උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

    උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

    image_bef68b01b2.jpg
    image_f432cd358f.jpg

    අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම



    ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 42 කි. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය බිංගෙවල් අටක් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය, කිතල්ඇල්ල, ඇල්ල, දෙමෝදර, උඩුවර, සහ හාලිඇළ යන දුම්රිය ස්ථාන පිහිටා ඇත. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය බිංගෙවල් පිළිබඳව
    මෙම ලිපියේ කරුණු අඩංගුය.


    අංක 36 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතරයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 1/2 පමණ දුරකින් මෙම දුම්රිය බිංගෙය පිහිටා ඇත. අංක 36 දරන දුම්රිය බිං​ෙගයි දිග මීටර් 60.36 කි.

    අංක 37 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතරයි. දියතලාව දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට දුම්රිය මාර්ගයේ මද දුරකි. එහි දිග මීටර් 220.12 කී.

    image_055335065e.jpg

    36 දරන දුම්රිය බිං​ෙගය

    image_5ac8b8b6f1.jpg

    වෙඩි බෙහෙත් ගබඩාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නය


    අංක 38 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දියතලාව සහ බණ්ඩාරවෙල යන දුම්රිය ස්ථාන අතරයි. එහි දිග මීටර් 100.36 කී. එසේම මෙම දුම්රිය බිංගෙය ආසන්නයේ දියතලාව දෙසට දුම්රිය පාලමක්ද දක්නට ලැබේ.
    1893.06.19 දින බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි.


    අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි.

    ඇල්ල දුම්රිය ස්ථානය 1918 දී ස්ථාපනය කරන ලද්දක් වන අතර ඇල්ල දුම්රිය ස්ථානය සහ දෙමෝදර දුම්රිය ස්ථානය අතර දුම්රිය බිංගෙවල් දෙකක් පිහිටා ඇත. ඒ අංක 40 දරන දුම්රිය බිංගෙයි සහ අංක 41 දරන දුම්රිය බිංගයයි.


    බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි.
    අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි.



    අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40 කී. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත.

    අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ.

    image_a11af972c0.jpg
    අංක 42 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දෙමෝදර දුම්රිය ස්ථානයට එක එල්ලේ යටිනි.


    අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්‍රාමයේය.

    මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්‍රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි.

    මෙම දුම්රිය බිංගෙවල් පිළිබඳ ලිපිය සම්පාදනය කිරීමේදී මා සමග මෙම දුම්රිය පා ගමන සඳහා සහභාගී වූ චතුරංගට මාගේ විශේෂ ස්තූතිය.

    image_a346d3cfd0.jpg

    37 දරණ දුම්රිය බිංෙගය

    image_7456e40cb8.jpg

    39 දරණ දුම්රිය බිංෙගය

    .
    image_dc7a8670f5.jpg

    42 දරණ දුම්රිය බිංෙගය

    image_7e59b6386e.jpg

    43 දරණ දුම්රිය බිංෙගය

    image_9c32131631.jpg

    40 දරණ දුම්රිය බිංෙගය
    image_c00bfd10f2.jpg

    41 දරණ දුම්රිය බිංෙගය

    image_a17c53a993.jpg

    38 දරණ දුම්රිය බිංෙගය
    image_82a99ae237.jpg

    42 දරණ දුම්රිය බිං​ෙගය






    බණ්ඩාරවෙල
    ඉන්දික කරුණාදාස
     
    • Like
    Reactions: STU26015

    Similar threads