උතුරු වසර 10 ක් ප්‍රභාකරන්ට දීමට සූදානම් ව
-----------
උතුරු ප්‍රදේශය වසර 10 ක් ප්‍රභාකරන්ට බන්දේසියක තබා දීමට සූදානම් වූයේ කවුද?
"සිංහලයන්ට සතියකින් සියලුදේම අමතක වෙනවා.
- වේලුපිල්ලේ ප්‍රභාකරන්
1998 පෙබරවාරි 9 දා ඇමරිකානු ටයිම්ස් සඟරාවේ ශ්‍රී ලංකාව සම්බන්ධ බරපතළ ප්‍රකාශයක් පළ විය. මේ ප්‍රකාශය කර තිබුණේ එවකට ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරතුංගයි. මැතිවරණයකින් තොරව උතුරු පළාත පාලනය කිරීමට කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට අවස්‌ථාව උදා වී ඇති බව ඇය ටයිම්ස් සගරාව සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේය.
තමා ප්‍රභාකරන්ට පණිවුඩයක් යෑවූ බවත් ඔහුගේ ගරිල්ලා බළකාය පොලිස් හමුදාවක් ලෙස භාවිතා කළ හැකි බවත් ඇය එම පණිවුඩයේ සඳහන් කළාය. සටන් නතර කිරීමට ප්‍රභාකරන් එකඟවන්නේ නම් මැතිවරණයක් නොපවත්වා වසර 10 ක් දක්‌වා ඔහුට උතුර පාලනය කළ හැකි බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසූ බව ටයිම්ස් සඟරාව හෙළි කළේය. එසේම බලය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඥාවක්‌ද ප්‍රභාකරන්ට දීමට ඇය ක්‍රියා කළාය.
එහෙත් ප්‍රභාකරන් ඊට ප්‍රතිචාර දැක්‌වූයේ නැතැයිද කුමාරතුංග මහත්මිය ටයිම්ස් සඟරාව වෙත හෙළි කළාය. මෙලෙස කොටි ත්‍රස්‌තවාදී නායක ප්‍රභාකරන්ට මැතිවරණයකින් තොරව වසර 10 ක් තිස්‌සේ උතුර පාලනය කිරීම සඳහා ලබාදීමට එදා ජනාධිපතිනි ඉදිරිපත් වූ බව මෙරට බහුතරය වෙත වාර්තා වූයේ නැත. මේ අතීතය මෙරට ජනතාවට අමතකය. වසර 16 කට පෙර හෙළි වූ මේ සිද්ධිය බහුතර ජනතාවගේ දැනගැනීම පිණිස අපි හෙළි කළේ එදා අතීතය ජනතාව දැනගත යුතු නිසාය.
එසේම ලන්ඩනයේ පදිංචි කොටි හිතවාදියකු වූ වසන්ත රාජාව ඇය ජාතික රූපවාහිනියේ සභාපති තනතුරට පත් කළාය. මොහුව නිර්දේශ කර තිබුණේ හිටපු කැරළිකරුවකු විසිනි. කුමාරතුංග මහත්මිය 1994 සමයේ බස්‌නාහිර මහ ඇමැතිනිය ලෙස කටයුතු කරන අවස්‌ථාවේ බී. බී. සී. සේවාව වෙනුවෙන් වසන්ත රාජා නැමැත්තා ඇය සමග සාකච්ඡාවක් පැවැත්වුවාය. එහිදී වසන්ත රාජා ඇයට පැවසුවේ තමා යාපනයට යන බවයි. මේ සමයේ යාපනය පාලනය කළේ කොටි ත්‍රස්‌තයන්ය. වසන්ත රාජා යාපනයට යන බව ඇසු කුමාරතුංග මහත්මිය තමා කොටි ඉලක්‌කයක් වී ඇති බවට ජාතික ඔත්තුසේවාව විසින් අනතුරු අඟවා ඇති බවත් ඒ ගැන කොටින්ගෙන් විමසන ලෙසත් ඉල්ලා සිටියාය. චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රශ්නය මම ඇන්ටන් බාලසිංහම්ට යොමු කළා. බාලසිංහම් සිනාසී මෙලෙස කියා සිටියා. අපි ඇගේ මියගිය සැමියාට ගරුකරනවා. ඇයට කියන්න එම ගෞරවය ඇයටත් හිමිවෙනවා කියා. ජාතික ඔත්තුසේවාව ඇය අපේ ඝාතන ඉලක්‌කයේ සිටින බවට දූෂමාන ආරංචි පතුරුවන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රයෝජන ගන්නැයි කියා ඇයට පවසන්න යෑයි බාලසිංහම් මට කිව්වා යෑයි වසන්ත රාජා සඳහන් කළේය.
එහෙත් කොටි සංවිධානය වසර කීපයකට පසු කොළඹ පුරහල් භූමියේදී හිටපු ජනාධිපතිනියව ඝාතනය කිරීමට දැරූ උත්සාහයෙන් ඇය දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. 1998 ජුනි මස දිනෙක වසන්ත රාජා කුමාරතුංග මහත්මියට විවෘත ලිපියක් යෑව්වාය. එහි දන්වා තිබුණේ කොටි සමග සාකච්ඡා කිරීමට ක්‍රියා කරන ලෙසත් අපි වෙනුවෙන් යුද්ධ මෙහෙයුමක් දියත් කිරීමෙන් වළකින ලෙස ජාතික සාම මණ්‌ඩලය පවා ඉල්ලීමක් කර ඇති බවයි. මේ ලිපියෙන් වසන්ත රාජා තවදුරටත් දන්වා තිබුණේ කොටි සමග ගිවිසුමකට යන ලෙසයි. අනතුරුව රනිල් වික්‍රමසිංහ රජය කොටි වෙනුවෙන් අන්තර් පාලනයක් දීමට උත්සාහ කළහ. 2003 ජුනි 20 දා මෙරට මාධ්‍යවලින් අනාවරණය කෙරුණේ වික්‍රමසිංහ රජය කොටින්ට අන්තර්පාලන කවුන්සිලයක් දීමට ඉදිරිපත් වූ බවයි. මේ අන්තර් පරිපාලන කලාපය කොටින්ට පිරිනැමුවේ නම් මෙරට මුහුදු කලාපයේ 2/3 ක් පාලනය කරන්නේ කොටි ත්‍රස්‌තයන් ය. මෙම සමයේ මෙරට බහුතර ජනතාවගෙන් විශාල අබිරහසක් වසන් විය. ඒ ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ සාකච්ඡාවලට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයේ නිලධාරියකු සහභාගි වීමයි. මෙම සී. අයි. ඒ. නිලධාරියා ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීමට සහභාගීවීම ගැන බුද්ධි සේවා බාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විරෝධය පෑවත් එම විරෝධතාවය වික්‍රමසිංහ රජය ප්‍රතික්‍ෂේප කළේය. සී. අයි. ඒ. නිලධාරියකු රටක ආරක්‍ෂක මණ්‌ඩලයේ අසුන්ගන්නා බව එදා ජනතාව දැන සිටියේ නැත.
මේ පසුබිම මැද 2002 පෙබරවාරි 28 දා සාම මාධ්‍යවේදීයෝ යෑයි හඳුන්වාගත් 28 කගේ කණ්‌ඩායමක් පත්‍රිකා බෙදා හරිනු ලැබීය.
එහි මෙසේ සඳහන් විය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම ලෙස අපි පිළිගන්නෙමු
දෙමළ ජනතාව ස්‌වාධීන ජනතාව ලෙස පිළිගන්නෙමු
කොටි තහනම ඉවත් කළ යුතුයි
උතුරු නැගෙනහිර මූස්‌ලිම් ජනයාට වෙනම පරිපාලන ඒකකයක් ලබාදීම
මේ මූලික ඉල්ලීම ගැන රජය ක්‍රියා නොකරන්නේ නම් සටන් ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට ඇති අයිතියද අපි පිළිගන්නෙමු
අපි මේ හෙළි කළේ අතීතයේ කොටසකි. මෙවන් පසුබිමක් මැද තිස්‌වසරක කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම පරාජය විය. එහෙත් එදා වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ ගත් පාර්ශ්ව සාධාරණ සමාජයක් තේමාව යටතේ එක් වී ඇත. මේ අපූරු කණ්‌ඩායම කවුද?
1 නාගරික ගරිල්ලා කණ්‌ඩායමක් ස්‌ථාපිත කළ යුතු බවටත් උතුරේ ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු යෑයි පැවසූ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්.
වන්නි මෙහෙයුම සඳහා අවි ලබාදෙන ලෙස විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි ද්‍රවිඩ දේශපාලනඥයෙක්
3. නෝර්වේහි සාම සමුළුවකට සහභාගි වූ භික්‌ෂුවක්
4. යාපනය අර්ධද්වීපය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ දේශපාලන කාන්තාවක්
5. බ්‍රිතාන්‍ය රජ පවුල ඉවත් කළ යුතු බවට පැවසූ හිටපු තානාපතිවරයෙක්
6. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිම ලෙස පිළිගන්නා බව පැවසූ අයෙක්
මෙලෙස කොටි පැරද වූ රජය පෙරළා දැමීම සඳහා උත්සාහ කරන්නකු ලෙස ප්‍රජාතන්න්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් නැමැත්තා කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම යෙදී තිබුණු. නොවැම්බර් 26 දා සිය ෙµaස්‌බුක් අඩවියේ මෙලෙස සඳහන් කර තිබේ. අපේ අද සහ හෙට වෙනුවෙන් ඔබ ඔබගේ අතීතය අහිමිකරගත්තේය. අපේ හෘදය තුළ දැල් වූ දැල්ල තවදුරටත් දැල්වෙනු ඇත.
මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහස් ගිවිසුමක් ඇති වී ඇති බවට සැක පහළ වී ඇතැයි කොටි නිල වෙබ් අඩවිය හෙළි කරනු ලැබීය.
එම ගිවිසුම මෙසේය
1. 13 වැනි සංශෝධනය ඉටුකිරීම
2. නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස් කිරීම
3. උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා වෙනස් කිරීම
මේ තත්ත්වය මත උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිකරන් කොටි මහාවිරු සමරුව අමතා මෙලෙස ප්‍රකාශ කර ඇත.
යම් දිනයක මහවිරු සමරුව බාධාවකින් තොරව සැමරීමේ අවස්‌ථාව උදාවනු ඇත.
මේ දිනය කවදාදැයි ඇය පවසා නැත. එහෙත් රටේ පවතින ඒකාධිපති පාලනය පෙරළා දැමිය යුතු බව ඇය පවසා තිබේ.
මේ නිසා බෙදුම්වාදය නතර වී නැහැ. 2015 ජනාධිපතිවරණය බෙදුම්වාදීන්ගේ ඉලක්‌කය වී ඇති බව බහුතර ජනතාව තේරුම් ගත යුතුය.
කීර්ති වර්ණකුලසූරිය
source: Divaina
------
Article 2
-------
ශ්‍රීලනිපය දෙකඩ කරන පොදු අපේක්‍ෂක මෙහෙයුම බුද්ධි අංශයට හෙළිදරව් වූ හැටි
මෙතෙක් සැඟවී සිටි පොදු අපේක්‍ෂකයා දැන් කරළියට පැමිණ ඇත. හේ අන් කිසිවකුත් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු මේ පැමිණ සිටින්නේ ප්‍රභාක්‌රන්ගේ ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතුගා දමා රටට සාමය උදා කළ මහින්ද රාජපක්‍ෂ සමග තරග කිරීමටය.
අපට ශාපයක් වූ කොටි ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතුගා දැමුවේ මහින්ද බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. එය දැන් පැරණි කතාවකි. එහෙත් ත්‍රස්‌තවාදය වනසා දමා ත්‍රස්‌තවාදයෙන් අසීමිතව බැට කෑ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විමුක්‌තිය ලබා දීම උදෙසා ක්‍රියාත්මක වූ අවසන් මානුෂීය මෙහෙයුමට නිසි දේශපාලන නායකත්වයක් ලබා දෙමින් මහින්ද රාජපක්‍ෂයන් ගෙන ගිය ක්‍රියාදාමයේදී මිනීමරු වෙලුපිල්ලේ ප්‍රභාකරන් මරණයෙන් ගලවා ගැනීමට වෙහෙසුණු පිරිස් බොහෝ වූහ.
එහිදී ඇමරිකාව ප්‍රධාන විජාතික බටහිර කඳවුර මෙන්ම කොටිහිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සහ දේශෙද්‍රෝහීන් ප්‍රභාකරන්ගේ පණ රකින්නට දැරූ උත්සාහයයන් අනන්ත අප්‍රමාණ විය. නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙද්දී අවසානයට සිදු වූයේ පණ බේරා ගැනීම සඳහා නන්දිකඩාල් කලපුවේ කරවටක් ගිලී සැඟවී සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා වෙඩි පහරකට ගොදුරුව අපාගත වීමය.
ප්‍රභාකරන්ගේ ඒ අවසානය සමඟ අභීත දේශපාලන නායකත්වයක් තුළින් ලොවම කැළඹූ ත්‍රස්‌තවාදයක් අවසන් කරන්නට මහින්ද සමත් විය. නමුත් ඒ සමග තවත් පැත්තකින් සිදු වූයේ රට බේරා ගත් මහින්ද ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතිකයන්ගේත්, විදේශගත දෙමළ ඩයස්‌පෝරාවේ සහ මේ බිමේ උපන් දේශෙද්‍රෝහීන්ගේත් වෛරක්‌කාරයකු බවට පත් වීමය.
ඒ වෛරය සමගින් එතැන් සිට මහින්දටත්, ආණ්‌ඩුවට සහ මේ රටටත් එරෙහි දුෂ්ට බලවේග දියත් කළ කුමන්ත්‍රණද බොහෝය. මානුෂීය මෙහෙයුමේ නිමාවත් සමග එකී කුමන්ත්‍රණයන්හිs පළමු වෙඩි මුරය පත්තු කරනු ලැබුවේ එක්‌සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් ප්‍රධානී පිල්ලේ නෝනා විසිනි.
ප්‍රභාකරන් මළේය. ඒ යක්‍ෂයාගේ මරණය දැක පිල්ලේගේ ඇස් රතු වූවාය. ඒ ඇස්‌වලින් කඳුළු පැන්නාය. එසේ මතු වූ කඳුළු සමඟ අවසන් මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජයත් හමුදාවත් දෙමළ වැසියන් සමූල ඝාතනය කර යුද අපරාධ සිදු කර ඇතැයි කියමින් සිය ධුරයේ බලයද ඇය සමඟ නන්දොඩවන්නට වූවාය.
ඇමරිකානු රූකඩයක් වූ පිල්ලේගේ එකී දෙඩවිල්ලේ නිමාව සටහන් වූයේ ඇමරිකාව විසින් ඉකුත් මාර්තු මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ මෙරටට එරෙහි යෝජනාවකට අනුව, ශ්‍රී ලංකාවේ සිදු වූ බවට ඇයම කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනයට පරීක්‍ෂණ මණ්‌ඩලයක් පත්කර ගෙදර යැමෙන් අනතුරුව විය.
නමුත් යක්‍ෂයා වනසා රටට විමුක්‌තිය ලබා දුන් අවසන් මානුෂීය මෙහෙයුම නිමාවේ සිට වසර පහක් ගතවන තුරුත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුවා වී සිදු වූ මෙකී ජාත්‍යන්තර කුමන්ත්‍රණයේදී කුමකින් කුමක් සිදු කළද මහින්ද සොලවන්නට ඒ කිසිවකටත් නොහැකි විය. ඉන්ද්‍ර‚ලයක් සේ නැගී සිටි මහින්ද තමන්ගේ ගමන ගියේය.
ඒ ගමනේදී මහින්දගේ ප්‍රබලම ශක්‌තිය වූයේ මීළඟ ලෝක බලවතා වීමේ ක්‍රියාවින්තයක් සාර්ථකව අරඹා සිටින චීනය ය. චීනය සහ මහින්ද අතර වන දීගය ද ඇමරිකාව ප්‍රධාන කුමන්ත්‍රණකාරී බටහිර කඳවුර පමණක් නොව අපේ ලොකු අයියා වන ඉන්දියාවද තිගැස්‌සවීමට හේතු සාධක වී තිබිණි. චීනය ශ්‍රී ලංකාව තුළ ශක්‌තිමත් වීම තමන්ට අපලදායක බව ජාත්‍යන්තර දේශපාලන න්‍යායපත්‍ර අනුව ඔවුනොවුන් වටහාගෙන සිටීම එයට හේතු විය.
මහින්ද සිය ගමන ගියේය. එකී ගමනේ යම් යම් අඩුපාඩු තිබූ බව අපිදු පිළිගනිමු. එහි කතා දෙකක් නැත. නමුත් අප පිළිගන්නා මහින්දගේ එකී අඩුපාඩු යනු තමන්ගේ ඡන්ද පදනමවත් හරි හැටි රැකගත නොහැකි සුරංගනා කතා කියන ඇතැම් බංකොලොත් දේශපාලන පක්‍ෂ සහ රට පමණක් නොව අම්මා අප්පා පාවා දී හෝ බලය ගන්නට සූදානම් දේශපාලන කණ්‌ඩායම් ජනතාව හමුවේ තබන කෙප්ප තරම් බරපතළ ඒවා නොවන බවද අපි කියමු.
ප්‍රභාකරන් වැනසූ දා පටන්ම ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය වූයේ මහින්ද යන ගමන නැවතීමටය. ස්‌ථාවර වන ශ්‍රී ලංකාව සදාකල් අස්‌ථාවර වූ රජ්‍යයක් ලෙස පවතිනු දැකීම ඔවුන්ගේ අරමුණ විය. තම තමන්ගේ දේශපාලන න්‍යායන්වලට බලපාන දහසකුත් කරුණු ඊට හේතු වී තිබිණි. ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුර ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය මේ බිමෙන් වැනසී යැම දකින්නට රිසි නොවූයේද ඒ නිසාමය. නමුත් මහින්ද ඊට තිත තැබීය.
අවසානයේ යුද අපරාධ චෝදනා, මානව හිමිකම් කඩකිරීම් සහ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩල ආදී දේ තුළින් මහින්ද නවතන්නට සැරසුණද සියල්ල ව්‍යර්ථ වන තැන ඒවා පසෙකින් තිබියදීම දැනට වසරකට පමණ පෙර සිටි ඊනියා විජාතික බලවේග සිටියේ මහින්ද නතර කිරීමට තවත් විකල්ප ක්‍රමෝපායක් වෙත ගමන් කරමිනි.
එකී විකල්පය වූ කලී කුමක්‌ද? යුද්ධයෙන් පසු කුහකයකුට හැර ඕනෑම අයකුගේ දැසට පෙනෙන පැහැදිලි සංවර්ධනයක් කරා රට ගෙන යන ගමනේදී මහින්දට එරෙහිව තමන්ගේම පිල අතරින් සහ ශ්‍රී ලාංකීය දේශපාලනයේ පක්‍ෂ පාට අනුව බෙදී වෙන්වුණු බලලෝභී කණ්‌ඩායම් වෙතින් හඬක් මතුවෙමින් තිබෙන බව ඊනියා විජාතික බලවේග දුටුවේය.
එකී දැක්‌ම අනුව මහින්දගේ ගමන නතර කිරීමට නම් සිදු කළ යුත්තේ අභ්‍යන්තර පුපුරුවා හැරීමක් තුළින් මහින්දට එරෙහිව මහින්දගේම පිලේ අයකු ඉදිරියට ගෙන ඒම බව විජාතික බලවේගයන්හි එකම විශ්වාසය විය. මෙකී විශ්වාසය මුදුන්පමුණුවා ගැනීම සඳහා ඔවුන් මුලින්ම කළේ එකී අභයන්තර පිපිරීම සිදුකරවීමට අවශ්‍ය සුදුසුම චරිතය තෝරා බේරා ගැනීම විය.
එහිදී ඔවුන්ගේ තොරා ගැනීම වූයේ චන්ද්‍රිකා කුමාරතුංගය. චන්ද්‍රිකාට අද එක් ඇසක් අහිමිව ඇත්තේ එල්ටීටීය නිසාය. එහෙයින් ත්‍රස්‌තවාදීන් පිළිබඳ බරපතළ වෛරයක් ඇය තුළ තිබිය යුතුය. නමුත් කොටි ත්‍රස්‌තවාදයට වඩා බරපතළ වූ දේශපාලන වෛරයක් මහින්ද සමග චන්ද්‍රිකාට තිබෙන බව බටහිර බලවේග හඳුනාගෙන සිටියේය.
චන්ද්‍රිකා කුමාරතුංග එකී තෝරා ගැනීම වූ බව තහවුරු කෙරෙන සිද්ධීන් කිහිපයක්‌ම ඉකුත් කාලයේ මෙරට ජනමාධ්‍ය මගින් හෙළි කරනු ලැබිණි. ඒ ඇය විවිධ තැන්වලදී අහවල් අහවල් තානාපතින් සමග සාකච්ඡා පැවත්වූ බවට වාර්තා කරමිනි.
මේ තෝරා ගැනීමෙන් පසු මෙරට ඇති මහින්දට එරෙහි විජාතික බලවේගයන්ට අයත් රටවල තානාපතිවරුන් මූලික සාක්‌ච්ඡා ඇරඹීය. මේ ආරම්භය වන විට පිල්ලේ පත් කළ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයේ ක්‍රියාන්විතය කරළියටම පැමිණ තිබිණි. රටේ බුද්ධි අංශවල පටන් සියලු අංශවල දැඩි අවධානය යොමුව තිබුණේ ඒ කෙරෙහිය.
නමුත් එය පසෙකින් ක්‍රියාත්මක වෙද්දී මෙරට සිටින ශ්‍රී ලංකා විරෝධි කල්ලියේ විජාතික තානාපතීන් සිය අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබිණි. පැවති සාකච්ඡා අතරතුර මහින්දට එරෙහි බලවේගයක් ගොඩනැගීමේදී බොදු නියෝජනයක් ඇවැසි බව ඔවුන්ට වැටහුණි. සැබවින්ම ඔවුනට වැටහුණා නොව මහින්ද කෙරෙහි දේශපාලන වෛරයකින් පසු වූවන් එය වටහා දුන්නා විය යුතුය.
හිටි හැටියේම දැඩි ආණ්‌ඩු විරෝධී හඬක් නගමින් පොදු අපේක්‍ෂ කතිකාවතක්‌ද සමග මාදුළුවාවේ සෝභිත හිමියන් රට හමුවට එන්නේ එහිදීය. මෙම සිදු වීමත් සමග මෙරට බුද්ධි අංශ මෙකී කුමන්ත්‍රණය දෙස දැඩි අවධානය යොමු කරනු ලැබුවේ රටේ එකීයභාවයට අභියෝග කෙරෙන අනාගත අවදානමක පෙරනිමිති පහළ වූ බැවිනි.
එතැන් පටන් මෙකී විජාතික කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසු වන්නට විය. එහිදී ඔවුන් මුලින්ම චන්ද්‍රිකාගේ භූමිකාවේ වැදගත් කරුණු හෙළි කර ගත්තේය. මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳවද බොහෝ දේ හෙළි වී තිබිණි. මේ අතරේ ශ්‍රී ලංකා විරෝධී රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හරහා එක්‌තරා තානාපති කාර්යාලයක් රුපියල් මිලියන දෙසීයක් පමණ පොම්ප කරමින් මහින්දට එරෙහි බලවේගයක් ගොඩ නැගීමේ කුමන්ත්‍රණය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව ඔවුන්ට වාර්තා විය.
මේ සටහන් වූයේ ආරම්භයේදී පොම්ප කෙරුණු මුදල් කන්දරාව පමණි. අද වන විට පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් දක්‌වා වූ විවිධ වපසරියන් තුළ විහිදී රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් එය සිදුවනවාද විය හැක්‌කකි.
මෙකී මුදල් පොම්ප කෙරෙනුයේ ජනමාධ්‍ය වැඩමුළු ආදී ලෙසින් විවිධ ව්‍යාපෘති මුහුණුවරින් වුවද ඊට යටින් ඇත්තේ ජනපති මහින්දට එරෙහි බලවේගයක් ගොඩ නැගීමේ වැඩපිළිවෙළ බව බුද්ධි අංශ අනාවරණය කර ගත්තේය. ඇතැම් අවස්‌ථාවල මේකී වැඩමුළු අස්‌සේ රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා වෙත සාක්‍ෂි රැස් කිරීමේ කටයුතුද සිදු කරනු ලැබීය. මේ වන විට තානාපති නිලධාරීන් හා කෙරෙමින් තිබූ සාකච්ඡා අනුව අදාළ කුමන්ත්‍රණය වූයේ ප්‍රබල තැනකට ළඟා වෙමිනි.
බුද්ධි අංශද සිටියේ සීරුවෙනි. යහ පාලනයක් සහ සිංහල බෞද්ධ නායකත්වයක් ගෙන එන්නට තමන් කැප වන බව කියමින් මාදුළුවාවේ සෝභිත හිමියන් මහින්දට එරෙහිව ඉකුත් කාලයේ ජනමාධ්‍ය දෙවනත් කරනු ලැබුවේ සියලු සිදුවීම් එසේ සිදුවෙමින් තිබෙන අතරතුරය.
මේ අතරතුර අපි හැමදාමත් සිංහල බෞද්ධ යෑයි කියූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්ද මාදුළුවාවේ සෝභිත හිමියන් සොයන යහ පාලනයේ කොටස්‌කරුවකු ලෙස මහින්ද විරෝධියකු වී මතුව එන්නේ විශ්මිත ලෙසිනි.
මාදුළුවාවේ සෝභිත හිමියන් එසේ හඬ නගද්දී උන් වහන්සේ කියන පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි සොයන්නටද බුද්ධි අංශ යුහුසුළු විය. එහිදී ආණ්‌ඩුවේ සිටින කිහිප දෙනකු කකුල් පද්දමින් පිම්මකට සැරසෙන බවටද තොරතුරු ලැබී තිබිණි. ඒවා ඉහළටද වාර්තා විය.
මේ අතරේ මාදුළුවාවේ සෝභිත හිමියන් සිය පොදු අපේක්‍ෂක කතාව කරළියට ගෙන එද්දී ජනමාධ්‍යයේ අවධානයද ඒ කෙරෙහි දැඩිව යොමු වී තිබිණි. ඒ අනුව මේ ලියුම්කරු එක්‌තරා විපක්‍ෂ දේශපාලන ක්‍රියාකාරිකයකු සමග සිදු කළ කතා බහකදී මහින්ද පැන්නීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ පිටුපස සිටිනුයේ විජාතික තානාපති කාර්යාල කිහිපයක් සහ ඔවුන් සමග සම්බන්ධ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවේ පිරිස් ඇතුළු කණ්‌ඩායමක් බව හෙතෙම අනාවරණය කළේ නිකමට වගේය.
