ඊ-පාස්පෝට් මිලට ගැනීමේ ටෙන්ඩරයට විමර්ශනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විද්‍යුත් විදේශගමන්බලපත්‍ර(ඊ-පාස්පෝට්) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (3) දැනුම් දුන්නේය.විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම ගොනු කර තිබූ පෙත්සම මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එසේ දැනුම් දුන්නේය.


    අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.මෝසමකට අනුව අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින්, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කීය.


    විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ජාතික ප්‍රසම්පාදන කමිටුව සතියක කාලයක් ඉල්ලා ඇතැයි කී සුමති ධර්මවර්ධන මහතා, ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය. වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගේශ්වරන් මහතා කරුණු දක්වමින්, අදාළ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළකාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරගැනීමට සිය සේවාදායකයන් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ අධිකරණය, පෙත්සම විභාග කිරීම සඳහා ජනවාරි 23 වැනිදා කැඳවීමට නියම කළේය.

    ranilta apahu rewennai yanni, sure ekatama hora wedak wela athi othana