බැලූබැල්මට ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ඇති බව පෙනුණද, අද වන විට චීනයේ උතුරු පළාතේ හැසිරීම මගින් ප්‍රදර්ශනය වීමට පටන්ගෙන ඇත්තේ, උතුරට සාම්ප්‍රදායිකව පවතින ඉන්දියානු හුය බිඳදමා සිය බලය තහවුරු කරගනිමින්, ඉන්දියානු සාගරයේ බල ව්‍යාප්ති සැලසුමේ කොටසක් උතුරේ සිට ක්‍රියාත්මක කරවීමට බවය. එහි ආරම්භක පියවරක් ලෙස චීනය මීට වසර දෙකකට පෙර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට බව පවසමින් උතුරේ දුපත් තුනක් බදු ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක කළේය. ඊට කැබිනට් අනුමැතිය පවා ලබා ගැනීමට චීනය සමත් වූ නමුත්, අවසානයේ ඉන්දියාව විසින් චීනයේ අරමුණු පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇඟවීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට සිය අනුමැතිය හකුලාගැනීමට සිදු විය.
දැන් උතුරට අතපෙවීමට චීනය සොයාගෙන ඇත්තේ අලුත්ම උපක්‍රමයකි. වෙනත් ආකාරයකින් කිවහොත් අනාගත සැලසුමක් ඉලක්ක කරගනිමින් චීනය විසින් උතුරේ කුඩාවට එළා තිබූ දැලක් සුක්ෂමව පුළුල් කිරීමකි. එනම් මුහුදු කූඩැල්ලන් වගාවයි. උතුරු පළාත තුළ පසුගිය අවුරුදු 50 ක් පුරා ධිවරයන් විසින් සිය සාම්ප්‍රදායික පන්න ධිවර කර්මාන්තය අතරතුර ස්වාභාවිකව සුළු පරිමාණයෙන් මුහුදු කූඩැල්ලන් සාගරයෙන් අල්ලා අලෙවි කරන ලදී. එහෙත් පසුගිය වසර 10 ක කාලයේදී චීනය මෙම කර්මාන්තයට වාණිජ මට්ටමින් මැදිහත්වී ඇත. පෙර සේ සාම්ප්‍රදායිකව මුහුදින් කූඩැල්ලන් අල්ලාගනු වෙනුවට, මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන වගා කොටු තුළට දමා මහා පරිමාණයෙන් වගාකිරීම මෙම චීන ආයෝජකයෝ සිදුකරති. එහිදී සීමිත චීන ජාතිකයන් පිරිසක් පමණක් භෞතිකව මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන අතර, වගා කටයුතු සම්පුර්ණයෙන්ම පාහේ සිදුකරනු ලබන්නේ උතුරු පළාතේ ධීවරයන් මැදිහත් කරගනිමිනි.
------
Post added on Jan 1, 2023 at 11:21 PM
මුහුදු කූඩැල්ලන් වෙරළාශ්‍රිත සාගරයේ වගා කිරීම හා ඇල්ලීම අසල්වැසි රට වන ඉන්දියාව විසින් ඉන්දියානු ධීවරයන්ට තහනම් කොට තිබේ. ඊට හේතුව සාගර කලාපයේ සම්ප්‍රදායික මත්ස්‍ය කර්මාන්තයට ඉස සිදුවන බරපතල හානියයි. අසල්වැසි රාජ්‍යය විසින් එසේ අහිතකරභාවය පැහැදිලිව පෙන්වාදී තිබියදී චීන ආයෝජකයන් කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්කය ප්‍රධාන කොටගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය( NAQDA) ආයතනයද සම්බන්ධ කරගනිමින් ඉතා වේගයෙන් පියවර ගනිමින් සිටින බව දකගත හැකිය. කෙසේවෙතත් මෙම ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ලබාදෙන චීන ආයෝජකයන් කවුරුන්දැයි රාජ්‍ය පාර්ශ්වය විසින් අනාවරණය කරන්නේ නැත. එසේම උතුරේ බහුතර ධිවර ජනතාවට ඉන් අත්වන ප්‍රතිලාභය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නැත. ඒ වෙනුවට, අද වන විට මෙම මුහුදු කූඩැල්ලන් වගා කිරීම පාරම්පරික ධීවරයින්ට විශාල බාධාවක් බවට පත්වී තිබේ.
