ඊයේ දිස්ත්‍රික්ක 21කින් ආසාදිතයින් හමුවේ

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,977
    2,160
    113
    colombo
    ඊයේ (10) දිනයේදී දිස්ත්‍රික්ක 21කින් කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

    විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 963කි.

    ආසන්න දින 2ක දී කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වන අතර පෙරේදා දිනයේදී ද මෙරටින් ආසාදිතයින් 976 දෙනෙකු හඳුනාගැනුණි.

    ඒ අනුව ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 298කි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81ක් හඳුනාගැනීමත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,608 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මධ්‍යම පළාතෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 72ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්, 32ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන්, 31 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන්, 24 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන්, 16 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්, 12 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මීට අමතරව මන්නාරම, කිලිනොච්චිය, මොනරාගල, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.

    මේ අතර ඊයේ දිනය තුළ මෙරට පී.සී.ආර් පරීක්ෂණ 16,493ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 8918 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද ඔවුන් සඳහන් කළේය.

    මේ අතර පසුගිය පැය 24 තුළදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    BOYS Kelawennai Yanne!!!
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    84jvSs9.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    එහෙම බැහැ, දයාසිරිට, පවිත්‍රාට, වගේ අපිටත් හික්කඩුවෙන් හෝටල් කාමර ඕන. උන් ඒවට බිල් කරන්නේ අපේ බදු සල්ලි වලින්නම්, රටේ හැම මිනිහෙක්ටම ඒ සල්ලි වලින් කාමරයක් දීපල්ලා හොටෙල් එකකින්. මොකද රටේ ණය බෙදෙන්නේ ඉපදෙන්න ඉන්න උන්ගෙනුත් එක්කනේ...
     
    • Like
    Reactions: anuradhamapa