උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලූ සබඳ
March 11, 2016 at 9:28 am | lanka C news
උතුරු කොරියාව දකුණු කොරියාව සමග සියලූ සබඳතා අත්හිටුවයි
දකුණු කොරියාව සමග ඇති සියලූ සබඳතා අත්හිටුවන බව උතුරු කොරියාව විසින් නිවේදනය කර ඇත.
මින් පැය කිහිපයකට පෙර උතුරු කොරියාව විසින් ජපාන මුහුදට තවත් බැලස්ටික් මිසයිල 2ක් එල්ල කර තිබේ.
අළුයම 5.20ට පමණ උතුරු හ්වෑන්හි ප්‍රාන්තයේ සිට මෙම මිසයිල දියත් කර ඇති අතර කිලෝමීටර් 500ක් පමණ ගමන් කිරිමෙන් පසු ඒවා දකුණු කොරියාවේ වොන්සාන් නගරයට ඊසානදිගින් ජපාන මුහුදට කඩා වැටී ඇත.
දකුණු කොරියානු ආරක්ෂක ප්‍රධානීන් පවසා ඇත්තේ උතුරු කොරියාව විසින් සිදුකරන ඕනෑම කුපිතකිරීමකට ප්‍රතිචාර දැක්වීමට හමුදා සූදානමින් තබා ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් ජපානයහ චීනයේ උතුරු කොරියානු තානාපති කාර්යාලය වෙත විරෝධය දක්වා ඇති අතර හදිසි ජාතික ආරක්ෂක හමුවක් කැඳවීමටද ජපාන අගමැති ෂින්සො අබේ තීරණය කර ඇතැයි පැවසේ.
දකුණු කොරියාව සහ ඇමරිකාව විසින් සිදුකරන දැවැන්ත යුධ අභ්‍යාසයට විරෝධය දැක්වීමක් ලෙස උතුරු කොරියාව විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව සමග ආතතිය ඉහළ නංවමින් අනවශ්‍ය මිලිටරි සංදර්ශනයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවද විරෝධය දක්වා ඇත.
දකුණු කොරියාව සමග ඇතිකරගත් සියලූ සහයෝගිතා ගිවිසුම් අවලංගු කරන බව උතුරු කොරියාව විසින් නිවේදනය කර ඇති අතර ඒ අනුව දෙරට අතර සහයෝගිතාවයේ සංකේතයක් ලෙස පැවති කායිසොන් කාර්මික කලාපයේ දකුණු කොරියානු දේපළ විසුරුවා හැරීමට පියවර ගන්නා බවද පවසා තිබේ.