උත්තමයාගේ සහ මුර බල්ලන්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උත්තමයාගේ සහ මුර බල්ලන්

    600860_527564847274169_1491735017_n.jpg


    මගේ මිතුරෙකු අපේ 'ගෞරවාන්විත නිදහස් දිනයේ' 'නිදහසේ' කුරුණෑගල දඹුල්ල මාර්ගයේ සිය රථය පදවාගෙන ඉදිරියට යමින් සිටී..

    ඉදිරියේ 'ද්විත්ව සුදු ඉරක් ' ඇද ඇති වංගුවකි.. නිමේශයකින් ඔහු දුටුවේ මහ දවාලේ උවද 'හෙඩ් ලයිට්' දමා ගත් රණවිරුවන් පිරිසක් සහිත හමුදා ඩිපෙන්ඩර් රථයක් සුදු ඩබල් ඉරිද කපාගෙන 'නිදහසේ' තමන් වෙත පැමිනෙන දසුනයි... ඔවුන් ඉදිරියෙන් ඩබල් ඉර කපන්නට 'මග පෙන්වන' 'නිදහස් ශ්‍රී ලංකාවේ' රථ වාහන පොලීසියේ මෝටර් බයිසිකලයෙකි...

    ඩිපෙන්ඩරය පසුපස, ලංකාව තුල 'සුපිරි නිදහසක්' සහිත කවුරුන් හෝ උත්තමයෙක් රැගෙන එන සුපිරි රථයකි...
    ඇතැම් විට ගරු සීනි ඇමතිතුමා හෝ ගරු සත්තු ඇමතිතුමා හෝ ගරු කැළෑ ඇමතිතුමා විය හැකිය... එසේ නැත්නම් 'පුදුම නිදහසක් ' හිමි ගරු මහජන සම්බන්ධතා ඇමතිතුමා වන්නටත් බැරිකමක් නැත... ඒ සුපිරි රථය පසුපස තවත් රැකවලුන්ගේ යැයි සිතිය හැකි රථ දෙකකි...

    මගේ මිතුරා ක්ශණිකව තම දුප්පත් රථය පාරෙන් ඉවතට කපා යන්තම් බේරුනිද පසුපසින්ම පැමිණි රථයේ සිටි මුරබල්ලන්ගේ 'කුණුහරුප ප්‍රහාරයකට' නම් 'නිදහසේම' ලක් විය... හේතුව වන්නට ඇත්තේ තම 'නිදහස' ත්‍රීකුණාමලයේ සමරා... 'නිදහසේ' කොළඹ බලා ඉගිලෙන උත්තමයාගේ සහ මුර බල්ලන්ගේ වේගය ඔහුගේ රථය නිසා බාල කරන්නට සිදුවූ බැවිනි...

    නැවතට රථය පාරට දමා ගත් මා මිතුරා, අපේ රටේ ඇති 'සුපිරි නිදහස' ගැන සිතමින් තම ගමන යලි ඇරඹුවේ මීලග වසරේ මොන ජල්ලියක් අල්ලා හෝ දැනට ඇති තර්ඩ් පාටිය වෙනුවට ෆුල් ඉන්ෂුවරන්ස් දමා ගැනීමට තිර අධිඨණක්ද සහිතවය...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්
    ලේ කෝප වෙලා අපිව නිකන් නාකි වෙනවා විතරයි