ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ - සීදුවේ බෝඩිමකින් 42ක්😥

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බොහෝවිට කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ජීවත් වන නිවෙස් අසල සිටින පුද්ගලයින් නිරෝධායනයට රැගෙන ගොස් නැති බවට පැමිණිලි ලැබී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මොවුන් රැගෙන යාමට යම්කිසි සුළු කාලයක් ඊට ගතවීමට හැකියාව ඇති බවත්, ආසාදනයට පත්වූ සියලු දෙනාම අනිවාර්යෙන්ම රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කරන අතර, ඔවුගේ පවුල්වල සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් නිරෝධායනය කිරීමට කටයුතු කරනු බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර, අද (14) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, ආශ්‍රිතයින් හඹා යෑමේ දී නිවැරදි දත්ත ලබා දී තිබීම ඉතා වැදගත් වන බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපති,

    “ඊයේ දිනයේ දී වාර්තා වු අයගෙන් 80 දෙනෙකුම නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින අයවලුන්. තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය හැටියට වාර්තා වෙනවා. එයිනුත් බහුතරයක් වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින්. ඒ අනුව ගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 38 දෙනෙකුත් දිවුලපිටියෙන් 34 දෙනෙක් හා විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කොළඹින් 7දෙනෙක් කිරිඳවෙල ප්‍රදේශයෙන් 4 දෙනෙකුත් ඇතුළුව කුරුණෑගල, කිරිඳිවෙල, කොළඹ සහ ගනේමුල්ල කියන ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් 4ක් 7ක් හෝ 8ක් පරාසයක හමුවෙනවා. ඊට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථානවලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්‍රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්‍රදේශ හැටියටයි මේ අනුව වාර්තා වෙන්නේ.“

    “ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයෙක් හෝ හමුවී තිබෙනවා. කොළඹත් හමුවුණ සංඛ්‍යාවන් තිබෙනවා. සමහර අවස්ථාවලදී ‘ඕවර් රියැක්ෂන්‘ තියෙනවා මිනිස්සුන්ගේ. හමුවුණා කියන වාර්තා වෙන එක හිතලත් කඩ සාප්පු වසා දමන තත්ත්වයක් තියෙනවා. නමුත් ඇත්ත අවශ්‍යතාවය තමුන් පරිස්සම් වීමත් තමුන් කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීමත් අනුන්ට මේක නොදෙන ආකාරයෙන් ජීවත් වීමත්... මේ විදියට රටේ කුමන ප්‍රදේශයකින් එක් කෙනෙක් හමුවුණත් ඉතා වැදගත් වෙනවා. මොකද එක් අයෙකුට විශාල සංඛාවකට පතුරන්න පුළුවන් කියන එක.“
    යනුවෙන් පැවසීය.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවවාදයට වඩා ආදර්ශය වටින්නේ. ලොකු ලොකු මිනිස්සු කිසිම ආකාරයක උපදෙසක් පිලිපදින්නේ නෑතිව මිනිස්සුන්ට පේන්න හෑසිරුනා. පොත් ප්‍රදර්ශනය වගේ දේවල් කරන්න දුන්නා. මිනිසුන්ට මාස්ක් නෑතිව යන්න එන්න දුන්නා. පොදු ප්‍රවාහනයේ අට්ටි ගහලා පුරුදු විදිහට මිනිස්සු ගියා. කම්පෑනි එකක් ඈතුලට වයිරස් එක ඈවිල්ලා රෝග ලක්ෂණ තියෙද්දිත් මිනිස්සුගෙන් වෑඩ අරන්.. දෑන් අඩලා වෑඩක් නෑ.. කෙලවෙලා තියෙන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හරිගියාම ස'
    වැරදුනාම ජනතාවයි මාස්ක් එකයි
    මයිනා ලොජික් :lol:

    1602649554540.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මාස්ක්ස් වලින්ම බේරේන්නේ නෑ බන්!
    අතේ කකුලේ රෙදිවල ගැවේන අනිත් අයගේ කෙල අංශු වලින් එහෙම බෝවෙන්න පුලුවන්.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අහු වෙන හැම එකම කියන්නේ නෑ නෙද.
    උදාහරණේ ඊයේ මහනුවර ගලගෙදරින් වාර්තා වුන රෝගියා.
    එ මනුස්සයා කොළඹ ඉඳලා pcr එක කරලා ගෙදර ඇවිල්ල. ටවුන් එකේ කඩවල් වලට ගිහින්. ඊයේ තමයි corona positive කියලා report එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට පරක්කු වැඩියි. :(
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දැන් තත්ත්වය බයානකයි. තමන්ගෙ ආරක්ෂා ව තමන් සලසා ගනිල්ලා