ඕකම මටත් උනා. චූ කරපු ගමන් අස් කරොත් අවුලක් නෑ. පැයක් දෙකක් තිබ්බොත් ඉවරයි. බැරි වෙලාවත් ac දැම්මොත් සතියක් විතර ගඳ යන්නෑඔය ආතල් එක අපෙ ගෙදරත් තියනව. සිවිලිම උඩ කලවැද්දො එනව.
එක දවසක් චූ කරල සිවිලිම මැද්දෙන් වැටුන ඇඳට. ගන්දස්සාරෙ බෑ යකෝ කාමරේම.
හොඳ වෙලාවට රෙද්දක් දැම්ම වැටෙනකොටම. නැත්තන් නිදාගෙන ඉවරයි ඇඳේ. සිවිලිම උඩ බෙටි දාල පැල්ලන් පැල්ලන් තියනව. එපා වෙනව බං.
බේරෙන්න බැරිම තැන සිවිලම ඇතුලට ලයිට් එකක් දාලා තිබ්බ හරිගියෙ නෑ.
භූමිතෙල් පොඟවපු රෙදි කෑලි ටිකක් දාලා තිබ්බා. සතියක් විතර එන්නෑ. වාෂ්ප වෙලා ඉවර උනාම ආයෙත් එනවා.
ඊට පස්සෙ කැරපොත්තො මදුරුවන්ට ගහන කෑන් එකක් ගෙනල්ලා ස්ප්‍රේ කරා. සති දෙකක් තුනක් එන්නෑ. දැන් සද්ද බද්ද ඇහෙනකොටම ස්ප්‍රේ කරනව.

