උණ්ඩුක පුච්ඡ‍ය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    උණ්ඩුක පුච්ඡ‍ය

    ඇපෙන්ඩිසයිටිස් ගැන දන්නවාද ?​

    ඇපෙන්ඩිසයිටිස් යනු උණ්ඩුක පුච්ඡ‍යේ ප්‍රදාහය (ඉදිමීම) නිසා හටගන්නා රෝගී තත්ත්වයකි. මෙ‍ම තත්ත්වය හදිසි රෝගී අවස්ථාවක් ලෙස සැලකේ.

    මන්ද යත් ප්‍රදාහය නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා යාමට හැකි අතර එමගින් භයානක සංකූලතා ඇති විය හැක.

    උණ්ඩුක පුච්ඡය යනු කවරේ ද?

    උණ්ඩුක පුච්ඡය යනු එක් ප‍සෙකින් පමණක් විවර වූ මල්ලක් වැනි මහා ආන්ත්‍රයට සම්බන්ධව ඇති කුඩා කොටසකි. 5 – 10 cm දිය වන අතර සිහින් නලයක් වැනි ව්‍යූහයකි. එය විශේෂ වූ කර්තව්‍යක් සිදු නොකරයි.

    ඇපෙන්ඩිසයිටිස් යනු කවරේ ද?

    උණ්ඩුක පුච්ඡය ප්‍රදාහය වූ විට එය බැක්ටීරියා, වෛරස් යන විෂබීජ වලින් ආසාධනය වේ. එවිට උණ්ඩුක පුච්ඡය ක්‍රමයෙන් ඉදිමෙන අතර සැරවවලින් පිරී යයි.

    එම අවස්ථාවේදීම එයට ප්‍රතිකාර නොකළහොත් එය පුපුරා යා හැකි අතර එවිට සැරව කුහරය පුරා පැතිරිය හැක. මෙමගින් සැරව ගෙඩි ආදී උදර කුහරයේ අතුරු සංකූලතා ඇති විය හැක. එම නිසා මුල් අවදියේ ප්‍රතිකාර කිරීම වැදගත් වේ.

    ඇපෙන්ඩිසයිටිස් හැදෙන්නේ කාටද?

    ඇපෙන්ඩිසයිටිස් (උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය) බහුලව වැළඳෙන රෝගයක් වන අතර වයස් පරතරයක් නැතිව ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැක.

    නමුත් කුඩාම ළමුන්ට සහ වයස්ගත පුද්ගලයන්ට සහ ස්ත්‍රී පක්ෂයට සෑදීමේ ප්‍රවණතාව අඩුය. කෙඳි සහිත ආහාර අඩුවෙන් ගන්නා පුද්ගලයන්ට වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය.

    ඇපෙන්ඩිසයිටිස් සෑදීමට හේතු?

    මෙය සෑදීමට විශේෂ හේතුවක් සොයාගෙන නැත. සමහර අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය ඝන වූ මළ පහ සහ අනෙක් විවිධ හේතුන් නිසා අවහිර විය හැක. විවිධ බැක්ටීරියා ආසාදනය වී ඇපෙන්ඩිසයිටිස් සෑදීමට හැක.

    රෝග ලක්ෂණ


    * බඩේ රුදාව (උදරයේ වේදනාව) – ප්‍රධාන රෝග ලක්ෂණයක්.
    * උදරයේ නාභිය ආශ්‍රිතව වේදනාව මුලින්ම හටගන්නා අතර ක්‍රමයෙන් මුළු උදරය පුරාවටම පැතිරේ)
    * වේදනාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන අතර අවසානයේ දරා ගත නොහැකි තත්වයට පත් වේ.
    එය රෝගියා සෙලවීමත් සමගම වැඩි වේ.
    *උණ
    * වමනය
    * මළ බද්ධය සහ නිතර නිතර මුත්‍රා පිටවීම අනෙකුත් රෝග ලක්ෂණ වේ.
    * උණ්ඩුක පුච්ඡය පුපුරා ගියහොත් රෝගියා බරපතළ ලෙස ‍රෝගාබාද වේ.
    සංකූලතා



    උණ්ඩුක පුච්ඡය පුපුරා යාම නිසා මහා අන්ත්‍රය සහ කුඩා අන්ත්‍රය ආශ්‍රිතව ආසාදනය.
    උදර කුහරය තුළ සැරව සෑදීම නිසා ඇතිවන සංකුලතා

    රෝගය හඳුනා ගන්නේ කෙසේද?

    රෝග ලක්ෂණ, මුත්‍රා පරීක්ෂණය මගින් අලට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound scan) මගින් රෝගය හඳුනා ගැනේ.

    ප්‍රතිකාර ක්‍රමය

    ශල්‍යකර්ම කිරීම අනිවාර්ය වේ.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    shalya karma kireema aniwarya natha :)

    mata oka hadila bonna behet dunna doc knk.asiri ekedi channel kale name mathaka na.

    operation ekata danwa hugak wawagena kanna yana doc la..(in private sector)

    starting steps wala nam tyne behet magin saneepa karanna pluwn machan :)
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    N♥K_forever;18341588 said:
    shalya karma kireema aniwarya natha :)

    mata oka hadila bonna behet dunna doc knk.asiri ekedi channel kale name mathaka na.

    operation ekata danwa hugak wawagena kanna yana doc la..(in private sector)

    starting steps wala nam tyne behet magin saneepa karanna pluwn machan :)

    :cool::cool:
     
    • Like
    Reactions: DJU9

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    TFS Bro..
    You must spread some Reputation around before giving it to sbanurada again.



    appendicitis operation

    18++


     
    Last edited: