උත්සවේ ගන්නෙ කොහේද?

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මේකේ ඉන්න යමක් කමක් දන්නා අයගෙන් අහන්නෙ මමත් දැන් ගන්න.

    දැන් රටේ එක එක තැන් වල හතු පිපෙනවා වගේ එක එක educational institutes තියෙනවානේ. සමහර ඒවයේ online. ප්‍රශ්නෙ ඒක නෙවේ, දැන් මේවගේ දෙන සහතික වල validity එක මොකක්ද?

    මේවා උත්සව තියලා කරලා BMICH හරි ඒ වගේ ප්‍රසිද්ධ තැනක certificates ත් දෙනවා. ඕනම කෙනෙකුට ලොකු ලෝගුවක් (cloak) දාලා දෙනවා.

    හැබැයි මේ දෙන qualification එකේ validity එක ඇහුවාම ලෝකේ නැති උත්තර දෙන්නේ.

    සමහරුන්ගේ accreditation එක වෙන්නේ ඒකෙ මොකක් හරි ඈත රටක අප්‍රිකාවේ හරි, නැත්නම් වෙන කොහේ හරි ඉගෙන ගන්න කියල ලේසියකට ළමයි යන්නෙ නැති රටක මොකක් හරි විශ්ව විද්‍යාලෙක නමක් කියනවා.
    ඉතින් මම දන්නෙ නැති නිසා අහන්නේ?

    BMICH එකේ උත්සවය තිබ්බා කියලා ඒ දෙන සහතිකයට මොකක් හරි ලොකුවක් තියෙනවද?

    පාට පාට ලෝගු දැම්මා කියලා දෙන සහතිකයට validity එකක් එනවද?

    ඔය සහතික අරගෙන job 1 ට ගියාම ඒකේ වැඩ කරන්න ඇත්තටම ඔය ඉගෙන ගත්ත ඒවා ඕන වෙනවද? ඒ කියන්නේ හැම තැනම HR, PSYCHOLOGY ETC. PSYCHOLOGY වගේ නම් කරන සමහරු කච්චේරි වල වැඩ කරන D.O.s (development officers). ඉතින් මම දන්නෙ නෑ කච්චේරිවල වැඩ කරන්න PSYCHOLOGY ඕනද කියලා ඒවට ගියාම නම් එහෙම දෙයක් පේන්න නෑ.

    course එකක් කරන්න කලින් අහන්නෙ? මොකද දැන් සමහර තැන්වල ඉංග්‍රීසී courses තියෙනවා, ඒත් ඉතින් සුද්දො ඉංග්‍රීසී කතා කරනවා සහතික නැතුව
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,137
    113
    Nugegoda තියනවා සම්පූර්ණ online B.ed උපාධි දෙන ආයතනයක්, interview වලදි පිලි ගන්නෙ නෑ
     
    • Like
    Reactions: himal2000