ඊ චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඊ චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා

    මින් පසු ඊ-චැනලින් සේවාව රජයේ රෝහල් වලටත්

    ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඊ චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා. ද හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

    දොම්පේ දිසා රෝහල සඳහා මෙය ප්‍රථම වරට හඳුන්වා දීම සිදුවූ අතර, අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියලුම රජයේ රෝහල්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක

    ඩිජිටල් සෞඛ්‍යය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි.

    මෙම ඉ-චැනලින් සේවාව නිසා බාහිර ප්‍රතිකාර අංශය සඳහා පැමිණෙන රෝගීන්ට කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයා හමුවට පැමිණිය හැකිය.

    එහිදී, 071-5225225 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක තම ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    මෙහිදී චැනලින් සේවාවට අදාළ එම සමාගම අයකරන ගාස්තු ගෙවිය යුතු අතර රෝහල් හා වෛද්‍ය ගාස්තු නොමිලේ හිමිවනු ඇත.
     
    • Like
    Reactions: freddy