උගැන්ඩාවේ රසකතා - හිනාවුනොත් තොපිව කනවා..
ඔන්න උගැන්ඩාවේ ගම්බද පළාතකින් නගරයට ආව ගැමියෙකුට හදිසියේම ශරීර කෘත්‍යය කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණාලු. වැඩේ කරන්න සුදුසු තැනක් හෙවුවලු හෙවුවලු, ඒත් හොයා ගන්න බැරි වුණු නිසා පාර අයිනෙම වැඩේ කළාලු. වැඩේ කරලා නැගිටින්න වත් ලැබුණේ නැහැලු, ඔන්න පොලිස්කාරයෙක් දුවගෙන එනවලු,
“ඔහෙ හිටු පරයා! තෝ උසාවිය ළඟ කැත කරලා අපහාස කළා නේද?” කියලා බැන බැන.
අනේ ඉතින් අර ගැමියට හරි ලැජ්ජා හිතුනාලු.
“සමා වෙන්න හාමුදුරුවනේ! මම මෙතන උසාවියක් තියෙන බව දැන ගෙන නෙවෙයි මළ පහ කළේ. මම ඒ ටික අස් කරන්නම්” ගැමියා දැන් දහ අතේ වැඳ වැටෙනවලු.
“මට ඔය කතාවලින් වැඩක් නැහැ බොල. තෝ වර යන්න නඩුකාරතුමා ළඟට.” කියලා පොලිස්කාරයා මේ මනුස්සයා වත් ඇදගෙන ගියාලු නඩුකාරතුමා ළඟට.
නඩුකාරතුමා අහගෙන හිටියලු පොලිස්කාරයාගේ පැමිණිල්ල. ඊට පස්සේ ගැමියට කිවුවලු,
“උඹ මහ කෙයාලස් පොරක්නේ. දන්නෙ නැද්ද උසාවිය ගාව කක්කා කොරන්ට හොඳ නැහැ කියලා.” ආ නෑ නෑ එහෙම කිවුවොත් ඉතින් මමනේ. මේ නඩුකාරතුමා කිවුවේ,
“යුෂ්මතා දන්නේ නැද්ද උසාවියක් අසළ මළ පහ කිරීමෙන් උසාවියට අපහාසයක් වෙන බව? තමා විසින් කරන ලද මේ ක්‍රියාව සඳහා රන් කාසි බාගයක දඩයක් නියම කරනවා.” කියලයි.
ඉතින් ගැමියා ගැහි ගැහී තමන්ගේ කබා සාක්කුවට අතදාලා, හොයලා හොයලා එළියට ගත්තාලු කාසියක්. අරන් කිවුවලු,
“අනේ හාමුදුරුවනේ! මයෙ ළඟ බාගෙ කාසියක් නැතුවා. තියෙන්නේ රන් කාසි එකක් විතරනේ.” කියලා. දිළිසි දිළිසි තියෙන මේ රන් කාසිය දැක්කම නඩුකාරතුමාට මහ පෙරේතකමක් ආවලු. ඉතින් එතුමා අත් දෙක හොඳින් පිරි මැද මැද කාසිය ගන්න ගමන් ගැමියට කිවුවලු මෙහෙම.
“හ්ම්…යුෂ්මතා ළඟ බාගෙ කාසියක් නෑ නේද? එහෙනම් ඉතින් මොනවා කරන්නද? ඔය සම්පූර්ණ කාසියට හිලවු වෙන්න හෙටත් ඇවිත් ඔය වැඩේම කොරහන්, උසාවිය ගාව.”