උතුරු කොරියාවට පුලුවන්ද?
පසුගිය සති කිහිපය ගෙවී ගියේ ඕනෑම මොහොතක උතුරු කොරියා-ඇමෙරිකා යුද්ධයක් ඇවිලීමේ අවදානමත් සමග යැයි කිවහැකිය.දෙපාර්ශ්වයේම සිටින්නේ දැඩි තීරණ ගන්නා නායකයින් දෙදෙනෙක් නිසාද රටවල් දෙකම සතුව න්‍යෂ්ඨික අවි පැවතීම නිසාද මෙම යුද්ධය ලෝක විනාශයක් වැනි ප්‍රතිඵලයක් සමග අවසන් වේවි යැයි මතයක් ලොව පුරා ඇතිව තිබිණි.තවමත් මෙම බිය පහව ගොස් නැත.මන්ද උතුරු කොරියාවේ උමතු හැසිරීම තවදුරටත් ඉවසා සිටීමේ සූදානමක් නැති බව ඇමෙරිකාව විසින් පවසා සිටිමයි.
ඒ අතරතුර පසුගිය 23දා උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි.ඉන් කියවුනේ කොරියානු අර්ධද්වීපය ආසන්නට පිටත් කර යැවූ ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගිල්වා දමන බවයි.ඇමෙරිකාව විසින් එරට සතු ගුවන් යානා ප්‍රවාහන නෞකා දහයෙන් එකක් වන යූ එස් එස් කාල් වින්සන් නෞකාව ප්රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපය දෙසට එවන්නට තීරණය කලේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදා බැලීම සහ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාරයක් ලෙසයි.උතුරු කොරියාව අදාල ප්‍රකාශ නිකුත් කරන විටත් නෞකා කණ්ඩායම් අදාල ස්ථානයට ලගාවී නොතිබිණි.ඒ අතරතුර ජපානය ප්‍රකාශ කලේ ඔවුන්ගේ නෞකා 2ක්ද ඇමෙරිකානු නාවුක ප්‍රහාරක කණ්ඩායම සමග එක්වන බවයි.ඒ ඒකාබද්ධ අභ්‍යාසය සඳහාය.
"න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහනය නෞකාව තනි ප්‍රහාරයකින් විනාශ කිරීමට අපගේ විප්ලවකාරී හමුදාව සූදානම්"උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ නිල පුවත්පත එලෙස සඳහන් කර තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.තවද පුවත්පත විසින් ඇමෙරිකානු නෞකාව “gross animal”ලෙස හඳුන්වා තිබිණි."අපේ හමුදාවේ බලය පෙන්වීමේ නියම උදාහරණය" යනුවෙන් එම ප්‍රහාරය පුවත්පතේ පෙන්වාදී තිබිණි.
ලොව සිව්වන විශාලතම හමුදාව තිබෙන්නේ උතුරු කොරියාව සතුවයි.එහි පිරිස් බලය 1,190,000ක් පමණ වේ.මෙහි තිබෙන පුදුම එළවන සුලු කරුණ වන්නේ උතුරු කොරියාවේ ජනගහනය පමණක් මිලියන 25ක් වීමයි.වඩාත් වැදගත් කරුණ වන්නේ හමුදාවේ පිරිස් බලය නොව ඔවුන් සතු න්‍යෂ්ඨික අවිය.නමුත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වීමට නම් උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමාවෙන් බොහෝ ඈතට බලය ප්රක්ෂේපනය කල යුතුය.එවැන්නක් සඳහා උතුරු කොරියාව සතුව තිබෙන්නේ සුලු හැකියාවකි.
