උතුරින්+හමුදාව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උතුරින්+හමුදාව

    එරික් සොල්හයිම්ගේ තැත වරදීයි

    10615469_741812899220999_5364972176645972481_n-copy4-300x163.jpg


    උතුරින් හමුදාව ඉවත් කරන ලෙස හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් ශ්‍රී ලංකා රජය වෙතින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

    එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.


    උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟම දකුණේත් එවැනි ඉල්ලීමක්‌ කළහොත් ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්නයක්‌ එන බව සරත් ෆොන්සේකා මහතා පවසයි. එබැවින් උතුරේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කඳවුරු තිබිය යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙතෙක් කල් උතුරට සහ නැගෙනහිරට භාන්ඩ ප්‍රවාහනයට පනවා තිබූ සීමාවන් තරමක් දුරට ලිහිල් කිරිමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

    එසේම සංචාරකයන් සදහා ගමන් කිරීමට ඇතැම් ප්‍රදේශයන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත.

    නමුත් උතුරු හා නැගෙනහිර පළාත වෙත යුද්ධායුධ හා වෙඩි ද්‍රව්‍ය, වෙනත් පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිලිවලට සමාන රෙදි වර්ග සහ දුරදක්න ප‍්‍රවාහනය කිරීම තවදුරටත් තහනම් කර ඇති බවට වාර්තා වේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ තියෙන්නේ මහින්දගේ ඒ කාලේ යහපාලනේ !


    1461072_1000378203313009_8292860803124198963_n.jpg


    දකුණෙන් සුද්දන්ව දූෂණය කරපු මහින්දගේ ආශිර්වාද ලබපු මහින්දගේ ගමේ ( තංගල්ලේ ප්‍රදේශයේ )ප්‍රාදේශීය සභාපති ඇතුළු දේශපාලකයෝ සහ උන්ගේ චන්ඩි !

    උතුරෙන් හමුදා බාධක !



    අම්බලන්ගොඩදී සුද්දීයක්ව ඔස්ට්‍රේලියාවේ ඉදන් ලංකාවට research එකක් කරන්න ආව කෙල්ලෙක් දූෂණය කරලා ඒ දූෂණය කරපු ඒකා හැංගිලා හිටියේ සජින් වාස්ගේ අම්බලන්ගොඩ ගෙදර !

    මේ පැත්තේ මිනිස්සු ඒක හොදට දැන ගෙන හිටියේ !


    සංචාරකයෝ උතුරට ගියොත් වහනවා . දකුණට ගියොත් ගහනවා .
    තංගල්ලේ උබලගේ යහපාලන වීරයා ප්‍රමුඛ අනිත් අය වෙන විදියටත් ගහනවා...!



    ඔය channel 4 කාරයොන්ට ඔච්චර බය වෙන්න ඕනැද ?

    අපි තනිකරම රටක් හැටියට !


    ලංකාව නිදහස්‌ වුනාට දේශීය විදේශීය සංචාරකයින්ට නිදහසේ එහාට මෙහාට රටේ යන්න බැරිනම් වැඩක් තියෙනවද ඒ නිදහසෙන් !

    ඔය එක එක නාඩගම් නටන්න බැහැ රටේ ආරක්ෂාව තියෙනවා !

    ඔය විදෙශිකයෝන්ට වැඩ ජාතිවාදය අවුස්සන්නේ .....
    මහින්ද වාදියෝ ! සහ හිටපු ජනාධිපති මහින්ද


    උන් ඉස්සර කිව්වේ.... මහින්ද ලොක්කගේ වචන ...
    මේ රටේ සුළු ජන කොටසක්, මහ ජන කොටසක් නැහැ !
    ඉන්නේ ජාති දෙකයි !
    ඒ රටට ආදරේ උන් !
    රටට ආදරේ නැති උන් කියලා ....

    දැන් මෙන්න දෙමල මිනිස්සුන්ට කියනවා කොටි කියලා !
    මුස්ලිම් චන්ද හම්බ චන්ද වෙලා ...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රටක් ඇතුලේ ඕනේ තැනකට යන්න දෙන්න ඕනේ කියල නියමයක් නැහැ. රජයට ඕනේ විදිහට විදේශ පුද්ගලයන්ට තහනම් කලාපයන් නම් කරන්න පුළුවන්. ඉන්දියාවේ වයබ කොටසකට යන්න permit එකක් ගන්න ඕනේ. මැලේසියාවේ නැගෙනහිර කොටසට යන්න permit එකක් ඕනේ. මේ උදාහරණ කීපයක් විතරයි.

    රටේ කොතන වුනත් රටේ ඒකීය භාවයට හානි වන මොන දෙයක් කරත් ජාතිය බලන්නේ නැතුව ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.