ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය

    ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය




    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 29 -
    balangoda.jpg
    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

    මෙම නාඩි ක්‍රමයේ ඇති විශේෂත්වය තමයි එහි ජ්‍යෙdaතිෂය කරුණු, යන්ත්‍ර මන්ත්‍ර, ගුප්ත විද්‍යා ආදී බොහෝ දෑ ඇතුළත්. ඒත් ඔබට ඒවා කියවන්න බැහැ. නාඩි වාක්‍ය කියෑවීම එක්‌ එක්‌ ගුරුකුලයට අයත් ගුරු මුෂ්ටි වශයෙන් තියෙන්නේ. ගුරු මුෂ්ටිය එම පරපුරෙන් පරපුරට ගෙන යනවා. පිට අයට මේ කියෑවීමේ කලාව ඉගෙන ගන්න අවස්‌ථාවක්‌ නැහැ.
    ප්‍රශ්නය : නාඩි වාක්‍ය ලේඛන ගත වූයේ කවදාද, කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න කැමතියි ස්‌වාමීනි.
    නාහිමි : ඒක සිද්ධ වුණේ මෙහෙමයි. මීට අවුරුදු 2500 කට විතර ඉස්‌සර ඉන්දියාවේ තංජෝර් නමින් මහ රජ කෙනෙක්‌ හිටියා. මේ රජතුමා මේ ශාස්‌ත්‍රයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඉන්දියාවේ සෑම පළාතකම හිටිය වියත් බ්‍රාහ්මණ පඩිවරු තමන්ගේ මාලිගාවට කැඳවලා අවශ්‍ය පහසුකම් දීලා, නවත්වාගෙන නාඩි වාක්‍ය ලේඛනගත කරලා තියෙනවා ඒවා ඒ අවස්‌ථාවේදීම වෙනත් භාෂාවලට පරිවර්තනය කරලත් තියනවා. එහෙම තමයි නාඩි වාක්‍ය තල් පත්වල ලියෑවුණේ.
    තංජෝර් මහ රජතුමා තමන්ගේ මාලිගය අසලම පුස්‌තකාලයක්‌ හදලා එම නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් තැන්පත් කළා. ආරක්‌ෂා කළා. මෙම කාලයේ දෙමළ, මලයාලම්, තෙලිගු ආදී භාෂාවලට පරිවර්තනය වුණේ අන්න ඒ විදිහටයි. කාලයක්‌ යනවිට එම රජ පෙළපතේ එක්‌ තරුණ කුමාරයෙක්‌ බටහිර අධ්‍යාපනය ලබා සියරට පැමිණ මෙම ඉපැරණි පත පොතෙහි වටිනාකම අගය තේරුම් නොගෙන මෙම සියලුම පොත් පුස්‌තකාලය වටා ඉදිකර තිබූ, කිඹුලන් විසින් ආරක්‌ෂා කරනු ලැබූ දිය අගලට විසි කරලා දාලා තියනවා. ඉන්පසු එම රජතුමා පුස්‌තකාල ගොඩනැඟිල්ල තමන්ගේ අන්තඃපුරය සඳහා භාවිත කළ බව කියෑවෙනවා. මේ සිද්ධිය දැනගත් බ්‍රාහ්මණ පඬිවරු තමන්ගේ ජීවිත ගැනවත් නොසලකා දියට පැන මෙම තල්පත් මිටි විශාල කොටසක්‌ බේරාගෙන තිබෙනවා.
    එක්‌ එක්‌ බ්‍රාහ්මණ පවුල් අයත් කරගත් තල්පත් මිටි තම උරුමය වශයෙන් රැකගෙන ආවා. ඉන්දියාව විදේශ බලවේගවලට යට වුණාට පස්‌සේ ඒ පාලකයෝ මෙම වටිනා තල්පත් තමන්ගේ මව් රටවලට අරගෙන ගියා. නාඩි වාක්‍යය ඇතුළත් ත්‍රිවංද්‍රම් රාජකීය පුස්‌තකාලයේ රැකගෙන තිබූ තල්පත් කෝටි ගණනක්‌ එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය ඊශ්‍රාලය ආදී රටවලට පැහැර ගෙන ගොස්‌ තිබෙනවා. මේ සිද්ධිය (CELESTIAL - INDIA) නම් පොතේ සඳහන් වෙනවා.
    මේ නාඩි වාක්‍ය දෙමළ, කර්නාටක තෙලිඟු, සංස්‌කෘත ආදී භාෂාවලින් රචිත නාඩි ග්‍රන්ථයි. ඔවුන් මේවා තමන්ගේ පුස්‌තකාලවල එක්‌රැස්‌ කළත් මිනිස්‌ වර්ගයාට ඉන් කවදාවත් ඵලක්‌ සෙතක්‌ වෙන්නේ නෑ. හේතුව එම ලේඛන කියෑවිය හැකි කිසිවෙක්‌ ඒ රටවල නැහැ. ඒ ලේඛන කියෑවීමට විශේෂ කේත ක්‍රමයක්‌ තියනවා. ඒ ක්‍රමය දන්නේ ඒ ඒ බ්‍රාහ්මණ පවුල්වල අය විතරයි. ඒ ශිල්පය දෙන්නෙත් ඒ ඒ පරම්පරාවල ශිල්පය හැදැරීමට කුසලතා ඇති අයට පමණයි. මේ ශිල්පය ගුරු මුෂ්ටිය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන යනවා.
    ප්‍රශ්නය : එහෙමයි ස්‌වාමිනී. මෙම නාඩි තල්පත් කියෑවීම ඉගෙන ගත්තේ කොහොමද ස්‌වාමිනී.
    නාහිමි : ඉන්දියාව අන්තිමට පාලනය කළේ ඉංග්‍රීසීන්. ඒ කාලය වනවිටත් මෙම තල්පත් කියවන ක්‍රමය එකී බමුණන් දැනගෙන ඉඳලා නෑ. එක බ්‍රාහ්මණ පඬිවරයෙක්‌ මෙම තල්පත් කියවන ක්‍රමය පිළිබඳව හෝඩුවාවක්‌ ලැබිලා නාඩි වාක්‍ය කියවන යතුර, ක්‍රමය, තේරුම්ගෙන නාඩි වාක්‍ය කියෑවීම ආරම්භ කරල තියෙනවා. මුල් නාඩි වාක්‍ය තුළින් එකී බ්‍රාහ්මණ පඬිවරයට උපදෙස්‌ ලැබිලා තියෙන්නේ විදේශිකයන් රටින් පිටවන තුරු නාඩි කියෑවීම නොකළ යුතු බවට. ඒ බ්‍රාහ්මණ පඬිවරුන් හරි නීතිගරුකයි. අවංකයි. මේ බ්‍රාහ්මණ පඬිවරුන් අද උනත් හඳුන්වන්නේ "පණ්‌ඩිත" කියන ගෞරව පදය මුලට යොදලා. නාඩි වාක්‍ය තුළින් දීලා තියෙන උපදෙස්‌ කිසිම විටෙක ඒ ඇත්තෝ කවදාවත් කඩ කරන්නේ නෑ. උපදෙස්‌වලට ගරු කරනවා.
    ප්‍රශ්නය : ස්‌වාමීනි, ඔබ වහන්සේ ප්‍රකාශ කළා තල්පත් කෝටි ගණනක්‌ එංගලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව ආදී රටවලට ගෙන ගියා කියලා. සැබවින්ම මේවා එච්චරම වැදගත්ද? මේවායේ තියෙන්නේ මොනවද කියලා ඔබ වහන්සේට දළ අදහසක්‌ කියන්න පුළුවන් ද ස්‌වාමීනි.
    නාහිමි : හොඳයි මං කියන්නම්. මේ ගෙන ගිය නාඩි වාක්‍ය ග්‍රන්ථ කාටවත් කියවන්න ලැබුණේ නැති නිසා ඒවායේ අන්තර්ගතය ගැන කියන්න බැහැ. ඒත් දැනට ඉතිරි වෙලා තියෙන නාඩි වාක්‍ය පොත්පත් දිහා බැලුවහම ඒවායේ සඳහන් වෙලා තියෙන කරුණු පිළිබඳව පුදුම හිතෙනවා. උදාහරණයක්‌ වශයෙන් මුන්නැහේට අවශ්‍ය ඕනෑම කාරණයක්‌ පිළිබඳව විස්‌තර විමසුවොත් ඊට පිළිතුරු මුන්නැහේට ලැබෙනවා. ඇතැම් අවස්‌ථාවල වර්තමානයේ ලියෑවෙන හා අනාගතයේ ලියෑවෙන පත පොත ගැනත් ඒවායේ කර්තෘවරුන් ගැනත් කියෑවෙනවා. මේ කාරණයට අවශ්‍ය කරුණු අසවල් පොතේ අසවල් පිටුවේ තියෙනවා. වර්තමානයේ පළවන පතපොත ගැනත්, අනාගතයේ පළවන පතපොත ගැනත් කියෑවෙනවා. මේවා කියල තියෙන්නේ මීට අවුරුදු 5000 කට 6000 කට ඉහත ජීවත් වුණු ඝෘෂිවරුන් විසින්.
    මට අහන්න ලැබුණු ආරංචියක්‌ මට මතක්‌ වුණා. මේකේ සත්‍ය අසත්‍යතාව ගැන මට හරියට කියන්න බැහැ. විස්‌තරය මෙහෙමයි. මෙම නාඩි වාක්‍ය තල්පත් වලින් කොටසක්‌ ඊශ්‍රායලයට ගෙනිහිල්ලා තියෙනවා. එක්‌තරා තරුණ ඉන්දියානු නාඩි කියවන්නෙක්‌ ඊශ්‍රායලයේදී මේ නාඩි වාක්‍යවලින් කොටසක්‌ කියවලා තේරුම් කරලා තියෙනවා. ඒ තල්පත්වල තිබුණු ශිල්ප ක්‍රම ඊශ්‍රායලය විසින් දැනගෙන මේ වනවිට අති නවීන ගුවන් යානා, යුද උපකරණ නිපද වූ බව කියෑවෙනවා. කෙටි කාලයක්‌ රැඳී සිටි මේ තරුණ නාඩි කියවන්නා ඊශ්‍රායලයෙන් පිටව ගිය බවත් කියෑවෙනවා.
    ඒ ප්‍රවෘත්තිය ඇත්ත නම් ඊශ්‍රායලය සතුව තිබූ ඉතා කුඩා නාඩි වාක්‍ය පොත් ප්‍රමාණයෙන් මේ පුංචි රට මේ තරම් බලවත් තත්ත්වයකට පත්වුණා. අද වුණත් අරාබිකරයේ මැද පිහිටි මේ කුඩා පුංචි රට බලවත්ව ඉන්නේ ඒ විස්‌තර දැනගෙන සිටි නිසා වෙන්නට පුළුවන්.
    ඒ අනුව මට හිතෙනවා දැනට ප්‍රංශය, ඇමෙරිකාව, එංගලන්තය යන රටවල පුස්‌තකාලවල ඇති නොකියවූ නාඩි වාක්‍ය තල්පත්වල කොච්චර නම් ඥාන සම්භාරයක්‌, දැනුම් සම්භාරයක්‌, ගැබ්වෙලා ඇත්දැයි හිතාගන්නත් අමාරුයි. සමහර විට අන්තර් ග්‍රහලෝකය තරණය, විශ්ව ගවේෂණය සඳහා සුදුසු උපදෙස්‌ තාක්‌ෂණය, යන්ත්‍ර සූත්‍ර සකස්‌ කරගන්නා ශිල්පය මෙම නාඩි වාක්‍ය තුළ ගැබ් වෙලා ඇති කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා.
    ප්‍රශ්නය : පිංවත් ස්‌වාමීනී, මට වෙනත් විදිහක ප්‍රශ්නයක්‌ ඔබ වහන්සේගෙන් විමසන්න අවශ්‍යයි. ලංකාවේ අපට මුලින්ම නාඩි වාක්‍ය ක්‍රමය ගැන දැනගන්නට ලැබුණේ මහාලිංගම් නමැති පඬිවරයාගෙන්. මහාලිංගම් මහත්තයා ලංකාවේ සිටි සෑම ජන නායකයකුටම, ප්‍රභූන් රැසකටම තමන්ගේ භාරයේ තිබූ "සප්ත සෘෂි" නාඩි වාක්‍ය ක්‍රමය තුළින් අනාවැකි කියලා තියෙනවා. ඊට පස්‌සේ අපට නාඩි වාක්‍ය ගැන අත්දැකීම් ලැබුණේ දැනට ලංකාවේ පදිංචි වෙලා නාඩි වාක්‍ය කියන "අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය" ක්‍රමය ගැන. කෙටි කලක්‌ ලංකාවේ රැඳී සිටි නාඩි කියවන්නෙක්‌ සූර්ය නාඩි ක්‍රමය හඳුන්වා දුන්නා. මෙම නාඩි වාක්‍ය ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ ස්‌වාමිනී මෙම නාඩි වාක්‍ය ලියා තිබුණේ තඹ පත්වලයි. මේ හැරුණු විට ඔබ වහන්සේ දන්නා වෙනත් නාඩි ක්‍රම ගැන කරුණාවෙන් අප වෙත පැහැදිලි කර දෙන ලෙස මම ගෞරව නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනවා.
    නාහිමි : හොඳයි, මේ ගැන මට දීර්ඝ විස්‌තරයක්‌ කියන්න පුළුවන්. මං හුඟක්‌ කෙටි කරලා විස්‌තර කියන්නම්. නාඩි වාක්‍ය කියන්නේ මහා පුළුල් පරාසයක පැතිරුණ ශාස්‌ත්‍ර ක්‍රමයක්‌. හරියට සප්ත මහා සාගරය වගේ. අපි දන්නේ, අපට දැනගන්නට පුළුවන් වෙන්නේ ඉන් එක්‌ බිංදුවක්‌ විතර ප්‍රමාණයක්‌. මුන්නැහේ අහලා තියෙන ජ්‍යෙdතිෂ්‍ය, ආයුර්වේද, හස්‌ත රේඛා, ශබ්ද විද්‍යා කොයිතරම් ගැඹුරු පුළුල් පරාසයක්‌ දක්‌වා විහිදෙන ශාස්‌ත්‍රයන් ද කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ. මේ ගැන මං පස්‌සේ පැහැදිලි කරන්නම්.
    නාඩි වාක්‍ය කියන්නේ මේ ශාස්‌ත්‍රයේ අග්‍ර ඵලය. මූල බීජය. මේ හැම දෙයක්‌ම ධ්‍යානලාභී ඝෘෂිවරුන් විසින් තමන්ගේ ධ්‍යාන සුවයෙන් ඉන්නා වේලාවේ දැනගත් විස්‌තරයි. එක්‌ එක්‌ ඝෘෂිවරයා විසින් භාෂිත නාඩි වාක්‍ය ඒ ඝෘෂිවරයා නමින් හැඳින්වෙනවා. කාකභුජන්දර නමින් හැඳින් වූ නාඩි වාක්‍ය ප්‍රකාශ කර ඇත්තේ කාකජි නම් ඝෘෂිවරයා විසින්. මේ හැරුණු විට කෞමාර නාඩිය, බුද්ධ නාඩිය, සූර්යය සංහිතා නාඩිය, කුජ, ගුරු, ශුක්‍ර, ශනි, ශුකජිම් පෙරිය, චන්ද්‍ර කලා නාඩිය, අගස්‌ති කෞෂික නාඩිය, සත්‍ය සංහිතා නාඩිය, කමලමුණි නාඩිය, ශිව පාර්වතී නාඩිය, සප්ත ඝෘෂි නාඩිය, ශූක්‍ර සංහිතා නාඩිය ආදී වශයෙන් නාඩි ක්‍රම රාශියක්‌ තියනවා. සමහර නාඩි ක්‍රම දීර්ඝ වශයෙනුත්, සමහර නාඩි ක්‍රම ශේෂ වශයෙනුත් පවතිනවා.
    ප්‍රශ්නය : ස්‌වාමීනි, මේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙන්නේ සම්පූර්ණයෙන් ශ්ලෝක වශයෙන් ද නැත් නම් ප්‍රකාශන වශයෙන් ද ඔබ වහන්සේ දුටු විශේෂතා මොනවාද ස්‌වාමීනි
    නා හිමි : බොහෝ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙන්නේ ශ්ලෝක වශයෙන් එක දිගටම කියෑවෙන විදිහට. ඒත් සමහර වාක්‍ය දෙබස්‌ විදිහටත්, සාමූහික සාකච්ඡා වශයෙනුත් විස්‌තර කෙරෙන අවස්‌ථා මම දුටුවා. උදාහරණයක්‌ විදිහට කිසියම් පුද්ගලයකු උපන් වෙලාවේ ග්‍රහයන් පිහිටලා තියෙන ක්‍රමය පිළිබඳව යම් පටලැවිලි පැහැදිලි නැති තත්ත්වයක්‌ ඇති වුණොත් ඝෘෂිවරුන් දෙදෙනෙක්‌, නැත්නම් තුන්දෙනෙක්‌, ඝෘෂිවරුන් හත්දෙනෙක්‌ සාකච්ඡා කළ නාඩි ක්‍රමයක්‌ තියනවා. සප්ත ඝෘෂි කියන්නේ ඒ විදිහට හත් දෙනෙක්‌ එකතු වෙලා ප්‍රකාශ කළ නාඩි වාක්‍ය ක්‍රමයයි. ශිව පාර්වතී නාඩි වාක්‍ය කියන්නේ ශිව පාර්වතී යන දෙවිවරුන් දෙදෙනා එකතු වෙලා ප්‍රකාශ කළ නාඩි වාක්‍ය ක්‍රමයයි.
    ශිව පාර්වතී දෙවිවරුන් දෙදෙනාගේ සංවාද සහිත නාඩි වාක්‍යයක්‌ ක්‍රමයක්‌ ද තියෙනවා. කජිදම භෘග, ප්‍රහ්ලාද, බලි, ජනක කියන ඝෘෂිවරුන් පස්‌දෙනෙක්‌ එකතු වෙලා පවත්වන ලද සාකච්ඡා ඇතුළත් නාඩි වාක්‍යය ක්‍රමයක්‌ ද තියෙනවා. මේ සංවාද මණ්‌ඩලයේ සභාපති ලෙස සූර්ය නම් දිව්‍ය පුත්‍රයෙක්‌ කටයුතු කරලා තියෙනවා. එම නිසා එම නාඩි වාක්‍ය සූර්ය නාඩි නමින් හැඳින්වෙනවා. සූර්ය සංහිතා නාඩි වාක්‍යය චන්ද්‍ර කලා නාඩිය නමින් හැඳින්වෙන නාඩි ක්‍රමයක්‌ ද තියෙනවා. සංස්‌කෘත බසින් ලියෑවෙලා තියෙන මෙම නාඩි ක්‍රමය මහා බ්‍රාහ්මයා විසින් ප්‍රකාශිත බව එම නාඩි වාක්‍යවල ඇති ශ්ලෝකයක දැක්‌වෙනවා. සංවාද පිළිබඳ කියන කොට, බ්‍රහ්මයා, ඝෘෂිවරුන් අතර සංවාදත්, පාර්වතී ඝෘෂිවරුන් අතර සංවාදත් සහ ඝෘෂිවරුන්, ඝෘෂිවරුන් අතර ඇති වූ සංවාදත් දක්‌නට ලැබෙනවා. තවත් විශේෂ නාඩි ක්‍රමයක්‌ තියෙනවා.
    එය හැඳින්වෙන්නේ අගස්‌ති වාක්‍ය කමලමුණි කියන නමින් රේඛා ශාස්‌ත්‍රය මුල්කර ගෙන නිබන්ධනය වෙලා තියෙන මෙම නාඩි ක්‍රමයේ ඇති විශේෂත්වය තමයි අතේ රේඛා දෙස බලා ඊට අනුරූපව ඇති නාඩි ග්‍රන්ථ සොයා විස්‌තර කථනය කරනවා. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් විසින් සහදේව ඝෘෂිවරයාට නාඩි වාක්‍ය ඉගැන් වූ බව එකී නාඩි ග්‍රන්ථවල සටහන් වෙලා තියෙනවා. කමලමුණි නම් වූ තවත් නාඩි වාක්‍ය ක්‍රමයක්‌ තියෙනවා. මෙම ක්‍රමයේ ඇති පුදුමසහගත බව නම් කෙනකුගේ දකුණු අතේ, මහපටඟිල්ලෙන් ලබාගන්නා සටහන් විමර්ශනය කරලා ජීවියාගේ නම මව්පියන්ගේ, බිරිඳගේ නම, අනියම් බිරිඳක්‌ ඉන්නවා නම් ඇගේ නම් ගම් ද ඇතුළත් පූර්ණ විස්‌තරයක්‌ ද ඔහු හෝ ඇය ජීවත් වන පළාත ද කියෑවෙනවා. මේ ආදී වශයෙන් නාඩි වාක්‍ය විධි සිය ගණනකට අධික සංඛ්‍යාවක්‌ තියනවා.
    ප්‍රශ්නය : ඝෘෂිවරුන් කුමන කරුණු පාදක කරගෙන ද මෙම නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ ස්‌වාමීනි.
    නාහිමි : හොඳයි, බුද්ධෝත්පාද කාලයට පෙර ඉඳලම එනම්, කලියුග කාලයේ ආරම්භයේ ඉඳලම ඉන්දියාවේ තිබුණා මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව, නම් ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ මහා භාරතයේ පුරාණයේ ඉඳලම පැවතිලා තියෙනවා. සුද්ධාවාස නම් දෙවියන් විසින් බමුණු වෙසින් ඉඳලා මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව බුද්ධ මන්ත්‍ර විදිහට උගන්වලා තියෙනවා. මේවා වේද ග්‍රන්ථවලටත් ඇතුළත් වෙලා තියෙනවා.
    balangoda1.jpg
    මේ පිළිබඳව දික්‌සඟිය අටුවාවේද සඳහන් වෙනවා. බුදුන් වහන්සේගේ කාලයේ මේ ශාස්‌ත්‍රය බොහෝ බ්‍රාහ්මණ පඬිවරුන් දැන සිටි බව බෝසත් උපතේදී මහා පුරුෂ ලක්‌ෂණ, දේහ ලක්‌ෂණ දිහා බලලා, මේ තැනැත්තා බුදුවන බවට කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලියි. බුදුන් වහන්සේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණවලින් යුක්‌ත උත්තමයෙක්‌. දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ කියන්නේ මහා පුරුෂ ලක්‌ෂණ තිස්‌ දෙකකින් සහිත තැනැත්තා කියන එකයි. මම බුදුන් වහන්සේ ගැන නාඩි වාක්‍ය තුළින් විමසලා බලපු වෙලාවේ එහි බුදුන් වහන්සේ ගැන කියෑවුණේ "මහා ඝෘෂි ගෞතම" කියලා. මේ ගැන මං පස්‌සේ විස්‌තර කියන්නම්. නාඩි වාක්‍ය ලියෑවෙලා තියෙන්නේ කෙනකුගේ මහා පුරුෂ ලක්‌ෂණ එකක්‌ හෝ වැඩි ගණනක්‌ තියනවා නම් විතරයි. ඒ අනුව ඔබට නාඩි වාක්‍ය කියවා ගැනීමේ වාසනාව ලැබුණා නම්, ඔබ තුළ මහා පුරුෂ ලක්‌ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ තියෙන පිංවතෙක්‌. මහා පුරුෂ ලක්‌ෂණ ශරීර අංග ඇතුළතින් පමණක්‌ නෙවෙයි, මනසින්, ගති ලක්‌ෂණ ද ඇතුළත්. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ෂා ආදී ගුණයන් ද මහා පුරුෂ ලක්‌ෂණවලට ඇතුළත් වෙනවා. මේ මහා පුරුෂ ලක්‌ෂණ විද්‍යාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු අභාවයට ගිය බව හැඟෙනවා. බෝධි සත්වයන්ගේ පමණක්‌ නෙවෙයි, බෝධි සත්වයාණන් වහන්සේගේ මව් දෙමවුපියන් ද මහා පුරුෂ ලක්‌ෂණවලින් යුක්‌ත අයයි. ඒ අයගේ ද අංග සම්පූර්ණ විස්‌තර නාඩි වාක්‍යවල ලියෑවිලා තියෙනවා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, ඔබවහන්සේ ප්‍රකාශ කළා ජ්‍යෙdතිෂය, ආයුර්වේදය මේ ලොවට දායාද කළේ මේ ඝෘෂිවරුන් වහන්සේලා කියලා. ඒ පිළිබඳව අපි දැනගන්න කැමතියි ස්‌වාමීනි.
    නා හිමි : අද කාලයේ අපේ ජ්‍යෙdතිෂ්‍යවේදීන් නොයෙක්‌ තාක්‍ෂණ උපකරණ පාවිච්චි කරලා තමයි ජීවිත විස්‌තර පැහැදිලි කරලා දෙන්නේ. ඒත් මීට අවුරුදු 5000 කට 6000 කට පෙර මෙවැනි උපකරණ කිසිවක්‌ තිබුණේ නැහැ. ඝෘෂින් වහන්සේලා මේ සියලු විස්‌තර ඔවුන්ගේ අධි මානසික බලයෙන් ඝෘෂි බලයෙන් තමයි විස්‌තර පුරෝකථනය කළේ. මෙම ඝෘෂින් වහන්සේලාට ශක්‌තිය හැකියාව තිබුණා වෙනත් ඕනෑම වස්‌තුවකට තමන්ගේ මනෝකායෙන් ආරූඪ වෙලා ඒ වස්‌තුවේ ඇති භෞතික ස්‌වභාවය විස්‌තර කරන්න, විග්‍රහ කරන්න. ඒ විදිහට ඝෘෂින් වහන්සේලා වෙනත් ග්‍රහලෝක හිරු, සඳ, බ්‍රහස්‌පති, සිකුරු ආදී ග්‍රහ වස්‌තූන්ට ආරූඪ වෙලා ඒ ග්‍රහලෝකවලින් පිටවන තරංග ප්‍රමාණය ඉන් මේ ලෝකයට පමණක්‌ නෙවෙයි, ඒ ඒ ග්‍රහලොAක කෙරෙහි ඇතිවන බලපෑම ද විස්‌තර කරලා තියෙනවා.
    සත්ව කොට්‌ඨාසවලට පමණක්‌ නෙවෙයි, ගහකොළ, මල්, පලතුරු ආදියටත්, ග්‍රහලෝක වලින් ඇතිවන බලපෑම ගැනත් විස්‌තර කරලා තියෙනවා. ග්‍රහ වස්‌තූන්ගේ බලපෑම වගේම මේ ලෝකයේ තියෙන ගහකොළ පිළිබඳවත් ඝෘෂින් වහන්සේලා විස්‌තර කරලා තියෙනවා. කිසියම් ගහකට, පැළෑටියකට උන්වහන්සේලා ආරූඪ වෙලා ඒ ගසේ පොත්තෙන්, අරටුවෙන්, මුල්වලින් මල්වලින්, පොතුවලින්, ගෙඩිවලින් කොළවලින් මේ ආදී සියලු විස්‌තර ග්‍රහණය කරගෙන, උකහා ගෙන ඉන් ඇතිවන ශක්‌තිය පිළිබඳ අවබෝධයක්‌ ලබාගෙන ඒ ආශ්‍රයෙන් විවිධ රෝගවලට ඖෂධ වර්ග නිපදවන ආකාරයත් තේරුම් කරලා දීලා තියෙනවා.
    අද පවතින ආයුර්වේද ඇතුළු සියලු වෛද්‍ය ක්‍රමවල නිර්මාතෘවරුන් වන්නේ මහා බලසම්පන්න ඝෘෂිවරුන්. අද වගේ රසායනාගාර නොතිබුණ ඒ කාලයේ ඒ ඒ ගස්‌වල කොළ පොතු, නැටි, මුල් නියමිත මාත්‍රාවට සකස්‌ කරලා, කියන විස්‌තර නාඩි ග්‍රන්ථවල සඳහන් වෙනවා. "පෝකර් 7000" නමින් හැඳින්වෙන නාඩි වාක්‍යයේ ජ්‍යෙdතිෂ්‍ය පිළිබඳ කරුණු පමණක්‌ නෙවෙයි, ඊට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද ගුප්ත කරුණු පිළිබඳව ද සඳහන් වනවා.
    ලබන සතියට
    බදුල්ලේ මෛත්‍රී රත්නායක
     
    • Like
    Reactions: SCBmedia

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    mage nan nadi wakyae kivva eka okoma wage hari.:baffled: hebei lamai dennek hadanawa kivva.eka nan wenne ne.man lamai hadanne ne kiyala decision ekak aran tiyenne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    තවත් එක් ෆැන්ටසියක් ! නාඩි වාක්‍ය. එහෙම නම් නාඩි වාක්‍ය ශාස්ත්‍රය උපත ලැබූ ඉංදියාව අද අංක එකේ සුපිරිබලවතා වෙන්න එපැයි. ඉන්දියන් කාරයෝ කෝටි ගානකට අද කන්න බොන්න ඉන්න හිටින්නවත් තැන් නැතිව දුප්පත් වෙලා ඉන්න අවශ්‍ය නෑනේ. ඊශ්‍රයලය දියුණු වෙලා තියෙන්නේ උන්ගේ බුද්ධියෙනුයි උත්සහාය නිසයි. නැතුව මේ රෙද්දේ නාඩි වක්‍යක් නිසා නෙමෙයි. ලංකාවේ උන්ටත් ඕනේ කාලෙන් කාලෙට මොකක් හරි ගුප්ත රෙද්දක් ඇදලා අරගෙන ආතල් එකක් ගන්න
     
    • Like
    Reactions: ehseres

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mage nan nadi wakyae kivva eka okoma wage hari.:baffled: hebei lamai dennek hadanawa kivva.eka nan wenne ne.man lamai hadanne ne kiyala decision ekak aran tiyenne

    ඕස්ට්‍රේලියාවෙත් නාඩි වාක්‍යය තියෙනවද :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තවත් එක් ෆැන්ටසියක් ! නාඩි වාක්‍ය. එහෙම නම් නාඩි වාක්‍ය ශාස්ත්‍රය උපත ලැබූ ඉංදියාව අද අංක එකේ සුපිරිබලවතා වෙන්න එපැයි. ඉන්දියන් කාරයෝ කෝටි ගානකට අද කන්න බොන්න ඉන්න හිටින්නවත් තැන් නැතිව දුප්පත් වෙලා ඉන්න අවශ්‍ය නෑනේ. ඊශ්‍රයලය දියුණු වෙලා තියෙන්නේ උන්ගේ බුද්ධියෙනුයි උත්සහාය නිසයි. නැතුව මේ රෙද්දේ නාඩි වක්‍යක් නිසා නෙමෙයි. ලංකාවේ උන්ටත් ඕනේ කාලෙන් කාලෙට මොකක් හරි ගුප්ත රෙද්දක් ඇදලා අරගෙන ආතල් එකක් ගන්න

    ටොයිලට් තාක්ෂනේ තිබුන නාඩි කොලේ සුද්දො හොරකන් කරලලු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    ටොයිලට් තාක්ෂනේ තිබුන නාඩි කොලේ සුද්දො හොරකන් කරලලු.

    ඒක වෙන්න ඇති ඉන්දියන් කාරයෝ පාරේ රෙන්නේ :confused::confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mehe android appsuth tiyenawa:P anyway man baluwe lankawe ididid ban.

    කියන එකා ගාව උඹේ එක තියෙනවමයි කියල විශ්වාස කරන්නෙ කොහොමද බං ? :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    තවත් එක් ෆැන්ටසියක් ! නාඩි වාක්‍ය. එහෙම නම් නාඩි වාක්‍ය ශාස්ත්‍රය උපත ලැබූ ඉංදියාව අද අංක එකේ සුපිරිබලවතා වෙන්න එපැයි. ඉන්දියන් කාරයෝ කෝටි ගානකට අද කන්න බොන්න ඉන්න හිටින්නවත් තැන් නැතිව දුප්පත් වෙලා ඉන්න අවශ්‍ය නෑනේ. ඊශ්‍රයලය දියුණු වෙලා තියෙන්නේ උන්ගේ බුද්ධියෙනුයි උත්සහාය නිසයි. නැතුව මේ රෙද්දේ නාඩි වක්‍යක් නිසා නෙමෙයි. ලංකාවේ උන්ටත් ඕනේ කාලෙන් කාලෙට මොකක් හරි ගුප්ත රෙද්දක් ඇදලා අරගෙන ආතල් එකක් ගන්න

    They are close to number 1.:yes:They have poor even USA.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mona boruwakda ban oya Nadi Wakya kiyanne. Gobbayinta hodai. India we hitiyao kiyana ishi warunta puduma puke kahillak thibila thiyenne Lankawe suththala gana puskola poth liya liya thiyanna.

    Sinhalu yanawa dahas ganan viyadam karan thamun danna dewal aththakda balanna. :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    Senior posting
    Title President, Amarapura Nikaya
    Vice Chancellor, Vidyodaya University
    Professor of Buddhism
    Abidhadja Maharattaguru[1]
    Agga Maha Pandita[2]
    Thripitaka Vaagishwaracharya Pravachana Visharada Raajakeeya Panditha
    Saahithyasuuri
    Saahithya Chakrawarthi

    Who we are to discuss about his knowledge:oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Me hamuduruwo kiyana hamadema atta kiyala ubala hithnawada

    nope. He describes an event which could possibly be yet another instance of a lucid dreaming as an out of body experience without even deeply investigating the nature of his experience. There are few instances similar to that. But there's no reason to accuse him of inventing stories in the sole purpose of deceiving people specially in the cases like his encounters with people who can read other people's minds.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මුලින්ම කියන්නං මේ හාමුදුරුවෝ අපිට හිටපු හොඳම හාමුදුරු නමක්

    ඊශ්‍රායලය කියන්නේ යුදෙව්වෝ. උන් ඇවිල්ලා ඉහලම බුද්ධිමත් ජාතියක් ඒ වගේම උන් පට්ට විදිහට හිරිහැරයට ලක් උණ සෙට් එකක්. උන්ගේ උත්සාහයෙන් දිඋනු වෙලා බලවත් උනා ඒකට ඔය ආගම් හුට්ටවල් වල එන ලබ්බක් නිසා නෙවි.

    සිංහලුන්ගේ මාර ෆැන්ටසි තින්නේ. හීන ලෝක වල ඉන්නේ.

    ඕන්න අලුත් යානයක් ගැන කිව්වම රාවණාගේ දඩු මොණරේ ඒ කලේ ඊට එහා ගියා ලු.
    නාසා එක ගැන කිව්වම උන් වැඩ කරන්නේ බුද්ධාගමට අනුවලු දෙය්යෝ එක්කලු කන්ටක්ට්

    පුදුමේ කියන්නේ මෙච්චරක් බලය තින ලංකාවේ එකෙකට යුදෙව්වෝ වගේ වෙන්න බැරි උණ එක. අඩු ගානේ ඔය නාඩි වාක්‍ය පටන් ගට්ට ඉන්දියාවට ?