නූතන නෞකා-නාශක මිසයිල යනු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමීම යොදාගත හැකි හොඳම අවියකි.උතුරු කොරියාව සතුව නෞකා නාශක මිසයිල තිබුණද ඒවා 1960 දශකය තරම් පැරණි සෝවියට් ස්ටෙක්ස් මිසයිල පදනම් කරගෙන නිර්මාණය කල ඒවාය.ඊට අමතරව ඔවුන් සතුව චීන සිල්ක්වර්ම් මිසයිලද තිබේ.ස්ටෙක්ස් යනු පළමු නෞකා නාශක මිසයිලවලින් එකකි.1967 වර්ෂයේදී මෙම මිසයිල යොදාගෙන ඊශ්‍රායලයේ එයිලාට් නම් destroyer වර්ගයේ නෞකාව ගිල්වා දමන ලදි.සිල්ක්වර්ම් මිසයිලයක රාත්තල් 1000 බර පුපුරණ ද්‍රව්‍ය සහිත අවි ශීර්ෂයක් තිබෙන අතර එමගින් නෞකාවක බදට හානි සිදුකල හැකිය.
මෙම මිසයිල බලවත් වුවත් පැරණි මෙන්ම නූතන ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපක්‍රම සහ ගුවන් ආරක්ෂණ පද්ධති හමුවේ අසරණය.තවද ඒවාහි පරාසයද කෙටිය.ඒ නිසා දැඩි ආරක්ෂාවක් යටතේ තිබෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට පහරදීමට මෙම මිසයිල යොදාගැනීම නිෂ්ඵලය.ඒ අනුව වින්සන් වැනි නෞකාවකට වෙරළාසන්නයේ නැවතී ආරක්ෂිතව ගුවන් ප්‍රහාර එල්ල කිරීම පහසුවෙන් කල හැකිය.
රුසියානු කේඑච්-35 නෞකා නාශක මිසයිලයක පිටපතක් යැයි සැක කරන නවතම මිසයිලයක් උතුරු කොරියාව සතුව තිබෙන බව 2014දී එළිදරව් කෙරිණි.පරාසය සීමාවීමේ අවාසිය කේඑච්-35 මිසයිලවල තිබුණත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට පහරදීමේ වඩා හොඳ අවස්ථාවක් ඒවා සතුවේ. නමුත් කාල් වින්සන් නෞකාව පැමිණෙන විට එවැනි මිසයිල අතලොස්සක් පමණක් උතුරු කොරියාවට ලබාගත හැකිවේවි.
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමිය හැකි අනෙක් ක්‍රමය වන්නේ රොකට් සහ බෝම්බ ගෙන යන ගුවන් යානයක් මගින් ප්‍රහාර එල්ල කිරීමයි.උතුරු කොරියාව සතුව ජෙට් ප්‍රහාරක යානා බල ඇණියක් තිබුණත් ඔවුන් සතු අලුත්ම ප්‍රහාරක යානය වන්නේ වසර 30ක් පමණ පැරණි මිග්-29 යානයයි.පියාසර කල හැකි තත්ත්වයේ තිබෙන්නේ මිග්-29 යානා 5ක් පමණක් යැයි කියවේ.ඊට අමතරව සුකොයි-25 ගොඩබිම් ප්‍රහාරක යානා 35ක් උතුරු කොරියානු ගුවන් හමුදාව සතුය.සුකොයි-25 යානයට පැවරී තිබෙන කර්තව්‍ය අතින් ඇමෙරිකානු ඒ-10 තන්ඩර්බොල්ට් 2 යානයට සමාන වුවද විශාල ප්‍රමාණයේ අවියක් නොමැත.මෙම යානා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට පහරදීමට යොදාගන්නවාට වඩා පාබල හමුදාවේ සහාය පිණිස භාවිතා කිරීම වඩා ප්රයෝජනවත්ය.
බෝම්බ සහ රොකට් රැගෙන යා හැකි මෙම ගුවන් යානා 40 යොදාගෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානියක් සිදුකර එහි ගුවන් යානා මෙහෙයුම් කටයුතු තාවකාලිකව අහුරා දැමිය හැකි වුවද මුලුමනින්ම ගිල්වා දැමීම ලෙහෙසි පහසු නැත.මන්ද මෙම පාවෙන බලකොටුවට ආරක්ෂාව සපයන්නේ Aegis මිසයිලවලින් සන්නද්ධ destroyer වර්ගයේ නෞකා හතරකින් වීමයි.ඒ නිසා ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව දඬයම් කිරීමට පිටත්ව යන උතුරු කොරියානු ප්‍රහාරක යානා යළි සිය මවු බිමට පැමිණේද යන්න සැක සහිතය.
අවසන් වශයෙන් කාල් වින්සන් නෞකාව ගිල්වීමට උතුරු කොරියාවට යොදාගත හැකි අවිය වන්නේ සබ්මැරීනයයි.එක් සබ්මැරීනයකට වඩා සබ්මැරීන කණ්ඩායමක් යොදාගැනීම වඩා වාසිදායකය.දන්නා තරමට ලොව විශාලතම සබ්මැරීන එකතුව තිබෙන්නේ උතුරු කොරියාව සතුවයි.නමුත් ඒ සියල්ලම පාහේ ඩීසල්-විදුලි සබ්මැරීනයි.නමුත් නොගැඹුරු මුහුදේ වඩාත් මාරක අවිය වන්නේද ඩීසල්-විදුලි සබ්මැරීනයි.ඔවුන් සතුව රෝමියෝ පන්තියේ සබ්මැරීන 20ක්,කුඩා ප්‍රමාණයේ සැන්ග්-ඕ(ෂාර්ක්-මෝරා)වෙරළාශ්‍රිත සබ්මැරීන 10ක් සහ යෝනෝපන්තියේ කුරු සබ්මැරීන 10ක් තිබෙන බව සඳහන් වේ.මෑතකදී ටෝර්පිඩෝ ප්‍රහාරයකින් දකුණු කොරියාවේ
චියෝනම් නම් corvette වර්ගයේ නෞකාව ගිල්වා දැමුවා යැයි සැලකෙන්නේ උතුරු කොරියාව සතු යෝනෝ පන්තියේ සබ්මැරීනයක් යොදාගෙනය.චියෝනම් නෞකාව විනාශ වූයේ කිසිදු පෙර සූදානමකින් පසු නොවූ අවස්ථාවක එල්ල වූ ප්රහාරයකිනි.නමුත් කාල් වින්සන් වැනි දැවැන්තයෙක් නිරන්තරයෙන් යාත්‍රා කරන්නේ සතුරු සබ්මැරීන ගැන විමසිල්ලෙනි.තවද එක්සත් ජනපදය ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික උපක්‍රම අතින් ලොව අන් කිසිදු රටකට වඩා ඉදිරියෙන් පසුවේ.උතුරු කොරියානු සබ්මැරීන එතරම් නිශ්ශබ්ද නැති පැරණි ඒවා වන නිසා පහසුවෙන් අනාවරණය විමේ සම්බාවිතාවය ඉහළය.චියෝනම් නෞකාව මෙන් නොව කාල් වින්සන් නෞකාව ටොන් 98,500ක් බර දැවැන්තයෙකි.එවැන්නක් ගිල්වා දැමීම පහසු නැත.ඊට අමතරව මෙම නෞකාව ද්විත්ව නැව්කඳකින් සමන්විතය.ඒ ටෝර්පිඩෝ ප්‍රහාරවලින් ආරක්ෂා වීමටයි.
උතුරු කොරියාව යනු සැබවින්ම න්‍යෂ්ඨික බලවතෙකි.ඇමෙරිකාව මෙතරම් කෝපයෙන් පසුවන්නේ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නොනවත්වා සිදුකරගෙන යෑම නිසාය.ඔවුන් සතුව ආසන්න වශයෙන් න්‍යෂ්ඨික බෝම්බ දුසිමක් පමණ ඇතැයි සැක කෙරේ.නමුත් මෙම බෝම්බ යම් ඉලක්කයකට එල්ල කිරීම දක්වා වැඩිදියුණු කර තිබේද යන්න කිසිවෙක් දන්නේ නැත.එනම් අදාල න්‍යෂ්ඨික අවිය මිසයිලයක රදවා නිශ්චිත ඉලක්කයට මුදා හැරීමේ හැකියාවයි.දැනට උතුරු කොරියාව සතු පැරණිතම සහ විශ්වාසදායි මිසයිලය වන්නේ සෝවියට් ස්කඩ් මිසයිල පදනම් කරගෙන නිර්මාණය කල හවාසොන්ග්-7 නම් මිසයිලයයි.පරාසය සැතපුම් 621ක් වන එය මාර්ගෝපදේශනයක් රහිතව ගමන් කරයි.එනම් මිසයිලය ලබාදුන් ඉලක්කය තිබෙන ස්ථානයට ලගාවන විට ඉලක්ක කල ගුවන් යානා ප්‍රවාහන නෞකාව හෝ වෙනයම් දෙයක් සැතපුම් ගණනක් ඈතට ගොස් තිබේ.
