උගුලට හසු වී.....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අම්බලන්තොට, කරගස්ආර, බස්නාව ඇළ මාර්ගයේ මිනිස් ජීවිත වලට තර්ජන එල්ල කරමින් සිටින කිඹුලන් හේතුවෙන් ඒ අවට ජීවත් වන ජනතාව තමන්ගේ සිය එදිනෙදා කටයුතු සිදුකරගැනීමේදී අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව වාර්තා වුණි. මේ හේතුවෙන් එම ඇළ මාර්ගයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දැමීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. අම්බලන්තොට වනජීවි නිලධාරීන් විසින් ඊයේ (10) දිනයේ අදාළ කිඹුලන් හසුකර ගැනීම සඳහා එම ඇළ මාර්ගය අවට උගුල් අටවා තිබූ අතර අද(11) උදෑසන එම උගුලකට අඩි 11ක් පමණ දිග කිඹුලෙකු හසුවී තිබුණි. මේ එම අවස්ථාවයි.

    linked
    http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2959

    1715086759main2.jpg