උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශි&#3520

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශි&#3520

    කොළයේ මුල් පැත්තේ තිබුණේ මේ දිනවල ලංකාවේ වැඩක් පලක් නැති ගෙවල්වල සහ දිගක් පළලක් නැති ඔළුවල ප්‍රසිද්ධම ඉන්දියානු මෙගාවක් වන “ප්‍රේම දඩයමේ“ නාගකන්‍යාව වන ශිවන්‍යාගේ රුවකි. කොළයේ පිටිපස්සේ ටියුෂන් ගුරුවරයාගේ නම යන්තමට ලියා පන්තිය කෙරෙන තැන්වල තොරතුරු සවිස්තරව ඇත. ඒත් කොළයේ යටම තඩි අකුරෙන් ලියා තිබුණේ “පළමු දින පන්තියට සහභාගීවන සැමට ශිවන්‍යාගේ විශාල ප්‍රමාණයේ වර්ෂ ඡායාරූප කැලැන්ඩරයක් නොමිලේ“ යනුවෙන්ය. මේ රටේ ටියුෂන් අධ්‍යාපනය මේ තැනට ගෙන ආ එවුන් සොයාගොස් හොම්බට හැටක් අනින්න හිතෙන තරමටම ඒ අත්පත්‍රිකාව පිළිකුල්ය

    ඉතිරිය කියවන්න

    http://struggle.lk/index.php/2016/12/16/tution-lanka/
     
    • Like
    Reactions: Dr.Amdan

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2.50 සයිට් එළකිරිය තුළ ස්පෑම් කිරීම :rofl:
    මෙතන මහ ලොකුවට පොර ටෝක් දීලා ආටිකල් ලියලා සයිට් වල දාගන්නවා. අන්තිමට සයිට් එක බලන්න බල්ලෙක් නැති උනාම ඇවිල්ලා එලකිරිය ස්පෑම් කරනවා. :angry: ගුරෙකුට බැනලා ආටිකල් එකක් දාලා තියනවා කිසිම පෲෆ් එකක් නෑ. ඒ ආටිකල් එක ඇත්තක්ද බොරුවක්ද දන්නෙත් නැ.
    හැම ගුරුවරයෙක්ම නිවැරදි දේ කරනවා කියලා අපිට කියන්න බෑනේ. නමුත් ළමයින්ට, ළමයින්ගේ දෙමව්පියන්ට මොලේ කළදක් වත් තියෙන්න ඕනේ ගුරුවරු තෝරගෙන බේරගෙන පංති යන්න. මොකද AL ළමයෙක් කියන්නේ ළදරුවෙක්ද? අනිත් එක දෙමව්පියෝ අන්ධ බීරෝ වගේ ද ඉන්නේ ළමයි විනාස වෙනකල්. මේ ආටිකල් එකේ අන්තිම ටික කියෙව්වම ලියපු කෙනාගේ ළාමක බව නම් හොදට පැහැදිලි වෙනවා. :lol::lol:


    ස්පෑම් ඕනි නෑ. මෙන්න ඔය සයිට් එකේ තියන සම්පූර්ණ ආටිකල් එක.

    උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශිවන්‍යාලා, ඉෂානිලා…
    පසුගිය ඉරිදාවක ගම්පහ නගරයේ බස් රථකයකට ගොඩවී සිටින මොහොතක දඩිබිඩියේ එයට ගොඩවූ මැදි වයසේ පුද්ගලයෙක් බස් රථයේ සිටි සියල්ලටම බෙදාදුන්නේ අත්පත්‍රිකාවකි. එය ටියුෂන් පන්තියක ආරම්භය ගැන දැනුම්දෙන පත්‍රිකාවකි. කොළයේ මුල් පැත්තේ තිබුණේ මේ දිනවල ලංකාවේ වැඩක් පලක් නැති ගෙවල්වල සහ දිගක් පළලක් නැති ඔළුවල ප්‍රසිද්ධම ඉන්දියානු මෙගාවක් වන “ප්‍රේම දඩයමේ“ නාගකන්‍යාව වන ශිවන්‍යාගේ රුවකි. කොළයේ පිටිපස්සේ ටියුෂන් ගුරුවරයාගේ නම යන්තමට ලියා පන්තිය කෙරෙන තැන්වල තොරතුරු සවිස්තරව ඇත. ඒත් කොළයේ යටම තඩි අකුරෙන් ලියා තිබුණේ “පළමු දින පන්තියට සහභාගීවන සැමට ශිවන්‍යාගේ විශාල ප්‍රමාණයේ වර්ෂ ඡායාරූප කැලැන්ඩරයක් නොමිලේ“ යනුවෙන්ය. මේ රටේ ටියුෂන් අධ්‍යාපනය මේ තැනට ගෙන ආ එවුන් සොයාගොස් හොම්බට හැටක් අනින්න හිතෙන තරමටම ඒ අත්පත්‍රිකාව පිළිකුල්ය.

    උසස් පෙළ සිංහල පන්තියක විෂය නිර්දේශයේ සහ ඉන්දියානු තුට්ටු දෙකේ මෙගාවක නිලි පංචස්කන්දයක් සමග ඇති සම්බන්ධතාව කුමක්ද යන්න පැහැදිලි නැත. ඒත් කසිකබල් අලෙවි යාන්ත්‍රණය සහ හරයක් නැති ටියුෂන් ගුරාලාගේ මන්ද මානසිකත්වය ගැන නම් කතා කල යුතුමය. නමුත් මේ චෝදනාව සමස්ත ගුරු පරපුරටම හෝ ටියුෂන් ගුරු පරපුරටම අදාල නොවන බවද කිව යුතුය. අදටත් මෙවැනි කසිකබල් වැඩ නොකර ගන්නා මුදලට වඩා දැනුමක් ලබාදෙන ටියුෂන් ගුරුවරුන්ද මෙරට ජීවත් වෙති. මේ තුට්ටු දෙකේ ටියුෂන් සර්ලාගේ වැඩ නිසා පෙරකී ගුරුවරුන්ටද මහමග යන්නට බැරි තරමට නින්දාවක් සිදුව ඇත.

    ප්‍රධානම තර්කය වන්නේ තමන් දක්ෂ ගුරුවරයෙක් නම්, තමන්ගේ වෘත්තිය තුල තමන් සාර්ථකනම් මොන කෙහෙල්මලකට ඉන්දියානු හැලියන්ගේ පංචස්කන්ද විකුණමින් තමන්ගේ ටියුෂන් පන්තිය ප්‍රචලිත කලයුතුද කියාය. සරලම උදාහරණය අදටත් ලංකාවේ දශක හතරක් පුරා ටියුෂන් පන්ති පවත්වන ගුරුවරයෙක් හැම වර්ෂයක පාහේ ගහන්නේ එකම ආකාරයේ පෝස්ටරයකි. එහි ඇත්තේ තමන්ගේ වාසගම සහ පන්තිය ඇති තැන සහ දිනය පමණි. පන්තියට ළමුන් යන්නේ පෝලිමටය, දහස් සංඛ්‍යාත සිසුන් මැද තමන්ගේ කාර්යද හරියාකාරව කරන නිසා දශක හතරක් ගතවී ඇතත් සේවයට ඇති ඉල්ලුමේ දශමයක අඩුවක් නැත. දක්ෂයන්ට ගොඩයන්නට වෙන වෙන මාර්ග අවශ්‍ය නැත. ගොඩයන්නේ තමන් දක්ෂ මාර්ගයෙන්මය.

    කාලයක් ටියුෂන් පන්තිවල උගන්වන්න බැරි ගුරාලා තමන්ගේ පන්ති මාර්කට් කලේ එක එක දේ නිකන් දෙන බව කියමින්ය. පළමු දින පැමිණෙන ඔබට සුවඳ බේරෙන සෙන්ට් කුප්පියක් නොමිලේ, නැතිනම් අලංකාර ෆයිල් කවරයක් නොමිලේ යනුවෙන් කියමින්ය. පසුව මෙය තවත් පොෂ් වී සීඩී තැටි, ඩික්ෂනරි පමණක් නොව මාල වළලු දෙන තැනට පත්විය. ලංකාව තුල කොරියානු කතා උන්මාදය පැතිරෙන විට මේ උගන්වන්න බැරි ගුරාලාගේ ගැලවිල්ලට ආවේ චංගුමීය, ඊටත් පස්සේ තව තව කොරියානු කතාවල චරිතය, තවත් කාලයක් ශිහාන් මිහිරංග විකුණුවේය, දැන් විකුණන්නේ එක්කෝ ඉෂිතාය, නැතිනම් ඉෂානිය ඒත් නැත්නම් නයි පෙණ ශිවන්‍යාය. ඒ තරම් තුප්පහි තැනකට ලංකාවේ ටියුෂන් ගුරුවරුන් කොටසක් පත්ව ඇත.

    මෙයින් බරපතලම හානිය සිදුවන්නේ අසරණ දෙමව්පියන්ගේ තුට්ටු දෙක අතේ ගුලිකර අනාගතය ගැන කප්පරක් හීන තබාගෙන පන්තියට එවන දරුවාගේය. හරියට හයක් හතරක් නොදන්නා දරුවා මේ ඉන්දියානු නිලියන්ගේ සාරි මෝස්තරවලට, මළවිකාරවලට, කිසිම හරයක් නැති කතාවලට ගෙදර රූපවාහිනිය ඉදිරියේ වටිනා කාලය නාස්ති කරමින් සිට අධ්‍යාපනය හීනය වෙනුවෙන් පන්තියට යන්නේද අර පෙරකී නිලියන්ගේ හෙළුව පෙන්වා පන්තියට ඔළුගෙඩි පුරවන උගන්වන්න බැරි අඳබාල ගුරාලාගේ මුලාවට හසුවීය. ඒ දරුවන්ගේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලිවලට මෙන්ම දරුවන්ගේඅ නාගතයටද අබ සරණමය.
     
    Last edited: