මෙන්න අදහන්න වටින මිනිස්සු 🎇🎉♥️ හොසේ මුජිකා ඔබට සුබ ගමන් 💐RIP

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අතිශය සරල ජීවිත රටාවක් ගත කළ, ලෝකය පුරා "දුප්පත්ම ජනාධිපති" ලෙස ප්‍රකට වූ උරුගුවායි හි හිටපු ජනාධිපති හෝසේ මුජිකා පසුගිය දිනෙක සිය අවුරුදු 90ක ජීවිත ගමන නිමා කරමින් මෙලොවින් සමුගත්තේය. ඔහුගේ අභාවය ලෝකය පුරා විසිරී සිටින ඔහුගේ ගුණ අගය කළ ජනතාවට දැඩි වියෝවක් ගෙන දුන්නේය. ඔහු ලෝක මාධ්‍ය තුළ පුළුල් ආන්දෝලනයකට ලක් වූයේ ඔහුගේ සරල හා අල්පේච්ඡ ජීවිත රටාව නිසා මිස, ඔහුගේ තනතුරු හෝ බලය නිසා නොවේ.

    දකුණු අමෙරිකානු මහද්වීපයේ උතුරින් බ්‍රසීලයට, බටහිරින් ආජන්ටිනාවට සහ නැගෙනහිරින් අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි උරුගුවායි රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා ලෙස හෝසේ මුජිකා 2010 සිට 2015 දක්වා කාලය තුළ සේවය කළේය.

    1935 වසරේ උපත ලැබූ මුජිකා, තරුණ වියේදී ගරිල්ලා භටයෙකු ලෙස කටයුතු කළේය. 1994 වසරේ සිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණු ඔහු, 2010 වසරේදී රටේ ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුවද, 2020 වසර දක්වා සෙනෙට් සභිකයෙකු ලෙස තම මහජන සේවය දිගටම කරගෙන ගියේය.

    මුජිකා ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ තනතුරු හෝ නම්බුනාම නිසා නොව, ඔහුගේ අතිශය සරල ජීවිත රටාව නිසාය. ජනාධිපතිවරයෙකු ලෙස ඔහුට ලැබුණු අමෙරිකානු ඩොලර් 12,000ක මාසික වැටුපෙන් 10% ක් පමණක් තම පෞද්ගලික පරිභෝජනය සඳහා තබාගත් අතර, ඉතිරි 90% ම ජනතා සේවා කටයුතු සඳහා පරිත්‍යාග කළේය.

    සුපිරි සුඛෝපභෝගී මන්දිරයක ජීවත් වීම වෙනුවට, ඔහු තම බිරිඳ ලුසියා ටොපොලොන්ස්කි සමඟ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ගොවිපළක කුඩා නිවසක ජීවත් වූයේය. ඔවුන් සමඟ "මැනුවෙලා" නම් සුනඛයා ද වාසය කළාය. ලුසියා ටොපොලොන්ස්කි ද හිටපු ගරිල්ලා සාමාජිකාවක වූ අතර, 2017-2020 කාලය තුළ උරුගුවායි හි උප ජනාධිපති ධුරය හොබවා ඇත.

    අනෙක් රාජ්‍ය නායකයින් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, කැඩිලැක්, රෝල්ස් රෝයිස්, ජගුවාර්, ඇස්ටන් මාටින් වැනි සුපිරි සුඛෝපභෝගී රථවාහන හා ආරක්ෂක රථ පෙළපාළි සමඟ ගමන් කරන අතර, මුජිකා තම රාජකාරි කටයුතු සඳහා 1987 වසරේ නිෂ්පාදිත වොක්ස්වැගන් බීටල් රථයක් පාවිච්චි කළේය. කිසිදු ආරක්ෂක රථ පෙළපාළියකින් තොරව එම රථය ඔහු විසින්ම පදවාගෙන තනිවම රාජකාරි කටයුතු සඳහා ගමන් කළේය.

    ඔහුගේ සුවිශේෂී ජීවන රටාවට ආකර්ෂණය වූ අරාබි ෂෙයික්වරයෙකු, ඔහුගේ වොක්ස්වැගන් රථය වෙනුවෙන් ඩොලර් මිලියනයක් හෝ සුඛෝපභෝගී ඩබල් කැබ් රථ 10ක් ලබාදීමට ඉදිරිපත් වී තිබුණි. කෙසේ වෙතත්, එම ගනුදෙනුව සිදු වූවාද යන්න පැහැදිලි නැත. මුජිකා එවකට ප්‍රකාශ කර තිබුණේ එවැනි ගනුදෙනුවක් සිදුවුවහොත්, එයින් ලැබෙන ප්‍රතිලාභ තමා පරිහරණය නොකර ජනතා සේවා කටයුතු වෙනුවෙන් වැය කරන බවයි.

    ඔහුගේ ප්‍රධාන වත්කම වූයේ ඔහු ජීවත් වූ ගොවිපළ ඉඩමයි. මුජිකාගේ මුළු වත්කම ඩොලර් 322,000ක් පමණ ලෙස ගණන් බලා තිබුණි. උරුගුවායි ජනතාව සාක්ෂි දරන පරිදි, මුජිකා කිසි විටෙක සුඛෝපභෝගී ජීවිතයකට ඇලුම් නොකළ අතර, සරල හා අල්පේච්ඡ ජීවිතයකට ප්‍රමුඛත්වය දුන්නේය.

    ජනතාව අතර "පෙපේ" යන ආදරණීය නමින් ප්‍රසිද්ධ වූ මුජිකා, සමස්ත ලෝකයටම ලබාදුන් ප්‍රබල පණිවුඩයක් තිබේ. එනම්, ජනතාව අතරට චරිතයක් වී ජීවත් වීමට ධනය, බලය, සුඛෝපභෝගය, ආඩම්බරකම හෝ වෙනත් අලංකාරය අවශ්‍ය නොවන බවත්, මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් සරල බව පමණක් ප්‍රමාණවත් වන බවත්ය.

    අද වන විට, කෝටි ගණන් මුදල් වැය කරමින් දේශපාලන බලය අත්පත් කරගෙන, පසුව එම මුදල් නැවත උපයා ගැනීමට දූෂණය හා සොරකමට යොමු වී, ජනතාව පීඩාවට පත් කරන නායකයින්ට, හෝසේ මුජිකාගේ ජීවිතය නිහඬ ඉගැන්වීමක් ලබා දෙයි. ඔහුගේ සරල ජීවිත රටාව මගින් ඔහු ලෝකයට පෙන්වා දුන්නේ, සැබෑ ජනතා සේවය සඳහා අවශ්‍ය වන්නේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ දුක් ගැහැට තේරුම් ගැනීම බවයි.

    හෝසේ මුජිකා ගේ අභාවය ලෝකය පුරා ඔහුගේ ගුණ අගය කළ ජනතාවට දැඩි වියෝවක් ගෙන දුන්නේ, ඔහු තරමට සරල, අවංක හා ජනතාවට ආදරය කළ නායකයෙකු නැවත බිහි වීම දුර්ලභ වන බැවිනි.

    gossiplanka image 2

    gossiplanka image 3

    gossiplanka image 4

    gossiplanka image 5

    gossiplanka image 6

    gossiplanka image 7

    gossiplanka image 8

    gossiplanka image 9

    gossiplanka image 10

    gossiplanka image 11
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අප්පුව, ටිල්වියා වගෙ තක්කඩි වම්මු නෙමෙයි මොලේ තිබුන වාමාංශික දේශපාලකයෙක්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    මරාට ඕකේ අනිත් පැත්ත..ඕකා මැරැනාම මිනිස්සු රතිඤ්ඤා දානවා ෂුවර්...මිනිස්සු ඒ තරම් තරහකින් ඉන්නේ..දැන් අලුත් එකාත් එක්කත් තරහයි
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    2030 වෙනකොට හෝසේ මුජිකාට විතරක් දෙවෙනි වෙන ලෝකේ මීලග දුප්පත්ම ජනපති අනුර කුමාර සහෝදරයා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    RIP :(
    ඒකටත් හරි අපේ හිටපු උන්. මුළු රටේම ජාතික ධනය සූරගෙන කාල තවත් ඇතිවීමක් නෑ.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • පෞද්ගලිකව අපි ඉගෙන ගන්න ඕන වටිනා ගුණාංග ගොඩාක් පුරුදු කරගෙන ජීවත් වුණ මනුස්සයෙක් මචන්. අල්පේච්ච ඒත් සතුටුදායක ජීවිතයක් ගත කරනවා කියන දේ ඒ මනුස්සයා හරියටම පෙන්නල දීල තියෙනවා. පොලිසියෙ දෙන්නයි, තමන්ගෙ නෝනගෙ පුන්චි ගෙදර, තමන්ගෙ පුන්චි කාර් එක. අන්තිමේ ඒකත් විකුණල රටට ඒ සල්ලි දීල. කාඩ් ගහගෙන ඉන්න අපිට මේවා හොඳ පාඩම්, කාඩ්ස් නැතුවම මේ මනුස්සයා ඇත්තටම උගන්නලා තියෙනවා. ඇත්තම නායකයෙක් බිහි වෙන්න යුග ගණනාවක් ගත වෙනවා කියන කතාව එක්ක බලද්දි ලෝකෙ වටේම මිනිස්සු දුක් වෙන එක ගැන පුදුමෙකුත් නෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    $322,000=LKR 96,472,327.00
    Approximately Rs 100,000,000.00 (LKR 100 million)

    Is he really poor? 🤣
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    $322,000=LKR 96,472,327.00
    Approximately Rs 100,000,000.00 100 million

    Is he really poor? 🤣
    හම්බුන පඩියෙනුත් පොඩි ගානයිනෙ තමන්ට ගත්ත කියල තියෙන්නෙ. අනික රුපියල්වලින් ලොකු ගානක් වුනාට ඒ රටේ හැටියට කොහොමද දන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Cricket crazy