උත්ගෝෂනය කලොත් ආය ලංකාවේ මැච් නෑ.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උත්ගෝෂනය කලොත් ආය ලංකාවේ මැච් නෑ.

උත්ගෝෂනය කලොත් ආය ලංකාවේ මැච් නෑ. තිලංගගේ කැකිල්ලේ තීන්දුව. ක්‍රිකට් අයිති මොහුටද?
article14 1 hour ago දේශීය පුවත්, ප්‍ර‍ධාන පුවත් Leave a comment 600 Views

Related Articles



පල්ලේකැලේ පැවැත්වෙන දෙවන ඉන්දීය තරගයේදී ශ්‍රි ලංකා ප්‍රේක්ශකයින් උත්ගෝෂනය කරන්නට ගත්තොත් ආය ලංකාවේ මැච් තියන්නේ නැති බව ක්‍රිකට් සභාපති කියලා.
මේකනම් අරුම පුදුම තීන්දුවක්. වෙනත් රටක ගිහින් මැච් කාපුවම පරදින පරදින සැරේට කොළඹ තියන ක්‍රිකට් ආයතනයට වට කරන් දෙන්න ගත්තොත් ක්‍රිකට් ආයතනයත් වෙනත් රටක පිහිටවනවද? ඒත් පැරදෙන්න ගත්තොත් සෙල්ලම් කරන උන්ගේ ගෙවල් අත ඇරලා වෙන රටවලට පදිංචියට යනවද? එහෙම කරලත් බැරිවුනොත් ලංකාවේ ක්‍රිකට් ටීම් එක ප්‍රේක්ශකයෝ එක්ක බෑ කියලා විසුරුවා හරිනවද?
ලංකාවේ දේශපාලනයේ මරි මෝඩ තීරණ දැන් ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇවිල්ලා. පුදුම වෙන්න දෙයකුත් නෑ පාලකයා දේශපාලකයෙක්නේ. රටට ආදරය ක්‍රීඩාවට අවංකව ආදරයනම්, කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙක්ට දීලා යන්න ඕන. වගකියන උන් අළුතින් පත් කරද්දි සිදත් වෙත්තමුනි, ආනා පුංචිහේවා වගේ හැකියාවන් පෙන්නපු මහත්තුරු මේවට ගේන්න ඕන. නැතිව හෙන නුවණක්කාරයාවගේ මරි මෝඩ ප්‍රකාශ කලාට ක්‍රීඩාව රැක ගන්න බෑ. අනික දැන් අවුරුදු දෙකක් තුල ගත්ත මෝඩ තීරන වල ප්‍රතිපලයි මේ දකින්නේ.
අනිත් කාරනය රටක පාලකයා කියන්නේ යම් විශේෂ අවස්ථාවක් ආපු වෙලාවක අදාල ප්‍රශ්නවල පිලිතුරු දීමට මැදිහත් වන්නන්. ඒත් රටේ මුල් පුටුදෙක මේ ගැන ආරංචියක්වත් ගිහින් තියනවද කියලා නම් අපිට පේන්නේ නෑ. රටේ ප්‍රධානියාගේ පක්ෂයේ අතකොලුවක් නිසා ක්‍රිකට් ඉහල පුටුව කිසි බයක් නැතිව ඉන්නවද කියලත් අපට හිතෙනවා. තවත් බුදියන් නැතිව වහාම නිවරදි ප්‍රථිසංස්කරනයක් නොකලොත් ලෝකය ඉදිරියේ රටක් විදියට මහා ලොකු නින්දාවක් විදීම අත ලග බවනම් පේනවා.
පරිපාලකයන්ගේ ගොන් තීරන නිසා ක්‍රීඩකයන් ප්‍රේක්ශකයින් ගැටුමට යාම හොද දෙයක් නොවෙයි. අනික කෝටි ගනන් මුදල් ගන්න ක්‍රීඩකයින් ෆේස්බුක් අප්ඩේට් දම දමා නැතිව තනියෙන් හරි සීයක්ගහන්න විකට් ගන්න හයියක් හදාගන්න ඕන. හැමපැත්තෙම වැරදි ඉතා ඉක්මනින් හැදුනේ නැත්තම් හොද නින්දා සහගත කෙලියක් ඇතිවනාවා සත්තයි.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිව්වේ කොහෙදිද කවද්ද, කිසිම දෙයක් නෑ නිකන්ම තිලංග මෙහෙම කියලා කියල ඊට පස්සේ පල් හෑල්ලක් ලියලා :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ වැඩබැරි පාන්ඩුව ක්‍රිකට් නැති කරා බන්...මම නෙමේ කියන්නෙ අර්ජුන උබලගෙම ඇමති...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිව්වේ කොහෙදිද කවද්ද, කිසිම දෙයක් නෑ නිකන්ම තිලංග මෙහෙම කියලා කියල ඊට පස්සේ පල් හෑල්ලක් ලියලා :D

    කිව්වේ කොහෙදිද කවද්ද, කිසිම දෙයක් නෑ නිකන්ම තිලංග මෙහෙම කියලා කියල ඊට පස්සේ පල් හෑල්ලක් ලියලා?