ඊශ්‍රායල ගාසා ගැටුම්: බයිඩන්ගෙන් ඊශ්‍රායල සහ පලතීන නායකයන්ට ඇමතුම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පලස්තීන් උන් එලිවෙනකන් රොකට් ගහනව . අරුන් ඉවසල බැරිම තැන දීල අදිනව . පස්සෙ අනේ අපිට ගහනවෝ නවත්තපියෝ කියනව . නෙදකින් තම්බි හැත්ත
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,688
    113
    ඉස්‍රයාල් වල අල්ලපු වැටේ තියෙන රටේ කිසිවක් හොයා ගන්න බැරිව ඔහේ ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ හමාස් බල්ලෝ ගෑනු සහ ලමයි දාල තමයි ඔය වැඩේ කරන්නේ. පව් කවුරු උනත් ලමයි නම් කිසි දෙයක් දන්නේ නැහැ බන්. ඔය නහයෙන් ඇඩන හම්බ රටකින් මේ මිනිස්සු ටික අරන් පලයව් කෝ .. බොරුවට අඩන්නේ

    ඊශ්‍රායෙලයනේ පලස්තීනය ටික ටික අල්ලන්නෙ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද පලස්තීනේ ඕපන් කරපු පාර කොහොමද? කුඩුද?

    sri-lanka-president-opens-mahinda-rajapaksa-vocational-training-centre-in-palestine.jpg


    31946848_385515558593226_9066321876162183168_n.jpg
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත "නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන" බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ.

    View attachment 125234


    ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

    පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි වෙසෙන ජනයාට ආරක්ෂක ස්ථාන වෙත පළා යාමට සිදුව ඇත.
    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරිදා පස්වරුවේ රැස්වීමට නියමිතය.

    ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් තවදුරටත් ඉදිරියට යමින් තිබියදී එම තත්ත්වය යම්තාක් දුරකට සමනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිතයෙකු සෙනසුරාදා (මැයි 15) ටෙල් අවිව් නගරයට ලඟා විය.
    ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවල නිරත වන හාඩි අමර්, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් පවසන පරිදි "තිරසාර සන්සුන් බවක" අවශ්‍යතාව අවධාරණය කරයි.

    සෙනසුරාදා සිදු වූයේ කුමක්ද?​

    සෙනසුරාදා (මැයි 15) ගාසා තීරයේ සරණාගත කඳවුරක් මතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර පලස්තීන රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මරණයට පත් විය.
    මේ සතියේ ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය 2014 වසරෙන් පසු හටගත් දරුණුතම ගැටුම්කාරී තත්ත්වයයි.

    View attachment 125235

    බයිඩන්ගෙන් දුරකතන ඇමතුම්​

    එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් වෙත සෙනසුරාදා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දුරකතන ඇමතුම් ගෙන තිබිණි. උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කර ඇත.

    සඳුදා (මැයි 10) ගැටුම් හටගත් අවස්ථාවේ සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගයන් 148 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ මරණයට පත් සංඛ්‍යාව 10 කි.

    ගාසා හි මරණයට පත් වූවන් අතර සටන්කරුවන් ගණනාවක් සිටින බව ඊශ්‍රායලය පවසද්දී පලස්තීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ දරුවන් බවය.

    දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය.

    එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය.

    ගැටුම් උත්සන්න වූයේ කෙසේද?​

    සෙනසුරාදා ගාසා තීරයේ 13 දෙනෙකු මරණයට පත් වූ අතර ගාසා නගරයේ බටහිර පෙදෙසේ පිහිටි සරණාගත කඳවුරක් මතට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් 10 දෙනෙකු ද ඒ අතර වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

    ප්‍රහාරයෙන් දිවි බේරී ඇත්තේ පස් මසක් වයසැති බිළිදෙකු පමණක් බව පැවසේ. සුන්බුන් අතර සිය මවගේ මළ සිරුර අසල සිරවී සිටියදී බිළිඳා සොයා ගනු ලැබූ බව ද වාර්තා විය. තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදහන් වී ඇති බවත් පැවසුනි.

    එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ගැටුම් හේතුවෙන් සඳුදා දින සිට මේ දක්වා ගාසා හි පලස්තීනුවන් 10,000 ක් පමණ සිය නිවාස අතහැර ගොස් තිබේ.
    රාත්‍රිය පුරා ගාසා වෙතින් රොකට් 200 ක් පමණ දියත් වුණු බව ඊශ්‍රායල බලධාරීහු වාර්තා කළහ. ඊශ්‍රායලයේ ඇෂ්ඩොඩ්, බීර්ෂීබා සහ ස්ඩරොට් යන දකුණු දිග නගරවල නිවාස වෙත එම ප්‍රහාර එල්ල වී ඇති බවත් ඔවුහු පැවසූහ.
    සඳුදා සිට සෙනසුරාදා තෙක් ගාසා වෙතින් රොකට් ප්‍රහාර 2,300 ක් පමණ එල්ල වී ඇති බව කී ඊශ්‍රායල හමුදාව ඉන් 1,000 ක් පමණ මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කළ බවත් තවත් 380 ක් මද දුරක් පැමිණ ගාසා තීරය මතටම පතිත වී ඇති බවත් සඳහන් කළහ.

    මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිල්ලකටත් ගුවන් ප්‍රහාර​

    View attachment 125237

    AP පුවත් සේවය සහ අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන මෙන්ම තවත් කාර්යාල සහ මහල් නිවාස පිහිටි උස් ගොඩනැගිල්ලක් සෙනසුරාදා සවස එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් විය.
    ඉන් සුළු මොහොතකට පසු ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියවුණේ ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කරුවන් වන හමාස් කණ්ඩායමට අයත් හමුදාමය උපකරණ ගොඩනැගිල්ල තුළ තිබුණු බවය. ගොඩනැගිල්ලේ හිමිකරු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

    ඊශ්‍රායල හමුදාව, ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන්ට ඉන් ඉවත්වන්නැයි නියෝග කර පැයකට පමණ පසු ඊට ප්‍රහාර එල්ල වූ බව AP පුවත් සේවය පැවසීය.

    "මෙය අතිශය කම්පනකාරී තත්ත්වයක්. අපි භයානක ජීවිත හානියක් නූලෙන් වළකා ගත්තා. AP මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් ගණනාවක් ගොඩනැගිල්ල තුළ සිටියා. වෙලාවට ඔවුන් ඉන් ඉවත් කර ගන්න අපිට හැකි වුණා," යනුවෙන් AP පුවත් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ගැරී පෘයිට් කියා සිටියේය.


    maina nanage pukata wanda anthimedi
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads