උණුදිය_උල්පත්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උණුදිය උල්පත්වලින් හැදූ තාප බලාගාර



    flashplant.gif




    උණුදිය උල්පත් පිළිබඳව අප අසා ඇත්තෙමු. රත් වූ ජලය උල්පත් තුළින් ගලායාම බොහෝ දෙනෙකුට මවිතය දනවන සංසිද්ධියකි. මේ නිසා දෝ උණු දිය උල්පත් ජලයේ රෝග නිවාරක හැකියාව සහ රූප සොභාව වැඩිදියුණු කිරීමේ බලයක් ඇතැයි යන මිත්‍යා විශ්වාසයක් පවතී. පොළොව අභ්‍යන්තරයට යත් ම උෂ්ණත්වය වැඩි වේ. පොළොවේ කිලෝ මීටර් 5 පමණ ගැඹුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 කටත් ඉහළ තාපයක් පවතී. පොළොව අභ්‍යන්තර තාපය මගින් උණුසුම් වූ භූ ගත ජලය මතුපිටට ගලා ඒම උණුදිය උල්පත් ලෙස හැඳින් වේ. ඉතා ඉහළ උෂ්ණත්වයක් සහිත උණු දිය උල්පත් මගින් භූ තාප විදුලි බලාගාර ඉදිකර ඇති රටවල් ද පවතී.පොළොව අභ්‍යන්තරයේ ඇති තාපය ප‍්‍රයොජනයට ගනිමින් භූ තාප විදුලිබලාගාර ඉදිකිරීමේ තාක්ෂණයෙන් ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින රට ප‍්‍රංශයයි.

    භූ තාප බලාගාරයක් පිළිබඳව පූර්වාදර්ශයක් ලෙස ඉදිකර ඇති බලාගාරයක පොළොවේ කිලෝමීටර් 5 පමණ අභ්‍යන්තරයට ගමන්කළ සිදුරු 3 ක් පවතී. මෙම බලාගාරයේ ඉලක්ක සාර්ථක වවුහොත් ලොව පුරා භූ තාප බලාගාර ඉදිවෙනු ඇතැයි බලාපොරොත්තු වේ. ප‍්‍රංශයේ ඉදිවෙන භූ තාපබාලාගාරයේ වැඩ අවසන් වීමට ගතවන කාලය දෙවසරකි. පොළොව අභ්‍යන්තරයට විද ඇති එක් සිදුරකින් සිසිල් ජලය පොම්ප කරන අතර පොළොව අභ්‍යන්තර තාපයෙන් සෙල්සියස් අංශක 200 ට රත්වන ජලය වෙනත් සිදුරු 2 ක් ඔස්සේ පොළොව මතුපිටට පැමිණේ. අධික උෂ්ණත්වයකට රත්වූ ජලය මගින් වාෂ්ප නිපදවන අතර මෙම වාෂ්ප මගින් විදුලි උත්පාදන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කර විදුලිය නිපදවීම සිදුකරයි.

    "පොළොවේ වඩ වඩාත් ගැඹුරට ජලය පොම්ප කරන විට ඒවා වඩ වඩාත් උණුසුම් වේ. මෙම උණුසුම් ජලය මගින් විදුලි බලය නිපදවිය හැක" මෙසෙ කියන්නේ භූ තාප විදුලිය නිපදවීම පිළිබඳව විශේෂඥයෙකි. "මෙය ලෝකයට හානියක් නොකරන බලශක්ති ප‍්‍රභවයක්" ඔහු වැඩිදුරටත් කියනවා.මෙම භූ තාප බලාගාරය පවත්වාගෙන යන්නේ ට්ඥධබඩඥපථඪජ ඵධභඪබ නම් සමාගම මගිනි. මෙවැනි එක් බලාගාරයකින් මෙගාවොට් 25 ක විදුලි බලයක් නිපදවිය හැක. මෙම විදුලි ධාරිතාවය මිනිසුන් 10,000 ක ජනගහනයක් සහිත නගරයකට ප‍්‍රමාණවත් ය.සිදුරුවල පහළ කෙළවරේ ඇත්තේ සෙල්සියස් අංශක 200 පමණ උෂ්ණත්වයෙන් යුත් පාෂාණ ගලයි. සිදුර ඔස්සේ පහළට යන ජලය මෙම පාෂාණය හරහා කාන්දු වේ. පාෂාණ ගල මතට පොම්ප කරන ජලයේ පීඩනය වායු ගොලීය පීඩනය මෙන් 150 වාරයකි.ජලය ගමන් කිරීම සඳහා ඇති සිදුරවල විශ්කම්භය සෙන්ටිමීටර 60 කි. මෙම සිදුර තුළින් තත්පරයට ජලය ලීටර් 100 ගමන් කරයි. දෙපසින් අති ඉතිරි සිදුරු ඔස්සේ රත් වූ ජලය ඉහළට ගමන් කරයි. පොළොව මතුපිටට පැමිණි අධික රත් වූ ජලය තාප හුවාමරුවෙන ස්ථානයට ගමන් ගනී. මෙහිදී වාෂ්ප නිපදවීමසිදු වේ.

    වාෂ්ප මගින් විදුලි උත්පාදක යන්ත‍්‍රක කි‍්‍රයාත්මක කරවයි. නිෂ්පාදිත විදුලියෙන් 20% පමණ ජලය පොම්ප කිරීම සඳහා වැය වේ.

    අත්හදා බැලීමක්ලෙස කිලෝ මීටර් 3 දිග සිදුරු සහිත භූ තාප බලාගාර පළමුවෙන ඉදිකළ අතර මේවා ඉතා සාර්ථකව විදුලිය නිපදවීමේ කි‍්‍රයාවලියට දායක කරගත හැකි බව තහවුරු වී ඇත. යුරෝපය තුළ මෙවැනි බලාගාර ඉදිකර ගැනීමෙන් ප‍්‍රංශයේ පරිභෝජනය කරන මුලු විදුලියට සමාන ප‍්‍රමාණයක් නිපදවාගත හැකි වේ යැයි විශේෂඥයන් පෙන්වා දී ඇත.භූතාප බලාගාරයක් තුළ පොසිල ඉන්ධන දහනය වීමක් සිදු නොවේ. මේ නිසා කාබන්ඩයොක්සයිඩ් හෝ වෙනත් දූෂණ කාරක පරිසරයට මුදාහැරීමක් සිදු නොවේ. මෙහි පවතින ප‍්‍රබල දුර්වලතාවය නම් භාවිතා කරන ශක්ති ප‍්‍රභවය (භූතාපය) නැවත පුනර්ජනනය නොවීමයි. මෙහි සැලසුම් කරුවන් පෙන්වා දී ඇති ආකාරයට වසර 20 ක දී පාෂාණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 කින් පහත බසී. මෙවිට මතුපිටට පැමිණෙන ජලය මගින් සාර්ථක විදුලිය නිපදවීමක් සිදුකළ නොහැක.
    මෙවිට භූතාප විදුලි බලාගරය වසා දැමීමට සිදු වේ. නැවත උෂ්ණත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා පෘතුවි අභ්‍යන්තරයට වසර 10 ක් පමණ වැය වේ.

    source
     
    Last edited:
    • Like
    Reactions: muvindu and sadeeep

    Similar threads