උඩුයටිකුරු වූ කොළඹ කොටුව
කාලයට ත් වඩා වේගවත් ජන ජීවිතයකට උරුමකම් කියන කොළඹ අද ආකර්ෂණීය අග නුවරක් ලෙස ගොඩනැගෙමින් තිබේ.
මේ යටතේ අලුත් ඉදිකිරීම්වලට අමතරව සැලසුම්ගත නගරයක් ද නිර්මාණය වන අයුරු දැකගත හැකි ය.
මූලික සැලසුම් යටතේ සකස් වූ කොළඹ කොටුව මේ වන විට ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාවේ ද සහයෙන් කොළඹට මේ නව මුහුණුවරක් ලබා දී ඇත්තේ ක්‍රම කිහිපයක් අනුගමනය කරමිනි.
පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීම.
සංචාරක මධ්‍යස්ථානයකට උචිත ලෙස නව භාවිතයන් හඳුන්වා දීම .
ගරා වැටුණු ව්‍යාපාරික ස්ථාන ඒවායේ හිමිකරුවන්ගේ ද දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීම.
මාර්ග බාධක ඉවත් කරමින් මාර්ග පද්ධතිය සකස් කිරීම වැනි දෑ හරහා එම නව මුහුණුවර කොළඹට හිමිකර දී තිබේ.
මේ ලස්සන තමන්ගේ ඇවතුම් පැවතුම් මත රඳා පවතින බව කොළඹ වෙසෙන්නන් ද කොළඹට යන එන සියලු දෙනා ද සිත්හි රඳවා ගත යුතු යි.
lankacnews
වසර දෙකක් තුළදී උඩුයටිකුරු වූ කොළඹ කොටුව