ඊශ්‍රායලයේ ගොවිතැන

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඊශ්‍රායලයේ ගොවිතැන

    කලකට පෙර යුදෙව්වෙක් සමඟ ගුවන් යානයක් එකට වාඩි වී දකුණු අප්‍රිකාවට යාමට සිදු විය. එහිදී කෑම ලැබෙන වෙලාවට පෙර ඔහුට, මුලින් කෑම ලැබිණි. කෙනෙක් ශාඛ භක්ෂිකයෙක් නම් සාමාන්‍යයෙන් අහස් යානයක ලබා දෙන ආහාර මුලින් ලැබේ. එහෙත් මේ යුදෙව්වා එසේ ශාඛ භාක්ෂිකයෙක් නොවීය.

    ඒ ගැන ඔහුගෙන් විපරම් කල විට ඔහු කීවේ, ඒ කෑම යුදෙව් ආකාරයට පිළියෙළ කර ඇති නිසා මුලින් ලැබිණ යන්නය. ඒ ඊශ්‍රායෙක් ක්‍රමයට ආහාර පිළියෙළ කරන ක්‍රමයට කියන්නේ ‘කොෂර් ක්‍රමය’ කියාය.

    එයත් හරියට මුසල්මානුවන් ආහාර ගන්නා විට භාවිතා කරන ‘හලාල් ක්‍රමය’ වැනි දෙයකි. එනම් මසට ගන්නා සතෙක් මරන්නට පෙර ආගම කියා මැරීමකි. යුදෙව්වන්ගේ අතීතය, ළඟ අතීතයක් ඇති මුසල්මානුවන්ට වඩා ඈත හෙයින්, ‘හලාල් ක්‍රමය’ , ‘කොෂර් ක්‍රමයේ’ කොපියක්ය යන්න ඔහු කීවේය.

    ඊට අමතරව ඔහු සිනහ වෙමින් කියා සිටියේ ඔවුන් ‘දෙවියන් විසින් තෝරාගත් ජනතාවක්’ යන්නය. ඒ නිසා ආහාර මුලින් ලැබුණු බවය.

    මේ පසුව කී අණ්ඩර දෙමළය එදින මට නොතේරුන මුත් පසු කලක මුණ ගැසුණු යුදෙව් හිත මිතුරන්ගෙන් ඒ ගැන යම් අවබෝධයක් ලබා ගතිමි. එහෙත් ඔවුන් සාපේක්ෂ වශයෙන් ආගම් උන්මන්තකයෝ නම් නොවෙත්. ‘සබත් දිනයේ වැඩ කිරීම තහනම්ය, යන ආගම් නීතිය ඔවුන් ගණන් ගන්නේ නැත. කෙසේ හෝ ඔවුන් දෙවියන් තෝරා ගත්තත් නැතත්, විශේෂ ඥාණයක් නම් ඇති බව ඉතා පැහැදිළිය.

    එය තේරුම් ගන්නට ඔවුන් විසින් දියුණුවෙන් දියුණුවට පත්කල බොහෝ ක්‍ෂේත්‍ර නිරීක්ෂණයෙන් කල හැක.

    ඊශ්‍රායලයත් එහි වසන යුදෙව්වන් ගෙන්ද ගත හැකි පාඩම් බොහෝ වේ. මෙයට අවුරුදු අසූවකට පමණ පෙර මේ දේශයට පැමිණි යුදෙව්වන් ට එහි ජීවත් වීම එතරම් පහසු කාර්යයක් නොවිණි. එහෙත් ඔවුන් ජීවිතය බිංදුවේ සිට ආරම්භ කළහ. ලෝකයේ මිය ගිය භාෂාවක් සේ සැලකුණු හීබ්රු භාෂාවට ඔවුන් නව පණක් දුන්හ.

    පාරම්පරිකව යුදෙව්වන් ගොවි තැනේ යෙදුනේ නොමැති වුවද ඒ කාන්තාර සහ අර්ධ කාන්තාර ඇති දේශයේ වැලි පස සරු කළහ.

    භූමියෙන් සියේට විස්සක් පමණක් භෝග වැවීමට සුදුසු වුවද, ඔවුන්ගේ දහිරියෙන් අද දින එය තුන් ගුණයකින් වැඩි කිරීමට ඔවුන් සමත් වී ඇත. භුමියේ වැවෙන භෝග ප්‍රමාණය 1948 එම භුමිය අත්පත් කරගත් කාලයේ සිට 16 ගුණයකින් වැඩි කිරීමට ඔවුන්ට හැකි විය. රටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ මෙසේ ලබා ගත හැකි වූ දියුණුවේ රහස කුමක්ද ?

    එය පැහැදිළිය. එනම් ඒ සියළු ක්ෂේත්‍රයන්ට තාක්ෂනය ක්‍රමානුකූලව භාවිතා කිරීමම වේ. ලෝකයට Drop irrigation යන සංකල්පය කියා දුන්නේ ඊශ්‍රායලයයි. එනම් ශාඛයකට අවශ්‍ය ජළය ප්‍රමාණය අපතේ නොයවා එහි මුල් පද්ධතියට යන ආකාරයට කෙරෙන වාරි මාර්ග ක්‍රමයයි. ඒ ක්‍රමයේ ජළය නිවැරදිව ශාඛයට ලැබෙනවාද, අපතේ නොයන්නේද, මේ කාරණා පරිඝනක වලින් නිරීක්ෂණය වේ.

    පරිඝනක සහ ඊට සම්බන්ද කර ඇති අධෝ රක්ත කිරණ කැමරාවලින්, කිසියම් ශාඛයකට අඩුවෙන් ජළය ලැබීම නිසා එහි උෂ්ණත්වය වැඩි වී එයට හානි වන්නේද යන්න නිරීක්ෂණය කෙරේ. [Thermal imaging] එක් එක් ශාක කණ්ඩායම් වල අවශ්‍යතාවයට අනුරූපව ජළය බෙදා හැරීමට අවශ්‍ය වතුර බට සහ විදිනයන් ඊශ්‍රායලයේම නිෂ්පාදනය කෙරේ. මේ ගොවි සංවර්ධිත වැඩ පිළිවෙල වල් හී දේශපාලනඥයන්, විද්‍යාඥයන් සහ ගොවීන් එකම පෙරමුණක සාමූහිකව වැඩ කිරීම පැහැදිළි දෙයකි.

    ඔවුන් රටේ ස්වභාවිකව වැවෙන ශාඛ වලින් පවා ප්‍රයෝජන ගත්හ. ලඟට කිට්ටු වන්න වත් නොහැකි කටු ඇති කැක්ටස් වැනි ශුෂ්ක ශාඛ පෝෂණය කර එයින්ද ඔවුන් පළතුරු ලබා ගනිති. ඒ කැක්ටස් කොළ ආහාරයට ගනිති. මේවා දියවැඩියාව රෝගයට හොඳ ඖෂද වේ. එසේම ස්වභාවික සේ වැවෙන්නේ නොමැති ශාඛද ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර වැවීම ට ඔවුන් සමතුන් වෙති.

    ලංකාවේ අපට නම්, දොඩම් හෝ නාරන් වැනි ගසක් කප්පාදු කිරීම අළුත් දෙයක් වේ. එහෙත් ඊශ්‍රායලයේ වැවෙන නාරන් අවශ්‍ය ආකාරයට කප්පාදු කරනවා පමණක් නොව, වෙනත් ආකාරයේ ප්‍රභේද ඇති කර,ඒවා දියුණු කර ඇට නැති, ඉතා මිහිරි නාරන් වර්ග තැනීමටද ඔවුන්ට හැකි වී ඇත.

    ඔවුන් මේ දැනුම සොයාගත්තද කිසි විටෙක ඒ කෘෂිකාර්මික දැනුම අන් රටවල් වලට සඟවන්නේ නැති බව කියති. එයට එක හේතුවක් සේ පෙන්විය හැක්කේ එහි සේවය කරන තායි ජාතිකයන් එම ක්‍රම සහ විධි නැවත තායිලන්තයට ගෙන ගොස් එහි භාවිතා කරන හෙයිණි. තවද මේ ජලය ජලය විසිර යන ක්‍රමය [Flood irrigation] නවත්වා ‘බිංදුවෙන් බිංදුව ශාඛ වලට ජළය භාවිතා කරන ආකාරයට [Drop irrigation] අනුගත වීම ලොවේ සෑම කොනකින්ම අසන්නට ඇත.

    උදාහරණයක් සේ, පසුගිය අවුරුදු පහළොව තුල ඉන්දියාවේ පමණක් මිලියන පහළොවක ගොවීන් මේ ක්‍රමය භාවිතා කිරීම ආරම්භ කළහ. ඒ අනුව ජළය අපතේ නොයන බව හෝ අපතේ යාම අවමයක් වන බව ඔවුන් දැන ගත්හ. එහි ජළය එතරම් නොමැති මහාරාෂ්ට්‍ර, ගුජරාටය, උත්තර ප්‍රදේශය වැනි ප්‍රදේශ වල ගොවීන් මේ ක්‍රම වලින් මහත් ප්‍රයෝජන ගනිති.

    ලංකාව වැනි ජළය යහමින් තිබෙන රටක වුවද, ඒ ජළය පාලනය නොකළේ නම් වගාව පාළු වෙනු ඇත.
    උදාහරණය:- ඇන්තූරියම් මල් වලට ඕනෑවට වඩා ජළය භාවිතා කිරීමෙන් එහි දිළීර ඇති වේ.

    ඔවුන් සොයාගත් දේ අතර ශුක්ෂම කැමරා මගින් දිළීර හඳුනා ගැනීමද, ලේසර් කිරණ මගින් වගාවට හානිකර කෘමි සතුන් වඳ කිරීම වැනි දේද වේ. මේ අතර ස්ට්‍රෝබෙරි වැනි මිනිස් අතකින් නෙලීමට බොහෝ වෙලාවක් ගතවන වගාවන් හී ගෙඩි නෙළා ගැන්මට ඔවුන් රොබෝ තාක්ෂනය භාවිතා කරති. මෙන්න මේ ආකාරයේ ක්‍රමයක් ලංකාවේ තේ වගාව සඳහා භාවිතා කරන්නට හැකි වන්නේ නම්, එය අපේ රටේ වගාවට මහත් පිටුවහළක් වනු ඇත.

    එනම් තේ ගසක ඇති දළු කැඩීමේ දී ඉහළම ඇති දල්ල, ඉන් පහළ ඇති කොළ දෙක සහ හතරවන කොලයට ඉහලින් ඇති නාරටිය යන තැනින් කැඩීම අවශ්‍ය වේ. එනම් මේ තේ දළු නෙලීම කිරීමට යම් ආකාරයක පුහුණුවක් තිබිය යුතුය. එය එසේ නෙළුවේ නොමැති නම් ඉන් පසුව එම ස්ථානයෙන් එන දල්ල එන්නට යන කාලය බොහෝ වැඩිවේ.

    ජපානයේ පවා තේ නෙලන්නේ යන්ත්‍ර වලිනි එහෙත් එහි පවා දල්ල තෝරා නෙළන්නේ නැත. එය හුදෙක් ගස ඉහළින් කෙරෙන කප්පාදුවක් පමණි. එහෙත් මේ අතෙන් නෙලීමේ ක්‍රමය කාලය වැඩියෙන් යන දුෂ්කර ක්‍රමයක් වේ. බොහෝ විට මේ තේ දළු නෙලීම කරන්නේ ළඳුන් විසිණි. සාමාන්‍යයෙන් තේ වත්තක සිටින අනන්ත කූඩැල්ලන් ගෙන් පීඩා විඳීමට ඔවුන්ට සිදු වේ. යන්ත්‍ර වලින් නිවැරදිව තේ දළු නෙළන ක්‍රමයක් සොයා ගත්තේ නම්, මේ ප්‍රශ්ණ නැති කල හැක.

    මා අසා සහ දැක ඇති ආකාරයට නම් මිනිස් අතකින් මෙසේ කෙරෙන තේ දළු නෙලීම අදත් යන්ත්‍රයකින් කිසිම රටක තෝරා බේරා කරන්නේ නැත. සමහරවිට මේ ඊශ්‍රායෙල ක්‍රම භාවිතයෙන් මේ නියම ආකාරයට තේ දළු නෙලීමට භාවිතා කරන්නට නොහැකියාවක් නැත.

    ඊශ්‍රායලය කෘෂි කාර්ම ක්ෂේත්‍රයේ කොතරම් දියුණුවක් ලබා ගත්තේද යත්; විශාල වගාවන් නිරීක්ෂණය සඳහා කුඩා ගුවන් යානා සහ ඩ්රෝන භාවිතා කර, ශාඛ වල වර්ධනය, පසේ ස්වභාවය, නයිට්‍රජන් ප්‍රමාණය pH අගය වැනි බොහෝ කරුණු සොයා ගනිති.

    යුදෙව්වන් විසින් අනාගත ලෝකයේ ගොවිතැනෙන් මිනිසා සම්පූර්ණයෙන්ම ඉවත් කර යන්ත්‍ර මගින් කෙරෙන සෙයක් පෙනී යයි. එය ලොවට අද දින අතිශයින් අවශ්‍ය දෙයක් වෙමින් පවතී. ඊශ්‍රායලය කෘෂිකර්ම උපදෙස් දීමේ පෙරමුණේ සිටින රටක් හෙයින්ද ඔවුන්ගේ ලැබුණු කෘෂි කාර්මික උපදෙස් අනුව ගොවිතැන් සඵල කරගත් බොහෝ ගොවීන් ලොව පුරා විසිර සිටී.

    ඔවුන්ගේ ක්‍රම සහ විධි භාවිතා කර ගොවිතැන් කිරීම ලොවට අවශ්‍ය වන්නේ, 2050 වසරේ ලෝකයේ සිටින ජනතාව බිලියන දහයක් වන හෙයිණි.


    https://www.facebook.com/groups/govikama/?hc_ref=ARTgWGYE-q8QfAEPF_GR77BaEfzuQI96Bh5bEwVNaTvYUtXvchZFedBnt0Z88UryDEI
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    we got a lot to learn from them. they have achieved a lot being a small country.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න රටවල්.ඔන්න මිනිස්සු.මෙන්න මේ චෙරි ටොමේටෝ ලෝකෙට මුලින්ම හදුන්වලා දීලා තියෙන්නෙත් ඊශ්‍රායලෙන්.:love:


    P9054888-e1450184504868-230x300.jpg
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ishrayel professor knk kiyala thiyenva lankava thibunanm un loketama kaama denava kiyala !

    ඊශ්‍රායලය පට්ට රටක් බන්...:yes:අනික උන් අපි වගේ කම්මැලි ජාතියකුත් නෙවෙයි...ඊශ්‍රායල් ගොඩක් උන් ජොබ් දෙකක් තුනක් කරනවලු:rolleyes:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලෝකයේ මිය ගිය භාෂාවක් සේ සැලකුණු හීබ්රු භාෂාවට ඔවුන් නව පණක් දුන්හ.

    ekata ape wesige puthalaa demala thamai promote karannee