ඉතිහාසයෙන් වසං කල, ජයග්‍රහණයෙන් අවසන් වූ උඩරට අවසන් සටන ......
ඉතිහාසය වනාහි ජයග්‍රාහකයාගේ ලියවිල්ල ලෙස සුප්‍රකට කියමනක් ඇත. ලාංකික රාජාවලියේ අවසානය සනිටුහන් කල කන්නසාමි නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංයන් ද එවන් ජයග්‍රාහකයෙක් නොවූ පරාජිතයෙකි. ස්වකීය රාජ්‍යය තුලම සිරකරුවෙක් බවට පත්ව පසුව වෙල්ලෝරයට පිටුවහල් කල ඔහු ගැන ඉතිහාසයේ ලියවෙන සුළු පරිච්ඡේදයද වෙන්ව ඇත්තේ ඔහුගේ පරාජිකත්වය, මෙන්ම කෲරත්වය වෙනුවෙනි.
තමන් විශ්වාසය තැබූ තමන්ගේම නිලධාරීන් විසින් ඉංග්‍රීසීන්ට අල්වා දුන් ඔහු ඊට වසර 12 කට පෙර අද්විතීය ජයග්‍රාහී නරපතියෙකි. ඒ 1803 පෙබරවාරියේදී ඉංග්‍රීසීන් එල්ල කල දරුණු ප්‍රහාරය මර්ධනය කර ඉංග්‍රීසි හමුදා සමූලඝාතනය කිරීමෙනි. අවාසනාවකට ප්‍රසිද්ධ ඉතිහාස ග්‍රන්ථ තුල ඒ ජයග්‍රාහී සටනට වෙන්ව ඇත්තේ සුළු ඉඩකි.
1803 ආක්‍රමණය හැඳින්විය හැක්කේ මෙරට ස්වදේශිකයන් විසින් ඉංග්‍රීසීන් යුධමය වශයෙන් අන්ත පරාජයට පත් කල එකම ජයග්‍රාහී සටන වශයෙනි. එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆ්‍රෙඩ්රික් නෝර්ත් හට උඩරට යටත් කරගැනීමේ උග්‍ර අවශ්‍යතාවයක්. ඒ නිසාවෙන්ම ඔහු ඔහුට සිටි දක්ෂතම සෙන්පතියෙකු වූ මැක්ඩෝවල් සමඟ 6000 ක සේනාවක් උඩරටට එවූයේ උඩරට රාජ්‍යය කෙසේ හෝ අත්පත් කරගන්නා අදහසකිනි.
ඉංග්‍රීසීන්ගේ අභිප්‍රාය සිතුවාටත් වඩා පහසු විය. මන්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජවාසල හැර දමා මහනුවරින් පසුබැස යාම නිසාවෙනි. ජයග්‍රාහීව රජවාසල අත්පත් කරගත් ඔවුන් තමන් සමඟ ආ මුත්තුසාමි උඩරට රජු වශයෙන් පත් කරගත්තේ ය. මුත්තුසාමි, රාජාධිරාජසිංහ රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට නම් කර සිටි රාජ්‍යය උරුම කරුවා ය.
එසේ වුවත් පිළිමතලව්වේ මහ අධිකාරම් ගේ මැදිහත්වීමෙන් රාජ්‍යත්වයට පත් වන්නේ කන්නසාමි නැතහොත් ශ්‍රී වික්‍රම රාජසිංහයන් ය. මෙසේ රාජ්‍යත්වයට පත් කරගත් මුත්තුසාමි ඉංග්‍රීසීන් සමඟ ගිවිසුමකට ද එළඹෙයි.
නමුත් කන්ද උඩරට කඳු අතර සිංහලයන්ට අනන්‍ය ගරිල්ලා සටනකට පසුබිම සකස් වෙමින් පවතින බව ඉංග්‍රීසීන් නොදැන සිටියේ ය. වැහි කාලය එළඹීමත් සමඟ කොළඹ සමඟ සබඳතා ගිලිහෙන අතර මැලේරියා වසංගතය ඉංග්‍රීසි සෙබලුන්ට දරුණු ලෙස බල පාන්නට විය. 1803 ජුනි මස 23 වන දින ස්වකීය වෙත තම සෙබලුන් මෙහෙයවූ සිංහල හමුදා ඉංග්‍රීසීන් ට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළේ ය.
අවසානයේ ඉංග්‍රීසීන්ට සුදු කොඩි ඔසවා යටත් වන්නට පවා සිදු විය. මේ සුවිශේෂී සටනෙහි සුවිශේෂීත්වය මෙය සාමාන්‍ය ජනතාව දිවි පරදුවට තබා සටන් කල ජනතා සටනක් වීම නිසාවෙනි.
1803 ඔක්තෝම්බර් 4 වෙනිදා ඉංග‍්‍රීසී හමුදාව වාගොල්ල මිටියාවත කරා පැමිණෙන්නේ හඟුරන්කෙත සැඟව සිටින රජු අල්ලා ගන්නා අදහසින්. දැඩි ලෙස වෙහෙස වී සිටි ඉංගී‍්‍රසි සෙබලූන් මිටියාවතේ ඇති කිතුල් කඳන් මත වාඩි වෙන්නෙ වෙහෙස නිවාගැනීනට.
සිංහල හමුදාව පිළිබද කිසිඳු හෝඩුවාවක් නොතිබුණ නිසා ඔවුන්ට සැකයක් ඇති වන්නටත් නැතුවැති. එහෙත් සියල්ල නිමේෂයකින් වෙනස් වන්නට පටන් ගනී. කඳුකරයෙන් ලැබුණ සංඥාවකින් සැඟව සිටි සෙබලූන් තමන් පෙර සූදානම් කරගෙන සිටි වෙඩි බෙහෙත් පීප්ප පුපුරුවා ගන්නෙ ඉංගී‍්‍රසි හමුදාව සුණු විසුණු කරමින්.
අනතරුව රණ බෙර හඩ නගමින් කඳුකරයෙන් බැස එන සිංහල හමුදාව ඉංග‍්‍රීසීන් සමූල ඝාතනය කරනවා.
වසර දෙසීයකට පස්සෙ එදා ඉංග‍්‍රීසීන් දමා ගිය කාල තුවක්කු කිහිපයක් වාගොල්ල මිටියාවතින් මතු වෙනවා.
මේ වන විට මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයෙ ඒවා ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු යොදා තියෙනවා.
මේ විදිහට වෙඩිබෙහෙත් පුපුරුවාගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලංකා ඉතිහාසයෙ සිද්ද වෙන පළමු අවස්ථාව මෙය වනවා. ඒ සඳහා දිවිපුදන්නට ජනතාව කැමැත්තෙන් ඉදිරිපත් වූ බව කියවෙනවා.
එසේම තවත් වැසියෙක් රජුගේ ආරක්ෂිත බලකොටුව තිබූ ගලඋඩ ගමට යන මාර්ගයේ තිබූ වල් ජම්බු ගසක වූ බෙනයක සැඟවී සිට වෙඩි තබා ඉංග්‍රීසි හමුදාවේ සැලකියයුතු සෙබල පිරිසක් ඝාතනය කර ඇත. අදටත් ඒ ප්‍රදේශය හැඳින්වෙන්නේ වල් ජම්බුව නමිනි.
1803 සටන මෙරට සිංහලයන් ජයග්‍රහණයෙන් අවසන් කල සටනකි. අවාසනාවකට එයට නායකත්වය සැපයූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන හෝ දේශප්‍රේමී ජනතාව ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ අල්ප වශයෙනි.
© කෝකිල ගිහාන් විතානතන්තී‍්‍ර