අවසන් වශයෙන් උතුරු කොරියාව සතුව විශාල සහ වඩාත් මූලික ගැටලුවක් තිබේ.අවශ්‍ය වේලාවට ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ පිහිටීම සොයා ගැනීම එම ප්රශ්නයයි.එරට සතුව වෙරළාශ්‍රිත රේඩාර් පද්ධති තිබුණත් ඒවාහි පරාසය සීමා සහිතය.මේ නිසා පහසුවෙන්ම රේඩාර් සීමාවෙන් එපිටට වී සිටීමට ඇමෙරිකානු නෞකාවලට පුලුවනි.මවු නෞකාවේ ආරක්ෂිත සීමාව උල්ලංඝනය කරන ඕනෑම උතුරු කොරියානු ගුවන් යානයක්,ඩ්‍රෝන් යානයක්,සබ්මැරීනයක් හෝ නෞකාවක් බිම හෙළීම හෝ ගිල්වා දැමීමට නෞකා ඇණියේ අනෙකුත් නෞකාවලට/සබ්මැරීනවලට හැකියාව තිබේ.
ආසන්න වශයෙන් අන්තරායදායි නොවන අනාවරණය කරගැනීම සිදුකිරීමට තිබූ එකම මාර්ගය වූ ඔවුන්ගේ චන්ද්‍රිකාවද මේවන විට එරට ග්රහණයෙන් මිදී ගොස්ය.පසුගිය දිනෙක අනාවරණය කෙරෙන තෙක් කාල් වින්සන් නෞකාව තිබෙන්නේ ජපාන මුහුදේ බව බොහෝදෙනා විශ්වාස කලහ.නමුත් එය තිබුණේ ඉන්දීය සාගරයේ බව එක්සත් ජනපද මාධ්‍ය පසුව අනාවරණය කරන ලදි.එසේ නම් නෞකාවේ පිහිටීම වත් නොදැන එය ගිල්වා දමනවා යැයි පම්පෝරි ගැසීම හාස්‍ය ජනකය.
උතුරු කොරියාව ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් විනාශ කරන බවට කරන අනතුරු ඇඟවීම යථාර්තයෙන් බොහෝ ඈත බව පෙනේ.සැතපුම් ගණනකට සීමාවන නිරවද්‍යතාවයක් සහිත මිසයිල සමග කඩිසරව යාත්‍රා කරන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කිරීම ඉතා පහසුය.ඉන් කියවෙන්නේ ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ඕනෑම සතුරෙක්ගේ ප්‍රහාරයකින් ගැලවීමට තරම් සමතෙක් යන්න නම් නොවේ.රුසියාව සහ චීනය එවැනි ප්‍රහාරයක් දියත් කිරීමට වඩාත් සුදුසුම තාක්ෂණය සහ අවි සහිත රටවල් දෙකකි.නමුත් කාල් වින්සන් වැනි නෞකාවක් උතුරු කොරියාව කෙරෙහි එතරම් බියක් නොදක්වයි.
