උගුරැස්ස_වල_ගුණ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උගුරැස්ස_වල_ගුණ

    Flacourtia-indica-640x400.jpg


    අප ගන්නා ආහාර වර්ග බොහෝ විට ඒකාකාරී ස්වභාවයක් ගනී. විශේෂයෙන් අපි ඇපල්, දොඩම්, අන්නාසි, මිදි, පැ‍පොල් ආදී පලතුරුවලට පමණක් සීමා වී සිටිමු. එයට හේතුව ඒවා වෙළෙඳ‍පොළෙහි බහුලව දක්නට ලැබිමයි. නමුත් ස්වභාවික පරිසරයේ ඉබේ වැවෙන හෝ වගා කිරීමට වැඩි වෙහෙසක් අවශ්‍ය නැති පලතුරු වර්ග කොතෙකුත් අප රටෙහි ඇත. බොහෝ විට එම පලතුරු වර්ග වගාකිරීමට කෘමිනාශක, වල්නාශක, රසායනික ‍පොහොර අවශ්‍ය නැත. එනම් වස විසෙන් තොර පලතුරුය.

    මීට දශක කිහිපයකට පෙර රටේ කවුරුත් පාහේ ආහාරයට එක්කර ගත් මෙම පලතුරු අද බහුලව දක්නට නොමැත. නූතන සංවර්ධන ක්‍රියාවලිය යටතේ භූමිය සීමා වීම, අදාළ පලතුරු වර්ග පිළිබඳව පවතින දැනුම අල්පවීම, ඒවා ආහාරයට සකස් කර ගැනීමේ විධි නොදැන සිටීම මෙයට හේතු වේ. නමුත් එවැනි ස්වභාවික පලතුරු අනුභවය කිරීමෙන් අපේ සෞඛ්‍යයට සිදුවන යහපත නම් ඉතා ඉහළය.
    වර්තමානයේ මෙබඳු ස්වභාවික පලතුරුවලට වැඩි ඉල්ලුමක් ද තිබේ. විශේෂයෙන් බොහෝ පලතුරු විවිධ රසායනිකයන් යොදා වගා කිරීමත්, ඒවා ඉදවීමට කල්තබා ගැනීමට විවිධ රසායනිකයන් භාවිත කිරීමත් මෙයට හේතු වී ඇත. මෙසේ භාවිත කරන විවිධ රසායනිකයන් මිනිස් සිරුරට අහිතකර බැවිනි. එම නිසා පලතුරු අනුභවයෙන් අප බලා‍පොරොත්තු වන නිරෝගී බව සිහිනයක් පමණි. මේ නිසාම අපට නොදැනීම රෝග සමුදායකට මුහුණ දීමට සිදුව තිබේ. වර්තමානයේ වෙළෙඳ‍පොළේ ඇති බොහෝ පලතුරු කුඩා දරුවන්ට ලබාදීමේ දී ඉතාමත් පරිස්සම් විය යුතුය. අප මෙසේ ඔබ දැනුම්වත් කිරීමට බලා‍පොරොත්තු වන්නේ සෞඛ්‍යයට හිතකර ආහාර හා පලතුරු කෙරෙහි ඔබට පුළුල් අවබෝධයක් ලබාදීමටය.

    Uguressa (Governor's Plum).jpg

    උගුරැස්ස යනු ආසියානු කලාපයේ වැවෙන විශේෂයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැවෙන ඉතා රසවත් මෙන්ම ගුණවත් පලතුරු විශේෂයකි. ශ්‍රී ලංකාවේ පහතරට මෙන්ම තෙත් කලාපයේ හොඳින් වැවෙන උගුරැස්ස උද්භිද විද්‍යාත්මකව ලෙස හැඳින්වේ. නමුත් උගුරැස්ස ගෙඩිය හා ශාකය අනුව තවත් ප්‍රභේද දක්නට හැකි වේ. උගුරැස්ස ශාකයේ කඳ පුරා කටු විසිරී ඇති බැවින් මෙයට කටුලොවි යන නම ද ලැබි ඇත. අමු උගුරැස්ස ආහාරයට ගත් විට උගුර ආශ්‍රිත ප්‍රදේශය ස්වර භේදතාවයට පමුණුවන නිසා මෙයට උගුරැස්ස යන නම පටබැඳෙන්නට ඇතැයි සිතිය හැකිය.
    උගුරැස්ස යනු ඈත අතීතයේ සිටම වටිනා පලතුරක් මෙන්ම ඖෂධයක් ලෙස ද භාවිත වී ඇත. විශේෂයෙන් වසරකට දෙවතාවක් පමණ පල දරන උගුරැස්ස ආහාරයට ගැනීමෙන් එදා දරුවන්ගේ නිරෝගීතාව කෙරෙහි කොතෙක් හේතු වී ඇත්දැයි යන්න එහි ගුණ විමසා බැලීමෙන් මනාවට පැහැදිලි වේ. එදා භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට ලබා දුන් අෂ්ට පානයන්හි එක් පලතුරක් වනුයේ උගුරැස්ස යුෂ වේ. මන්ද යත් භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යය රැකගැනීම ඉතා වැදගත් වන හෙයිනි. වනාන්තරවල ඉතා දුෂ්කරව, නිවන අවබෝධ කර ගැනීම සඳහා මැසි මදුරු ආදී සතුන්ගේ පීඩා විඳිමින් වුව ද උන්වහන්සේලාට නිරෝගීව සිටීමට හැකිවූයේ මෙවැනි පලතුරු වැළඳීම නිසා විය හැකිය.


    උගුරැස්ස යනු බාල මහලු සැම දෙනාටම එකසේ ගුණ දෙන ආහාරයකි. විවිධ රෝගවලින් මිදීමට භාවිත කළ හැකි පලතුරකි. අප බෙහෝ විට උගුරැස්ස ආහාරයට ගන්නේ හොඳින් ඉදුණු ගෙඩි වේ. හොඳින් ඉදුණු ගෙඩි දම්පාටය. නැත්නම් දුඹුරු පාටට හුරුය. උගුරැස්ස ගෙඩි ඉතා සියුම් ලෙස අතෙහි ‍පොඩිකර ආහාරයට ගැනීමට අප දැනගත යුතුය. එසේ කිරීමෙන් එහි රසය වැඩිවනවා සේම උගුරෙහි කසට බැඳීම ද අවම කරගත හැකිය.

    වර්තමානයේ බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමි අයට ද දැකිය හැකි රෝග තත්ත්වයකි සන්ධි වේදනාව සහ සන්ධි ඉදිමුම. විශේෂයෙන් ආමවාත (ආතරයිටිස්) වැනි රෝග තත්ත්වයන්හි දී එකී වේදනාව සමනය කිරීමට මෙන්ම එම රෝගය පාලනය කිරීමට ද උගුරැස්සවලට හැකියාව ඇත. උගුරැස්ස කොළ, ‍පොතු තම්බා සේදීමෙන් සන්ධි ඉදිමීමේ දී ඇතිවන වේදනාව සමනය කරගත හැකිය.වර්තමානයේ මන්ද‍පෝෂණයෙන්, විවිධ බෝවන රෝගවලින් මෙන්ම නිරන්තර සෙම් රෝගවලින් කුඩා දරුවන් පීඩා විඳිනු දක්නට හැකිය. උගුරැස්ස පලතුර කුඩා දරුවන්ට ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වී රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරලිය හැකිය. තවද ඇදුම, කැස්ස මෙන්ම පෙණහලු ගත සෙම ඇති දරුවන්ට ඉදුණු උගුරැස්ස යුෂ ලබාදීමෙන් සෙම් රෝග මැඬපවත්වා ගත හැකිය. නියුමෝනියා වැනි තත්ත්වයක දී දිය හැකි හොඳම පලතුරක් වන්නේ ද උගුරැස්සය. තවද රක්තහීනතාවෙන් පෙළෙන දරුවන්ට ඉතාමත් යහපත්ය. විශේෂයෙන් රුධිරයේ එවැනි වෙනස්කම් කිරීමට හැකි අපූරුව නිසාම දරුවා නිරෝගීව තබාගැනීමට හැකියාව ඇත. තවද හැදෙන වැඩෙන දරුවන්ගේ අස්ථි ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳ‍පොළේ ඇති විවිධ ආහාර අතිරේක කිරිපිටි වෙනුවට දිය හැකි හොඳම පලතුරක් ද වේ. උගුරැස්ස ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් ක්‍රීඩා කරන දරුවන්ගේ අස්ථි ශක්තිමත් කිරීමට හැකියාව ඇත. උගුරැස්ස පලතුරෙහි ඇති තවත් විශේෂයක් වන්නේ ආහාර ගැනීමට අකැමැත්ත ඇති දරුවන්ට ආහාර රුචිය ඇතිකරලීමයි. කුසගින්න වඩවයි. දරුවා ආහාරයට ‍පොලඹවයි.

    එදිනෙදා රාජකාරි කටයුතුවල දී මානසික අසහනය දුරුකරලීම සඳහා ද උගුරැස්ස කදිම පලතුරකි. රාත්‍රී නින්ද නොයන අයට මෙන්ම රත්පිත වැඩිවීම නිසා නිරන්තරයෙන් කරකැවිල්ල, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇති අයට ද භාවිත කළ හැකි පලතුරකි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය විෂවීම්, ඖෂධ විෂවීම් නිසා අක්මාවට සිදුවන හානිය වළක්වාලීමට ද උගුරැස්සවලට හැකියාව ඇත. තවද වකුගඩු ආශ්‍රිත රෝග, මූත්‍රාශය ආශ්‍රිත රෝගවල දී ද උගුරැස්ස යුෂ පානයට දීම ඉතාමත් යෝග්‍යය. නිරන්තර හදවත් වේදනාව ඇතිවන අයට මෙන්ම එසේ හදවත් රෝග වැලඳීමේ අවදානම ඇති අයට ද උගුරැස්ස හොඳ පලතුරක් වේ. මෙම පලතුර ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් හදවත් රෝග වැලඳීමේ අවදානම ද අඩුකර ගත හැකිය.

    අතීතයේ දී දරුවන් බිහිකිරීමට බලා‍පොරොත්තුව සිටි නිවෙස්වල ඉදුණු උගුරැස්ස ගෙඩියේ ඇට එකතු කර වියළා සුළං නොවදින සේ දුම් මැස්සේ එල්ලා තැබිම සිදු කරන ලදී. එසේ කරන ලද්දේ දරු ප්‍රසූතියෙන් පසු මවගේ ශරීරයට දැනෙන වේදනාව සමනය කිරීමට එම ඇට අඹරා ශරීරය පුරා ආ‍ලේප කෙරිණ. තවද විවිධ වාත වේදනා ඇති අවස්ථාවල දී උගුරැස්ස ඇට අඹරා ආ‍ලේප කිරීමෙන් සහනය ලබාගැනීමට එදා ගැමියෝ දැනගෙන සිටියහ.බඩවැල ආශ්‍රිතව ඇතිවන පණුවන් මර්දනය කිරීමට අපි විවිධ ඖෂධ ගැනීමට පුරුදුව සිටිමු. නමුත් උගුරැස්ස ආහාරයට ගැනීමෙන් එම පණුවන් මර්දනය වන බව එදා ගැමියෝ දැන සිටියහ. එම නිසා පණුවන් සඳහා නිරන්තරයෙන් ඖෂධ ගැනීමේ අවශ්‍යතාවක් නොමැති විය.

    කාන්තාවන් හා පිරිමින් සඳහා වැලඳෙන විවිධ රෝගවලට උගුරැස්ස ඉතා හොඳ ඖෂධයකි. විශේෂයෙන් ශ්වේත ප්‍රදර වැනි රෝග ඇති කාන්තාවන්ට ඉතාමත් යහපත්ය. තවද නිරන්තරයෙන් ගබ්සා සිදුවන අයට එම තත්ත්වයෙන් වැළකීමට මෙන්ම දරුගැබ ආරක්ෂා කිරීමට ද ඉතාමත් හොඳ පලතුරකි. තවද ගැබිනි මව්වරුන්ට වැලඳෙන උදෑසන වමනය මෙන්ම හිසරදය වළකාලීමට ද ඉතාමත් හිතකරය. තවද විවිධ හේතූන් නිසා ඇතිවන වමනය නවතාලීමට උගුරැස්ස යුෂ වඩාත් ගුණදායකය.වර්තමානයේ අපට දැකිය හැකි තවත් විශේෂ රෝග තත්ත්වයක් වන්නේ පුරුෂයින්ගේ වඳ භාවයයි. ඊට නිසි පිළිතුරක් උගුරැස්සවලින් ලැබෙයි. විශේෂයෙන් පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකර ලිංගික ශක්තිය වැඩිකරලීමට මෙම පලතුරට හැකියාව ඇත. මෙවැනි පලතුරු නිරන්තරයෙන් අනුභව කිරීමෙන් සරු භාවය දියුණු කරගත හැකිය. තවද පිරිමි පාර්ශ්වය සඳහා වැලඳෙන අණ්ඩවෘද්ධි නම් රෝගයට ද හිතකර උගුරැස්ස බඩපුරවා දැමීම වැනි තත්ත්වයන් ද සමනය කරයි. දේශීය චිකිත්සාවේ දී කැඩුම් බිඳුම් සුවපත් කිරීමට සහ විෂ ශරීරගත වූ අවස්ථාවල දී භාවිත වන මහඟු ඖෂධයක් ද වේ.

    අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) වැනි රෝගවල දී එම තත්ත්වයන් මගහැරවීමට මෙන්ම ආමාශයික තුවාල සනීප කරලීමට උගුරැස්සවලට හැකියාවක් ඇත. විවිධ ලෙඩ රෝග නිසා ශරීරය දුර්වල වී ඇති අයට එය යථා තත්ත්වයට පත්කරලීමට උගුරැස්ස යුෂ මහඟු ඖෂධයකි.
    වස විසෙන් තොර මෙවැනි පලතුරු ඔබේ දරුවාටත්, ඔබටත් නිරෝගී සුව ගෙනෙනු ඇත. එබැවින් නිරන්තරයෙන් අපගේ දේශීය පලතුරු කෙරෙහි සිත යොමු කරන්න. ඔබට එය ශාරීරික මෙන්ම මානසික සහනයක් ද වනු ඇත.

    දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය(rivira)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ග්‍රැස්ටයිටීස් වලට ගුණ නම් කන්නම ඕන..tfs
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර නම් වත්තේ ගහක් තිබ්බා,හැබැයි ඒකේ ගෙඩි හැදුනේ නෑ.:sorry: