උගැන්ඩාවේ රසකතා - හිනාවුනොත් තොපිව කනවා..

Dec 19, 2012
78
27
0
උගැන්ඩාවේ රසකතා - හිනාවුනොත් තොපිව කනවා..

ඔන්න උගැන්ඩා ගම්බද පළාතකින් නගරයට ආව ගැමියෙකුට හදිසියේම ශරීර කෘත්‍යය කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණාලු. වැඩේ කරන්න සුදුසු තැනක් හෙවුවලු හෙවුවලු, ඒත් හොයා ගන්න බැරි වුණු නිසා පාර අයිනෙම වැඩේ කළාලු. වැඩේ කරලා නැගිටින්න වත් ලැබුණේ නැහැලු, ඔන්න පොලිස්කාරයෙක් දුවගෙන එනවලු,


“ඔහෙ හිටු පරයා! තෝ උසාවිය ළඟ කැත කරලා අපහාස කළා නේද?” කියලා බැන බැන.
අනේ ඉතින් අර ගැමියට හරි ලැජ්ජා හිතුනාලු.


“සමා වෙන්න හාමුදුරුවනේ! මම මෙතන උසාවියක් තියෙන බව දැන ගෙන නෙවෙයි මළ පහ කළේ. මම ඒ ටික අස් කරන්නම්” ගැමියා දැන් දහ අතේ වැඳ වැටෙනවලු.


“මට ඔය කතාවලින් වැඩක් නැහැ බොල. තෝ වර යන්න නඩුකාරතුමා ළඟට.” කියලා පොලිස්කාරයා මේ මනුස්සයා වත් ඇදගෙන ගියාලු නඩුකාරතුමා ළඟට.


නඩුකාරතුමා අහගෙන හිටියලු පොලිස්කාරයාගේ පැමිණිල්ල. ඊට පස්සේ ගැමියට කිවුවලු,
“උඹ මහ කෙයාලස් පොරක්නේ. දන්නෙ නැද්ද උසාවිය ගාව කක්කා කොරන්ට හොඳ නැහැ කියලා.” ආ නෑ නෑ එහෙම කිවුවොත් ඉතින් මමනේ. මේ නඩුකාරතුමා කිවුවේ,


“යුෂ්මතා දන්නේ නැද්ද උසාවියක් අසළ මළ පහ කිරීමෙන් උසාවියට අපහාසයක් වෙන බව? තමා විසින් කරන ලද මේ ක්‍රියාව සඳහා රන් කාසි බාගයක දඩයක් නියම කරනවා.” කියලයි.
ඉතින් ගැමියා ගැහි ගැහී තමන්ගේ කබා සාක්කුවට අතදාලා, හොයලා හොයලා එළියට ගත්තාලු කාසියක්. අරන් කිවුවලු,


“අනේ හාමුදුරුවනේ! මයෙ ළඟ බාගෙ කාසියක් නැතුවා. තියෙන්නේ රන් කාසි එකක් විතරනේ.” කියලා. දිළිසි දිළිසි තියෙන මේ රන් කාසිය දැක්කම නඩුකාරතුමාට මහ පෙරේතකමක් ආවලු. ඉතින් එතුමා අත් දෙක හොඳින් පිරි මැද මැද කාසිය ගන්න ගමන් ගැමියට කිවුවලු මෙහෙම.
“හ්ම්…යුෂ්මතා ළඟ බාගෙ කාසියක් නෑ නේද? එහෙනම් ඉතින් මොනවා කරන්නද? ඔය සම්පූර්ණ කාසියට හිලවු වෙන්න හෙටත් ඇවිත් ඔය වැඩේම කොරහන්, උසාවිය ගාව.”
 
Dec 19, 2012
78
27
0
දෙවෙනි කතාව....

ගුරුතුමාගේ නම්බුව



උගැන්ඩාවේ එක්තරා ගම්බද පෙදෙසක හිටියලු ගුරුතුමෙක්. ඒ කාලේ අකුරු ඉගෙන ගන්න අවසර තිබුණේ පොහොසත් පවුල්වල දරුවන්ට විතරයි. ඉතින් මේ ගුරුතුමා ඉගැන්නුවෙත් ඒ වගේ පොහොසත් පවුලක දරුවෙකුට. මේ දරුවට කොච්චර ඉගැන්නුවත් උගන්නන දේ මතක හිටින්නේ නැහැලු. මේ කියන දේ මේ අමතකලු. ගුරුන්නාන්සෙට එපා වුණාලු මූට හැමදාම එකම දේ උගන්නලා.

ඉතින් බොහොම දුප්පත් ගුරුන්නාන්සෙට මේ ළමයව අතහැරලත් බැහැලු, තමන්ට ලැබෙන ගතමන්ට් එක නැති වුණොත් තමන්ගෙ ළමයින්ට කන්න බොන්න වත් නැතිව යනවනේ. අනික පොහොසතාගෙ ළමයට ඉගෙන ගන්න බැරි බව අනිත් අය දැන ගත්තොත් ගුරුන්නාන්සෙගෙ දුරුවල කම නිසා එහෙම වුණා කියලා ගුරැන්නාන්සෙටම තමා දෝස්මුරේ වැටෙන්නේ. මොකද ඔය ලොකු පවුල්වල මිනිස්සු බනින්න බලාගෙන ඉන්නේ තමන් යටතේ වැඩ කරන ඈයින්ටනේ. ඒ නිසා තමන්ගෙ තත්ත්වයත් රැක ගෙන පෝසතාගේ ළමයව නෝන්ඩි කරන්න හිතාගෙන ගුරුන්නාන්සේ මෙහෙම කිවුවලු.


“අනේ අයිබොවන්ඩ, මේ ළමයා සාස්තරේට බොහොම දුරුවලයි නොවැ! මගේ වරදක් නම් නෙවෙයි ඕං. මයෙ ළමයත් මෙයාගෙ වයසෙමයි. මෙයාට උගන්නන ඒවම මයෙ ළමයටත් මම උගන්නනවා. ඒ ළමයා නම් ඉගෙනුමට බෝම දස්සයි.”


මේක අහපු පෝසතාට මළ පැන්නලු. “ඈ බොල! තොට දැන් කොච්චර කාලෙක ඉඳන්ද මේ ගුරුන්නාන්සෙ උගන්නන්නෙ. තවම තොට හෝඩිය වත් බෑනෙ.” කියලා තමන්ගෙ ළඟ හිටපු මෝඩ පුතාට ටොක්කක් ඇන්නලු. ඊට පස්සෙ ගුරුන්නාන්සෙ දිහාට හැරිලා කිවුවලු,


“ අනේ ගුරුන්නාන්සේ, හෙට එනකොට තමුන්නැහේගෙ ළමයවත් එක්ක එන්න. එතකොට වත් අපේ බූරුවා ඉගෙන ගනීද බලන්න.”


ඉතින් ගුරුන්නාන්සෙත් ඒකට කැමති වෙලා ගෙදර ආවලු. වැඩේට කැමති වුණාට මොකෑ ගුරුන්නාන්සෙට වුණේ හරි අකරතැබ්බයක්ලු. අනුන්ගෙ ළමයින්ට උගන්නලා ගතමන්ට් එකක් හෙවුවා මිසක් තමන්ගෙ ළමයට උගන්නන්න, ගුරුන්නාන්සෙට මෙතෙක් කල් වුවමන්වක් තිබුණේ නැහැලු. ගුරුන්නාන්සෙගෙ ළමයා, ඇළේ දොළේ මාළු අල්ලන, දවස පුරාම රස්තියාදු ගහන ශරීර හොරෙක්ලු. ඉතින් පුරුදු පරිදි රස්තියක් ගහලා ගෙදර එන කොල්ලව අල්ල ගත්තු ගුරුතුමා කොල්ලට පස් පඩංගුවේ බනින්න ගත්තලු.


“ ඇ බොල ගෙම්බෝ… තෝ මෙතන මම හොයල දෙන දෙයක් කකා රෝන්දෙ යනවා මිසක් අකුරක් ඉගෙන ගත්තොත් නරකද?”


කොල්ලා උඩ ගියාලු.


“ඇයි වදේ! අප්පුච්චා මට කවදාවත් අකුරු සෑත්තරේ පුරුදු කොරා යැ.” කොල්ලා ගත් කටටම කිවුවලු.


“හ්ම්..හ්ම්.. එවුවෑං කාරියක් නෑ. දැන් තෝ මම මේ කියලා දෙන වචන ටික මතක තියාගෙන හිටු. හෙට උදේ තෝ එන්න ඕනෑ මාත් එක්ක මුදලාලි මහත්තයාගේ ගෙදර යන්න. ගිහින් මම උඹට මේ කියලා දුන්න වචන ටික හරියට කියවන්න ඕනෑ. ” කියලා ගුරුතුමා කොල්ලට ගෝරනාඩු කළාලු.


“මතක තියා ගනින් ඕං. පළවෙනි වචනය බත්. දෙවනි වචනය ඇඳ. තුන්වෙනි වචනය තාත්තා.”
ඉතින් කොල්ලට මේ වචන ටික කොලේක ලියලා දීලා කට පාඩම් කෙරෙවුවලු. ඔන්න ඊළඟ දවසෙ කුකුළත් කිහිල්ලෙ ගහගෙන මේ පිය පුතු දෙපළ පෝසතාගෙ මාළිගාවට සැපත් වුණාලු.
උදේ කෑමත් පෝසතාගෙ ගෙදරින් සප්පායම් වෙලා, දැන් ඔන්න ගුරුන්නාන්සෙ ලෑස්තිලු පුතණ්ඩියගෙ තරම පෙන්නන්න. පෝසතාගෙ ගෙදර කට්ටියම දැන් වටවෙලා ඉන්නවලු ගුරුන්නාන්සෙගෙ පුත්තර රත්නෙගෙ හරඹ බලන්න.


පාඩමට ලෑස්ති වෙලා, හොඳට උගුරෙ රැල් බුරුල් ඇරපු ගුරුන්නාන්සේ කොල්ලගෙන් අහනවලු,
“හ්ම්…….මයෙ පුතා කියන්න බලන්න මේ වචනය මොකක්ද කියලා.” වචනය ලියපු කොළය දිහා බලා ගෙන කොල්ලා ඇඹරෙනවලු, නියපොතුත් කකා.


“ඇයි මයෙ පුතාට මං මේ වචන කියා දුන්නා නොවැ. මතක් කරලා කියන්න හරියට.”
ම්හු….ඒත් කොල්ලගෙ සද්දයක් නැහැලු. ඒ සැරේ කකුලෙ මහපට ඇඟිල්ලෙන් පොළොවත් හාරන්න ගත්තලු. ඒ සැරේ ගුරුන්නාන්සෙට ටිකක් කේන්ති ගියාලු.
“ මොකක්ද ළමයෝ අපි හැමදාම කන ඒවනේ.”


ඔන්න කොල්ලගෙ මූණට හිනාවක් වැටුණලු. කොල්ලා පැන්න ගමන් කිවුවලු,


“කැඳ!” කියලා. ඔන්න ‘බත්’ කියන වචනය කොල්ලා තේරුම් ගත්තු හැටි! දැන් ඉතින් ගුරුතුමාට ලැජ්ජයිලු, මොකද පෝසතා දැනගත්තානේ ගුරුන්නාන්සෙගෙ ගෙදර හැම දාම කන්නේ කැඳ කියලා.


දැන් ඔන්න ගුරුතුමා දෙවනි වචනය විදියට ‘ඇඳ’ කියලා ලියලා තිබුණු කොළය ගත්තලු.
අරන් ඇහුවලු, “මයෙ පුතාට බත් කියන වචනය වැරදුණානේ. මේ මොකක්ද කියන්න.”
කොල්ලා ආපහු ඇඹරෙන්න ගත්තලු. දැන් වැඩේ හරියන්නේ නැහැනේ. මළ පැනපු ගුරුන්නාන්සේ කිව්වලු,


“ඇයි ළමයෝ, අපි නිදා ගන්නේ මොකේද? මේ ඒකට කියන වචනය නේ.”
කොල්ලා දෙපාරක් හිතුවේ නැතිව පැන්න ගමන් කිවුවලු,


“පැදුර!” කියලා. දැන් පෝසතාගෙ ගෙදර මිනිස්සු හොරෙන් හොරෙන් හිනා වෙනවලු. ගුරුන්නාන්සෙට කර කියා ගන්න දෙයක් නැතිව,


“මයෙ පුතා අද බය වෙලානේ. ඇයි වචන වරද්දන්නේ. මේ වචනය හරියට කියන්නකෝ.” කිවුවලු ‘තාත්තා’ කියන වචනය ලියලු කොළේ පෙන්නලා.


ඉතින් එක දවසින් අකුරු ඉගෙන ගන්න බැරි නිසා කොල්ලා බිම බලා ගෙන හිටියලු. කොල්ලට දැන් ඇඞෙන සයිස්ලු. ඇයි අප්පුච්චට කළ නොසන්ඩාල වැඩේ නිසා ගෙදර ගිය ගමන් සබ්බුව හම්බ වෙන බව දන්නවානේ. බලා ඉඳලා බැරිම තැන ගුරුන්නාන්සේ කිවුවලු,


“අයියෝ ළමයෝ, ඕකවත් දන්නේ නැද්ද? අම්මගෙ ඇ‍දේ අනිත් පැත්තේ නිදා ගන්න කෙනානේ.”
ඔන්න හරි උත්තරේ දන්න නිසා කොල්ලට හෙන හැපීලු. පැන්න ගමන් ඌ කිවුවලු,



“අල්ලපු ගෙදර මාමා!!” කියලා.
 
Last edited:
Dec 19, 2012
78
27
0
තෙවෙනි කතාව....

ඔන්න උගැන්ඩාවේ පිටිසර ගමක එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා.


“මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?”
“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.
“ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?” මිතුරා කුතුහලයෙන් ඇහුවා.
“හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා” මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. “කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”

“ඉතින් එක එච්චර ලොකු දෙයක් නෙවෙයි නේ? ඉතින් එක එච්චරටම නරක දෙයක් ද ?”

“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.
“හරි ඉතින් මොකක්ද උනේ ?”
“ඉතින් මම බැරිම තැන ඒකිගේ වම් කකුල අල්ලලා එතන තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා” ගොවියා කතාව ආයිත් පටන් ගත්තා. “ඊට පස්සේ මම ආයිත් කිරි දොවන්න පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන දකුණු කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”
“ආයිමත්?” විශ්මයට පත් මිතුරා උස හඬකින් ඇහුවා.
“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.
“ඉතින් ඔයා මොකක්ද කලේ ?” මිතුරා කුතුහලයකින් නැවතත් ඇහුවා.
“මම ඒකිගේ දකුණු කකුල අල්ලලා එතන අනික් පැත්තේ තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා”
“ආආආ හරි, ඊට පස්සේ ?”
“ආයිත් මම කිරි දොවන වැඩේ පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට මෝඩ එළදෙන ඒකිගේ වලිගයෙන් භාජනේට ගහලා පෙරළුවා”
“අයියෝ!! ඔයාට මාර අවුල් ඇති නේ ?”
“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.
“හරි, ඊට පස්සේ ඔයා මොකක්ද කලේ ?”
“ම්ම්ම්ම්ම් මං ගාව තව කඹ තිබුනේ නැති නිසා මම මගේ බෙල්ට් එක අරන් ඒකිගේ වලිගේ බාල්කෙට තියලා ගැට ගැහුවා.” මහලු ගොවියා කිව්වා.
“ඒ වෙලාවේ මගේ කලිසම ගැලවිලා වැටුනා. ඒ වෙලාවෙම........@$$%$$
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ ගෑනි ගේ පිටිපස්සට ආවා.
.
.
.
.
.
.
මම කිව්වා වගේ

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….”


ගොවියා දිග හුස්මක් හෙලමින් අතේ තිබුන වීදුරුව හිස් කළා.
 
Last edited:
Dec 19, 2012
78
27
0
ඔන්න දෙකත් දැම්මා....!!!

හතරවෙනි කතාවත් දාන්නම ....මදක් රැදී සිටින්න
 
Last edited:
Dec 19, 2012
78
27
0
උගැන්ඩාවේ නගරබද පැත්තක අවුරුදු 3ක 4ක විතර පොඩි එකෙක් අම්මා ලඟට දුවගෙන දුවගෙන ඇවිත්, උගේ අසුවල් අවයව සෙට් එක පෙන්නලා ඇහුවලු,
“අම්මේ… අම්මේ… මගෙ මොලේ තියෙන්නෙ මෙතනද?” කියලා.

අම්මා කිවුවලු, “දැනට නම් උඹේ මොලේ තියෙන්නෙ ඔලුවේ. හැබැයි තව අවුරුදු 20කින් මොලේ ඔතනට එනවා” කියල.


මොරාල් එක - ලොකු වුනාම රටට බරක් නොවෙන්න නම් අතපය වගේම මොලෙත් හොල්ලලා වැඩ කරන්න ඕන ;)
 
  • Like
Reactions: prageeth119lk