------
Post added on Jan 1, 2023 at 11:21 PM
විශේෂයෙන් ඉස්සන්, කකුළුවන්, දැල්ලන් බහුලව ස්වාභාවිකව බෝවෙන මුහුදු කලාපයක නිසි සැලසුමක් නොමැතිව හා නිසි අධ්‍යයනයක් නොමැතිව මුහුදු කූඩැල්ලන් මෙලෙස වගා කිරීම පැහැදිලි ගැටළු රැසක් උද්ගත කර ඇත. ධීවරයන් පෙන්වාදෙන්නේ, ධීවරයන් 100දෙනකු පමණ පමණ ඉස්සන් අල්ලන මුහුදු කලාපයක් 10දෙනෙකුට පමණක් මුහුදු කූඩැල්ලන් වගා කිරීමට ඉඩ ලබාදීම මඟින් අනෙක් 90දෙනාගේම ජීවනෝපාය අවදානමට ලක්කර ඇති බවයි. උතුරු පළාතේ 17,000කට අධික ධීවර පවුල් ප්‍රමාණයක් වාසය කරන අතර ඉන් තෝරාගත් 1000කට අඩු සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇත. එම තෝරාගැනීමද ඔවුන්ව මුදල් මත නම්මාගත හැකි ආකාරයෙන් සිදුකර තිබෙන බව බහුතරයක් උතුරේ ධීවරයෝ පෙන්වා දෙති. එමනිසාම මෙම චීන ව්‍යාපෘති හේතුවෙන් ඉතිරි ධිවර පවුල් 16,000 ක සංඛ්‍යාවකගේ ජීවනෝපාය අහිමි වී ඔවුන් පාරට වැටීමේ අවදානමක් මේ වන විටත් නිර්මාණය කෙරෙමින් පවතී.
------
Post added on Jan 1, 2023 at 11:22 PM
මුහුදු කූඩැල්ලා කියලා උඹෙත් ජුන්ඩා කපාගෙන ගිය දවසට තේරෙයි උඹට.
------
Post added on Jan 1, 2023 at 11:23 PM
මෙහිදී ශ්‍රී ලංකා රජය කෙසේවෙතත්, චීන පාර්ශ්වයෙන් මෙම ආයෝජන පිළිබඳව අනාවරණය කර ඇති සුළු තොරතුරු ප්‍රමාණය පිළිබඳවද අවධානයක් යොමුකළ යුතුය. චීනය පවසන ආකාරයට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට චීනයට මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීමට පහසුකම් සැලසීමටය. චීන හවුල් ව්‍යාපාර සමාගමක් වන Gui Lan (Pvt) Ltd විසින් යාපනයේ වෙරළබඩ ගම්මානයක් වන අරියාලෙයි හි 2016 තරම් ඈත කාලයේ සිටම මේ වෙනුවෙන් කෘත්‍රිම අභිජනන නිෂ්පාදන මධ්‍යස්ථානයක් (හැචරියක්) ස්ථාපිත කර ඇති බව Geo-politik වාර්තා කර ඇත. Geo-politik වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ගෙන එන විමර්ශනාත්මක වාර්තාවක් ඔස්සේ පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශගුණය මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා බෙහෙවින් යෝග්‍ය වන නමුත්, එය මහා පරිමාණ නිෂ්පාදනයක් ලෙස සිදු කළහොත් දේශීය සාගර පරිසර පද්ධතියට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි. එම වාර්තාවට අනුව 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකාව මුහුදු කූඩැල්ලන් ටොන් 336ක් පමණ අපනයනය කර ඇති අතර චීනය එහි විශාලතම ගැනුම්කරුවා බවට පත්ව තිබේ.
------
Post added on Jan 1, 2023 at 11:23 PM