Source
opularmechanics.com
-HarshaLulzSec-

නෞකාවකින් කේඑච්-35 මිසයිලයක් නිකුත් කරන අයුරු

සිල්ක්වර්ම් මිසයිලයක්

සුකොයි-25 ප්‍රහාරක යානා දෙකක්

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් රෝමියෝ පන්තියේ සබ්මැරීනයක නැගී යාත්‍රා කරන අයුරු
උතුරු කොරියාව යනු සැබවින්ම න්‍යෂ්ඨික බලවතෙකි.ඇමෙරිකාව මෙතරම් කෝපයෙන් පසුවන්නේ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නොනවත්වා සිදුකරගෙන යෑම නිසාය.ඔවුන් සතුව ආසන්න වශයෙන් න්‍යෂ්ඨික බෝම්බ දුසිමක් පමණ ඇතැයි සැක කෙරේ.නමුත් මෙම බෝම්බ යම් ඉලක්කයකට එල්ල කිරීම දක්වා වැඩිදියුණු කර තිබේද යන්න කිසිවෙක් දන්නේ නැත.එනම් අදාල න්‍යෂ්ඨික අවිය මිසයිලයක රදවා නිශ්චිත ඉලක්කයට මුදා හැරීමේ හැකියාවයි.දැනට උතුරු කොරියාව සතු පැරණිතම සහ විශ්වාසදායි මිසයිලය වන්නේ සෝවියට් ස්කඩ් මිසයිල පදනම් කරගෙන නිර්මාණය කල හවාසොන්ග්-7 නම් මිසයිලයයි.පරාසය සැතපුම් 621ක් වන එය මාර්ගෝපදේශනයක් රහිතව ගමන් කරයි.එනම් මිසයිලය ලබාදුන් ඉලක්කය තිබෙන ස්ථානයට ලගාවන විට ඉලක්ක කල ගුවන් යානා ප්‍රවාහන නෞකාව හෝ වෙනයම් දෙයක් සැතපුම් ගණනක් ඈතට ගොස් තිබේ.
2012 වර්ෂයේ හමුදා පෙළපාලියක හවාසොන්ග්-7 මිසයිල රැගෙන ගිය අයුරු
අවසන් වශයෙන් උතුරු කොරියාව සතුව විශාල සහ වඩාත් මූලික ගැටලුවක් තිබේ.අවශ්‍ය වේලාවට ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ පිහිටීම සොයා ගැනීම එම ප්රශ්නයයි.එරට සතුව වෙරළාශ්‍රිත රේඩාර් පද්ධති තිබුණත් ඒවාහි පරාසය සීමා සහිතය.මේ නිසා පහසුවෙන්ම රේඩාර් සීමාවෙන් එපිටට වී සිටීමට ඇමෙරිකානු නෞකාවලට පුලුවනි.මවු නෞකාවේ ආරක්ෂිත සීමාව උල්ලංඝනය කරන ඕනෑම උතුරු කොරියානු ගුවන් යානයක්,ඩ්‍රෝන් යානයක්,සබ්මැරීනයක් හෝ නෞකාවක් බිම හෙළීම හෝ ගිල්වා දැමීමට නෞකා ඇණියේ අනෙකුත් නෞකාවලට/සබ්මැරීනවලට හැකියාව තිබේ.
ආසන්න වශයෙන් අන්තරායදායි නොවන අනාවරණය කරගැනීම සිදුකිරීමට තිබූ එකම මාර්ගය වූ ඔවුන්ගේ චන්ද්‍රිකාවද මේවන විට එරට ග්රහණයෙන් මිදී ගොස්ය.පසුගිය දිනෙක අනාවරණය කෙරෙන තෙක් කාල් වින්සන් නෞකාව තිබෙන්නේ ජපාන මුහුදේ බව බොහෝදෙනා විශ්වාස කලහ.නමුත් එය තිබුණේ ඉන්දීය සාගරයේ බව එක්සත් ජනපද මාධ්‍ය පසුව අනාවරණය කරන ලදි.එසේ නම් නෞකාවේ පිහිටීම වත් නොදැන එය ගිල්වා දමනවා යැයි පම්පෝරි ගැසීම හාස්‍ය ජනකය.
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සහායට පැමිණෙන ප්‍රහාරක කණ්ඩායම