ඊ නිවුස් ලොකු හොරා මාට්ටු
ඊ නිවුස් ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරු හඳුනා ගනී
අද-හෙටම අත්අඩංගුවට ගැනීමට සැරසෙයි
ඊ නිවුස් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ ‘මහ මොළකරු’ හඳුනාගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඒ අනුව ඔහු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු වන “භූතයා” පොලිසියට කළ පාපොච්චාරණය අසත්‍ය බවට ප්‍රකාශ කරන ලෙසට භූතයාට සහ ඔහුගේ පවුලේ අයට එල්ලවී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් පසු සිද්ධියේ සැලසුම්කරු පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකිවී ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර භූතයා හා ඔහුගේ සහායක “සූසා” ගේ නිවෙස්වලට පැමිණ හා දුරකථන මගින්ද ඔවුන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට නාඳුනන පිරිසක් විසින් මරණීය තර්ජන එල්ලකර තිබෙන බවට වැල්ලම්පිටිය හා තලංගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබිණ.
ඉකුත් 11දා වැල්ලම්පිටිය වැලිවිට ප්‍රදේශයේ මහමඟ ගමන්කරමින් සිටි භූතයාගේ සොහොයුරා වන සුදත් ජයලත් නමැති අයට යතුරුපැදිකරුවකු මරණ තර්ජන එල්ලකර හිසට පහරදී තිබෙන බවද පොලිසිය පවසයි.
මෙසේ පැමිණ ඇති නාඳුනන යතුරුපැදිකරුවකු පිස්තෝලයක් එල්ලකර පවසා ඇත්තේ පොලිසියට කළ පාපොච්චාරණය අධිකරණයේදී අසත්‍ය බවට ප්‍රකාශ කරන ලෙස භූතයාට දැනුම්දෙන ලෙසයි.
මේ වෙනුවෙන් භූතයාගේ පවුලේ අයට මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදෙන බවත් භූතයාට විදෙස්ගතවීමට උපකාර කරන බවත් යතුරුපැදිකරු සඳහන්කර තිබේ. යතුරුපැදිකරු අංක පුවරු වසාගත් යතුරුපැදියක පැමිණ ඇති අතර භූතයාගේ සොහොයුරාට තර්ජනය කර අතතිබූ ගිනිඅවියෙන් හිසට පහරදී පලාගිය බවට පහරකෑ සුදත් ජයලත් විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිළිකර ඇත.
මේ අනුව පැමිණිළිකාර සුදත් ජයලත්ගේ හිසට සුළු තුවාල සිදුවී තිබෙන බව පොලිසිය පවසයි.
ඇපමත මුදාහැරීමෙන් පසු නිවෙස්වලට ගිය “භූතයාට” හා “සූසා” ට නාඳුනන යතුරුපැදිකරුවන් පැමිණ අධිකරණය හමුවේ තමන් කළ පාපොච්චාරණ අසත්‍ය බවට ප්‍රකාශ කරන ලෙසට තර්ජනය කර ඒ සඳහා මුදල් පසුම්බි ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයිද ඔවුන් පොලිසියට පවසා තිබේ.
මේ අනුව සැකකාර භූතය, සූසා හා ඔවුන්ගේ ඥාතීන් පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස වැල්ලම්පිටිය හා තලංගම පොලිස් ස්ථානවලින් ඉල්ලා තිබේ.
ඊ නිවුස් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට මෙසේ සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් ද පොලිසිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ අනුව ඊට සම්බන්ධ ප්‍රධානියා වන මහ මොළකරු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය කීය. සිද්ධිය පිළිබඳ වැල්ලම්පිටිය හා තලංගම පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ පවත්වයි.
දිනමිණ ජාතික පුවත්පත