පුත්‍රයාගේ අදියුරුවෙන්, ඔහුගේ බැළයන් විසින් පසුගියදා කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වටකොට එහි සේවය කළ සියළු සේවකයින්ට ඉන් පිටවීම තහනම් කරන ලද්දේය. එම කාර්යාලය වටළා එහි සේවකයින් ප්‍රාණ ඇපකරුවන් සේ ගනිමියි ආණ්ඩුවේ ප්‍රබල හා ජ්‍යෙෂ්ට අමාත්‍යවරයකු සේ ඔහු දින කිහිපයකට මත්තෙන් කළ තර්ජනයම මේ අහිංසකයින් කොයි තරම් භීතියකට පත්වීද සිතා ගැනීමට ප්‍රමණවත්ය. ඔවුන’තර වූ එක් ගැබිණි කාන්තාවක ඔබේ පුත්‍රයාගේ බැළයන්ට ආයාචනා කොට ඇත්තේ තමන්ට ඉවතට යන්නට ඉඩ දෙන ලෙසය. රාවය කියන හැටියට ඊට ඔබේ ආදරණීය පුත්‍රයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ “එහෙම යන්න දුන්නොත් කී දෙනෙක් යයිද?” කියාය. මෑණියෙනි, ජාතිය බේරා ගැනීම ගැන පොර ටෝක් දෙන මොහු එම ජාතියේම නූපන් දරුවකු ගැන දැක්වූ කැක්කුම මෙයින් ගම්‍ය නොවන්නේද?

සැලිනෝනා වීරවංශ මැණියෙනි,

මේ ඔබ ඔබේ පුතණුවන්ට මනුස්සකම කියා දුන් අයුරුද? ඔහු මෙවැනි තිරිසනකු වුයේ ඔබේ වරදින්ද නොවේ යැයි ඔබට කිව හැක්කේද?
මෑණියෙනි, මේ අමන පුත්‍රයාට අමතරව ඔබ තව දුපුතුන්ද රටට බිහි කළේයැයි ඇසීමු. ඔවුනටවත් ඔබ හොඳ නරක කියා දී රටට සමාජයට වැඩදායක පුරවැසියන් බවට පත් කිරීමෙන් ඔබේ රටට ඇති ණය පියැවීය සිතමු.
සැලිනෝනා වීරවංශ මැණියෙනි,
අපි භෞතිකවාදීන් ලෙස පුනර්භවය හෝ නිර්වාණය නොඅදහමු. එහෙත් ඔබේ ප්‍රාර්ථනය එය නම්, මතු භවයන්හීදීවත් ගුණ නැණ බෙලෙන් යුතු එක් පුතකු හෝ බිහි කිරීමට වාසනාවන්ත වී සංසාර කෙළවර ශාන්ත වූ අමාමහ නිර්වාණය ඔබට අත් වේවාය පතමු.
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    machang political science class giya ewun dannawa athi 3:02 adala balapan .. me inn a pora hemapriya kavirathne neda? e wage "obatumata kisimaai tiyak naa katawath gahanna" kiyanne
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Onna okay thathwe......... adambara kara rajapaksha paramparawa.......................
    redihodana Weerawanshayo................................. hiks.............
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    උබේ අම්ම මැරුණු දවසටත් නම විතරක් වෙනස් කරලා මේ පොස්ට් එක අපහු දාන්න පුළුවන්
    මැරිච්ච මිනිසුන්ට ගරහන්නේ නෙතිව ඉදපන්.
    බැන්කියට මොනොව හරි කරන කොට මේවගේ ඉන්නේ උගේ වරිගේ උන්ට ඉවසන් ඉන්න බෑ
     
    • Like
    Reactions: rajitha_ks

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    Agree with you machan. This mother is not responsible for his bloody foolish son. But truth is bitter everybody should understand that. What we can do is just wish this unlucky mother to Rest In Peace...
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    34913_1309306098998_1420975454_30704484_3852720_n.jpg
     

    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මචන් විමල් මොන දේ කලත්,මෙරිච්ච අම්ම ඒවාට පාලි නැනේ බන්.
    I dont like this post.seriously,but i hate Vimal.
     
    Last edited: