උත්තර හිමියන් උල මත හිඳ වූ පව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උත්තර හිමියන් උල මත හිඳ වූ පව

    රජගහනුවර ධනයෙන් අගපත් බමුණු කුලයක උපන් උත්තර කුමාරයා කෙළිලොල් තරුණ වියේ පසු වුවත් අනෙක් තරුණයන්ට වඩා වෙනස් සිතුම් පැතුම් ඇත්තෙක් විය. නිතර නිතර රජගහනුවර වේළුවනාරාමයට ගිය උත්තර ගේ දෙසවනට ඇසුණු බුදු වදන් වලින් සිත් පෙරලියක් සිදු විය.

    මොකක්ද මේ ජීවිතේ අරුත? එය හරවත් කර ගන්නේ කොහොමද? ධනවත්, බලවත්,කුලවත් පවුලක උපන් පමණින් ජීවිතයට අරුතක් ලැබේද? මෙවැනි ප්‍රශ්නවලින් උත්තර ගේ සිත නිරන්තරයෙන් සසල වන්නට විය. ඔහු මේ ගැන වේළුවනාරාමයේදී හමුවන සැරියුත් මහ තෙරුන් ආදී පැවිදි උතුමන්ගෙන් විමසන්නට විය. සැරියුත් තෙරුන් ගේ හරවත් පැහැදිලි කිරීම් වලින් උත්තර ගේ සිත අවදි වන්නට විය. නුවණැස පෑදුණේ ය.

    “මේ ධනයෙන්, බලයෙන් කෙළිලොල් තරුණ බවෙන් ඇති වැඩක් නැහැ. ජීවිතයේ එකම අරුත වූ විමුක්ති ගවේෂණයේ යෙදෙන්න කාලය යොදවන්න ඕනෙ”

    යැයි උත්තර තීරණය කළේ ය. මෙසේ උත්තර ගිහි දිවියෙන් වෙන්ව විමුක්ති ගවේෂණයේ යෙදීමට යොමුව ඇති බව ඔහුගේ මවුපියෝ තේරුම් ගත්හ. හොඳ මනාලියක් සොයා දී එය නතර කළ හැකි යැයි කල්පනා කළ ඔවුහු එවන් දියණියක් සෙවූහ. අරමුණ ඉටු විය. රජගහනුවර අජාසත්ත රජතුමා ගේ ප්‍රබල ඇමතිවරයකු වූ වස්සකාර බමුණා තම රූමත් දියණිය විවාහ කර ගන්නා ලෙස උත්තරගෙන් තදින්ම ඉල්ලීය.

    වස්සකාර දියණිය සොළොස් වැනි වියේ පසු වූ පංච කළ්‍යාණියකි. එකල ඇගේ මනාපය ගන්න බොහෝ කුමාරවරු දතකට මැද්දෝය. එහෙත් උත්තරගේ සිත ගැනීමට ඈ සමත් නොවූවා ය. ඈ කෙරෙහි බැඳීම විමුක්ති ලබා ගැනීමට ප්‍රබල බන්ධනයක්, බාධාවක් බව තේරුම් ගත් ඔහු මවුපියන්ගේත් වස්සකාර මහ ඇමතිවරයාගේත් ඉල්ලීම තඹයකට හෝ මායිම් නොකොට ගිහිගෙය හැරපියා සැරියුත් තෙරුන්ගේ ගෝලයකු සේ වේළුවනාරාමයේදී පැවිදි වූයේ ය. එතැන් සිට ඔහු උත්තර සාමණේර නමින් ප්‍රකට විය.

    උත්තර සාමණේර පන්සලේ කුදුමහත් වත් පිළිවෙත් නොපිරිහෙළා ඉටු කරයි. ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරයි. දිනපතා ගම් දනව් වල පිඬු සිඟා යයි. එක් දිනක් සැරියුත් තෙරුන් වහන්සේ ව්‍යාධියකින් පීඩාවට පත්වූහ. එකී ව්‍යාධියට පිළියම් කිරීම සඳහා ගිතෙල් අවශ්‍ය විය. ගිතෙල් ලබා ගැනීම පිණිස උත්තර සාමණේරයාණෝ පිඬු සිඟා වැඩියහ. උන් වහන්සේට බොහෝ දුර පිඬු සිඟා වඩින්නට සිදු වූහ. මෙසේ පිඬු සිඟා යන ගමනේදී පිපාසය දැනුණු බැවින් උන් වහන්සේ පාත්තරය වෑ කණ්ඩියක තබා දිය පානය කිරීමට වැව පහළට බැස්සහ. මේ අතර සොරකමේ ගිය සොරෙක් රජගහනුවර ගෙයකට පැන රන් පොදියක් රැගෙන පැන යන්නේ රාජ පුරුෂයෝ ඔහු ලුහුබැඳ ආවෝ ය.

    ත්තර සාමණේරයන් සිටි පාරෙන් යන ගමන් උන් වහන්සේ ගේ පාත්‍රය දැක එහි රන් පොදිය සඟවා පලා ගියේ ය. සොරා පසුපස ලුහුබැඳ ආ රාජ පුරුෂයෝ පාත්තරයේ රන් පොදිය තිබෙනු දුටුවේය. එසේ දැක

    “මෙන්න සොරා”

    යැයි කියමින් උත්තර සාමණේරයන් අල්ලාගෙන රජමාළිගාවේ නඬු විසඳන තැනට රැගෙන ගියහ. නඬු විසදීමට භාරව සිටියේ වස්සකාර බමුණාම ය. බමුණා සාමණේරයන් හඳුනා ගත්තේ ය. ඔහු නිවැරදි බවද දැන ගත්තේ ය. එහෙත් තම දුව කරකාර නොබැඳ පැවිදි වීම නිසා උත්තර කෙරේ බැඳි වෛරයෙන් යුක්ත වූ වස්සකාර කිසිදු නඩු විභාගයක් නොකොට

    “මොහු වහා ගෙනගොස් උලතියාපියව්”

    ැයි රාජ පුරුෂයන්ට අණ කළේ ය.

    රාජ පුරුෂයෝද අණ පරිදි උත්තර සාමණේරයන් රැගෙන ගොස් කොහොඹ උලක හිඳවූහ. වැඩූ සිතැති භාවිත මනසැති උත්තර සාමණේරයෝ සියලු වේදනාවන් ඉවසමින් තම උපාධ්‍යයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් සිහිපත් කළහ.

    උන් වහන්සේ උත්තර තෙරුන් උල හිඳුවා ඇති බව දුටු සේක. බුදු පියාණන් හමු වූ සැරියුත් හාමුදුරුවෝ ඒ බව උන් වහන්සේට සැල කළෝය. බුදු හිමිපාණන් භික්ෂු සංඝයාට කතා කොට උන් වහන්සේලා ද පිරිවරා උත්තර සාමණේරයන් බැලීමට වැඩම කළහ. උත්තර සාමණේරයන් සමීපයට වැඩි තථාගතයාණෝ මහා කරුණාවෙන් ළතෙත් හද ඇත්තේ සාමණේරයන්ගේ හිස මත ශ්‍රී හස්තය තබා මෙසේ සැනසූහ.

    “උත්තරය සංස්කාරයන් ගේ ස්වභාවය සිහිපත් කරන්න. ඔබ මේ විඳින්නේ මේ ජීවිත කාලයේදී කළ පාප කර්මයක විපාක නොවෙයි. සසර බොහෝ ඈත ජීවිතයකදී කළ පාප කර්මයක විපාකයි.”

    ඉන් පසුව උන් වහන්සේ ඒ අතීත පාප කර්මයේ තතු විස්තර කළහ.

    සසර පෙර භවයකදී උත්තර ළමා වියේ සිටියේ සෙසු ළමයි සමඟ ක්‍රීඩා කරන්නට වූහ. ළමෝ සෙල්ලමට නොයෙක් වැඩ කරති. පෙර භවයේ උත්තර ප්‍රධාන ළමයි ද දුවපැන නොයෙක් දඟවැඩ කළහ. මැස්සකු අල්ලා ගත් (පෙර) උත්තර ළමයා කොහොඹ කීරක් ගෙන ඌ එහි ගැසීය. මැස්සා වේදනාවෙන් මිරිකෙන්නට විය. උත්තර ප්‍රධාන ළමයි මේ දෙස බලා විහිළු තහළු කර කර සිනා සෙන්නට වූහ. ඒ භවයෙදිම ඔහු තව අකුසල කර්මයක් කළේ ය. ඒ භවයේදී සිය මෑණියන් සමග යම්කිසි කරුණක් ගැන තරහෙන් රණ්ඩු කළ උත්තර

    “තී හොඳයි උල තියන්න”

    යි කියමින් කෝපයෙන් ඈට කඩා පැන්නේය.

    මෙකී පාප කර්ම දෙකේ අනිටු විපාක සසර බොහෝ කාලයක් උත්තර ලුහු බැන්දේ ය.

    උදේ සිටම බුදුබණ සිහිපත් කළ උත්තර සාමණේරයෝ එහිදීම සියලු කෙළෙස් නසා රහත් බවට පත් වූහ.

    උත්තර සාමණේරයන් ගේ කථාවෙන් පැහැදිලි වන්නේ පාපය අළු යට ගිනි පුපුරුම වැනි බවයි. ඒවා නිසි වේලාවට මතු වී අප ලුහු බැඳ බැඳ දවයි. එහෙයින් පාපයට නම් සමාවක් නොමැත. සමහරු හැංගි හොරා පව් කරති. එහෙත් පව් නම් කිසිසේත් ම සැඟවිය නොහැකි ය.

    තවත් සමහරු පොඩි පව් කළාට කමක් නැතැයි සිතති. එසේම කියති. එහෙත් උත්තර සාමණේරයන් ගේ කතාව ඔවුන් ගේ අවිද්‍යාව දුරු කර ගැනීමට කදිම කමටහනකි. යම් ක්‍රියාවක බාහිර පැත්ත ගැන අවධානය යොමු කිරීමෙන් එය පොඩි ද ලොකු ද කියා තීරණය කළ නො හැකි ය. යළි යළිත් අප උදේ හවා සිහිපත් කළ යුත්තේ පව පව ම බව ය. එසේ සිතා සියලු ආකාරයේ පව් වලින් මිදිය යුතු වෙමු.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඔය කිසිම ආත්ම භවයක මේවගේ දියුණු කාලයක් තිබිලා නැද්ද බන්. හැම එකේම තියෙන්නේ රජකාලේ. ආදි මානවකයගේ කාලෙත් නෑ. මේ නූතන යුගයත් නෑ. ඒ කාලෙට ගැලපෙන්න කිව්ව කතා තමයි ඉතින්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය කිසිම ආත්ම භවයක මේවගේ දියුණු කාලයක් තිබිලා නැද්ද බන්. හැම එකේම තියෙන්නේ රජකාලේ. ආදි මානවකයගේ කාලෙත් නෑ. මේ නූතන යුගයත් නෑ. ඒ කාලෙට ගැලපෙන්න කිව්ව කතා තමයි ඉතින්.
    @Candid-B මේ උබම නේද
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    උත්තර හිමියන් උල මත හිඳ වූ පව

    රජගහනුවර ධනයෙන් අගපත් බමුණු කුලයක උපන් උත්තර කුමාරයා කෙළිලොල් තරුණ වියේ පසු වුවත් අනෙක් තරුණයන්ට වඩා වෙනස් සිතුම් පැතුම් ඇත්තෙක් විය. නිතර නිතර රජගහනුවර වේළුවනාරාමයට ගිය උත්තර ගේ දෙසවනට ඇසුණු බුදු වදන් වලින් සිත් පෙරලියක් සිදු විය.

    මොකක්ද මේ ජීවිතේ අරුත? එය හරවත් කර ගන්නේ කොහොමද? ධනවත්, බලවත්,කුලවත් පවුලක උපන් පමණින් ජීවිතයට අරුතක් ලැබේද? මෙවැනි ප්‍රශ්නවලින් උත්තර ගේ සිත නිරන්තරයෙන් සසල වන්නට විය. ඔහු මේ ගැන වේළුවනාරාමයේදී හමුවන සැරියුත් මහ තෙරුන් ආදී පැවිදි උතුමන්ගෙන් විමසන්නට විය. සැරියුත් තෙරුන් ගේ හරවත් පැහැදිලි කිරීම් වලින් උත්තර ගේ සිත අවදි වන්නට විය. නුවණැස පෑදුණේ ය.

    “මේ ධනයෙන්, බලයෙන් කෙළිලොල් තරුණ බවෙන් ඇති වැඩක් නැහැ. ජීවිතයේ එකම අරුත වූ විමුක්ති ගවේෂණයේ යෙදෙන්න කාලය යොදවන්න ඕනෙ”

    යැයි උත්තර තීරණය කළේ ය. මෙසේ උත්තර ගිහි දිවියෙන් වෙන්ව විමුක්ති ගවේෂණයේ යෙදීමට යොමුව ඇති බව ඔහුගේ මවුපියෝ තේරුම් ගත්හ. හොඳ මනාලියක් සොයා දී එය නතර කළ හැකි යැයි කල්පනා කළ ඔවුහු එවන් දියණියක් සෙවූහ. අරමුණ ඉටු විය. රජගහනුවර අජාසත්ත රජතුමා ගේ ප්‍රබල ඇමතිවරයකු වූ වස්සකාර බමුණා තම රූමත් දියණිය විවාහ කර ගන්නා ලෙස උත්තරගෙන් තදින්ම ඉල්ලීය.

    වස්සකාර දියණිය සොළොස් වැනි වියේ පසු වූ පංච කළ්‍යාණියකි. එකල ඇගේ මනාපය ගන්න බොහෝ කුමාරවරු දතකට මැද්දෝය. එහෙත් උත්තරගේ සිත ගැනීමට ඈ සමත් නොවූවා ය. ඈ කෙරෙහි බැඳීම විමුක්ති ලබා ගැනීමට ප්‍රබල බන්ධනයක්, බාධාවක් බව තේරුම් ගත් ඔහු මවුපියන්ගේත් වස්සකාර මහ ඇමතිවරයාගේත් ඉල්ලීම තඹයකට හෝ මායිම් නොකොට ගිහිගෙය හැරපියා සැරියුත් තෙරුන්ගේ ගෝලයකු සේ වේළුවනාරාමයේදී පැවිදි වූයේ ය. එතැන් සිට ඔහු උත්තර සාමණේර නමින් ප්‍රකට විය.

    උත්තර සාමණේර පන්සලේ කුදුමහත් වත් පිළිවෙත් නොපිරිහෙළා ඉටු කරයි. ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරයි. දිනපතා ගම් දනව් වල පිඬු සිඟා යයි. එක් දිනක් සැරියුත් තෙරුන් වහන්සේ ව්‍යාධියකින් පීඩාවට පත්වූහ. එකී ව්‍යාධියට පිළියම් කිරීම සඳහා ගිතෙල් අවශ්‍ය විය. ගිතෙල් ලබා ගැනීම පිණිස උත්තර සාමණේරයාණෝ පිඬු සිඟා වැඩියහ. උන් වහන්සේට බොහෝ දුර පිඬු සිඟා වඩින්නට සිදු වූහ. මෙසේ පිඬු සිඟා යන ගමනේදී පිපාසය දැනුණු බැවින් උන් වහන්සේ පාත්තරය වෑ කණ්ඩියක තබා දිය පානය කිරීමට වැව පහළට බැස්සහ. මේ අතර සොරකමේ ගිය සොරෙක් රජගහනුවර ගෙයකට පැන රන් පොදියක් රැගෙන පැන යන්නේ රාජ පුරුෂයෝ ඔහු ලුහුබැඳ ආවෝ ය.

    ත්තර සාමණේරයන් සිටි පාරෙන් යන ගමන් උන් වහන්සේ ගේ පාත්‍රය දැක එහි රන් පොදිය සඟවා පලා ගියේ ය. සොරා පසුපස ලුහුබැඳ ආ රාජ පුරුෂයෝ පාත්තරයේ රන් පොදිය තිබෙනු දුටුවේය. එසේ දැක

    “මෙන්න සොරා”

    යැයි කියමින් උත්තර සාමණේරයන් අල්ලාගෙන රජමාළිගාවේ නඬු විසඳන තැනට රැගෙන ගියහ. නඬු විසදීමට භාරව සිටියේ වස්සකාර බමුණාම ය. බමුණා සාමණේරයන් හඳුනා ගත්තේ ය. ඔහු නිවැරදි බවද දැන ගත්තේ ය. එහෙත් තම දුව කරකාර නොබැඳ පැවිදි වීම නිසා උත්තර කෙරේ බැඳි වෛරයෙන් යුක්ත වූ වස්සකාර කිසිදු නඩු විභාගයක් නොකොට

    “මොහු වහා ගෙනගොස් උලතියාපියව්”

    ැයි රාජ පුරුෂයන්ට අණ කළේ ය.

    රාජ පුරුෂයෝද අණ පරිදි උත්තර සාමණේරයන් රැගෙන ගොස් කොහොඹ උලක හිඳවූහ. වැඩූ සිතැති භාවිත මනසැති උත්තර සාමණේරයෝ සියලු වේදනාවන් ඉවසමින් තම උපාධ්‍යයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් සිහිපත් කළහ.

    උන් වහන්සේ උත්තර තෙරුන් උල හිඳුවා ඇති බව දුටු සේක. බුදු පියාණන් හමු වූ සැරියුත් හාමුදුරුවෝ ඒ බව උන් වහන්සේට සැල කළෝය. බුදු හිමිපාණන් භික්ෂු සංඝයාට කතා කොට උන් වහන්සේලා ද පිරිවරා උත්තර සාමණේරයන් බැලීමට වැඩම කළහ. උත්තර සාමණේරයන් සමීපයට වැඩි තථාගතයාණෝ මහා කරුණාවෙන් ළතෙත් හද ඇත්තේ සාමණේරයන්ගේ හිස මත ශ්‍රී හස්තය තබා මෙසේ සැනසූහ.

    “උත්තරය සංස්කාරයන් ගේ ස්වභාවය සිහිපත් කරන්න. ඔබ මේ විඳින්නේ මේ ජීවිත කාලයේදී කළ පාප කර්මයක විපාක නොවෙයි. සසර බොහෝ ඈත ජීවිතයකදී කළ පාප කර්මයක විපාකයි.”

    ඉන් පසුව උන් වහන්සේ ඒ අතීත පාප කර්මයේ තතු විස්තර කළහ.

    සසර පෙර භවයකදී උත්තර ළමා වියේ සිටියේ සෙසු ළමයි සමඟ ක්‍රීඩා කරන්නට වූහ. ළමෝ සෙල්ලමට නොයෙක් වැඩ කරති. පෙර භවයේ උත්තර ප්‍රධාන ළමයි ද දුවපැන නොයෙක් දඟවැඩ කළහ. මැස්සකු අල්ලා ගත් (පෙර) උත්තර ළමයා කොහොඹ කීරක් ගෙන ඌ එහි ගැසීය. මැස්සා වේදනාවෙන් මිරිකෙන්නට විය. උත්තර ප්‍රධාන ළමයි මේ දෙස බලා විහිළු තහළු කර කර සිනා සෙන්නට වූහ. ඒ භවයෙදිම ඔහු තව අකුසල කර්මයක් කළේ ය. ඒ භවයේදී සිය මෑණියන් සමග යම්කිසි කරුණක් ගැන තරහෙන් රණ්ඩු කළ උත්තර

    “තී හොඳයි උල තියන්න”

    යි කියමින් කෝපයෙන් ඈට කඩා පැන්නේය.

    මෙකී පාප කර්ම දෙකේ අනිටු විපාක සසර බොහෝ කාලයක් උත්තර ලුහු බැන්දේ ය.

    උදේ සිටම බුදුබණ සිහිපත් කළ උත්තර සාමණේරයෝ එහිදීම සියලු කෙළෙස් නසා රහත් බවට පත් වූහ.

    උත්තර සාමණේරයන් ගේ කථාවෙන් පැහැදිලි වන්නේ පාපය අළු යට ගිනි පුපුරුම වැනි බවයි. ඒවා නිසි වේලාවට මතු වී අප ලුහු බැඳ බැඳ දවයි. එහෙයින් පාපයට නම් සමාවක් නොමැත. සමහරු හැංගි හොරා පව් කරති. එහෙත් පව් නම් කිසිසේත් ම සැඟවිය නොහැකි ය.

    තවත් සමහරු පොඩි පව් කළාට කමක් නැතැයි සිතති. එසේම කියති. එහෙත් උත්තර සාමණේරයන් ගේ කතාව ඔවුන් ගේ අවිද්‍යාව දුරු කර ගැනීමට කදිම කමටහනකි. යම් ක්‍රියාවක බාහිර පැත්ත ගැන අවධානය යොමු කිරීමෙන් එය පොඩි ද ලොකු ද කියා තීරණය කළ නො හැකි ය. යළි යළිත් අප උදේ හවා සිහිපත් කළ යුත්තේ පව පව ම බව ය. එසේ සිතා සියලු ආකාරයේ පව් වලින් මිදිය යුතු වෙමු.
    me thripitakaye thiyena deyakda?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    ස්තූතියි
    දැන හෝ නොදැන කොච්චර පාපකර්ම අපි කරනවා ඇතිද :rofl::sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,169
    113
    Mother Earth
    උත්තර අර අවුරුදු 12කෙල්ලව බැන්ද නම් මොකුත් නෑ. ආතල් එකේ ඉන්නව. ඌ මැරෙන්නත් හේතු වුණේ බුද්ධාගම. 🙁