ඒ ගෙනහැර පෑ පැහැදිලි සාක්‍ෂි කිහිපයක්‌ද සහිතව විය. මේ වැඩපිළිවෙළේදී ඇතැම් සාකච්ඡාවල රහස්‍යභාවය සුරක්‍ෂිත කිරීම සඳහා ප්‍රබල ක්‍රියාකාරීන්ට එක්‌තරා තානාපති කාර්යාලයක් මගින් චන්ද්‍රිකා දුරකථන පවා ලබා දී තිබෙන බවක්‌ද හෙතෙම කියා සිටියේ උතුරා හැලෙන චූන් එකක්‌ද සමගිනි. තානාපති නිලධාරින් සමග ඇතැම් රහසිගත තැන්වල පැවති සාක්‌ච්ඡා අතරතුර එකී දුරකථන බෙදා දීම සිදු වූ බව ඔහු කීය.
පසුව මෙකී කුමන්ත්‍රණය පිළිබඳ විමසිල්ලෙන් සිටි බුද්ධි අංශ වෙතද ඒ තොරතුරු ලැබී තිබිණි. එහෙත් අනාවරණය නොවී තිබුණේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌ද යන්න පමණි. මහින්දට එරෙහි පොදු අපේක්‍ෂකයා කවරෙක්‌ද යන්න හෙළිදරව් කර ගැනීමට බුද්ධි නිලධාරින් පසුව සමත් විය. ඒ මීට සිව් මසකට පමණ ඉහතදීය.
ඒ හෙළිදරව්ව කරගනු ලැබුවේ බිම් මට්‌ටමේ තොරතුරු රැස් කරමින් සිටි එක්‌තරා බුද්ධි නිලධාරියකු විසිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂය හැරදා පොදු අපේක්‍ෂකයා ලෙස කරළියට පැමිණෙන බව එකී සොයා ගැනීමට අනුව මීට සිව් මසකට පමණ ඉහතදී රජයට වාර්තා කිරීමට බුද්ධි අංශ පියවර ගත්තේය.
එහෙත් ආණ්‌ඩුව එය විශ්වාස නොකළේය. මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකි. එහි මහලේකම්වරයාද වූයේ ඔහුය. ඉතින් ඒ මෛත්‍රී පක්‍ෂය හැරදා යනු ඇතැයි සිතන්නට ආණ්‌ඩුව අකමැති වීමේ අරුමයක්‌ද නැත. නමුත් ඉකුත් 18 වැනිදා පස්‌වරුවේ රටට යහපාලනය ගෙන ඒමට කැප වන පොදු අපේක්‍ෂකයා තමන් යෑයි කියමින්, ආණ්‌ඩුව කිසිසේත්ම පක්‍ෂයෙන් යනු ඇතැයි විශ්වාස නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවට පැමිණියේ තවත් චරිත කිහිපයක්‌ද සමගිනි.
එකී චරිත අතරින් කැපී පෙනෙනම චරිතය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ය. ඒ ඇය මෙකී වැඩපිළිවෙළේදී ප්‍රබලම භූමිකාව රඟපෑ බවට හෙළිදරව් වී තිබෙන බැවිනි. දැන් චන්ද්‍රිකා සමග පෙරට පැමිණ සිටින පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන "මෛත්‍රී පාලනයක්" කරන්නට රට බේරා ගත් ජනාධිපති මහින්ද සමග තරගයට පැමිණ ඇත.
නමුත් එසේ තරග කරනු ලබන මෛත්‍රී සමග අද එකට සිටගෙන සිටිනුයේ කවුරුන්ද? පසෙකින් මේ බිමේ සිට තවමත් බෙදුම්වාදය පිළිබඳ කතා කරන දෙමළ දේශපාලන කණ්‌ඩායම්ය. තවත් අතකින් මුස්‌ලිම් අන්තවාදී කොටස් වන බවද කියෑවෙන්නේය. දෙමළ දේශපාලන කණ්‌ඩායම් මෛත්‍රී පාලනය සමග වේ නම් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව එතැන නොසිටින්නේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.
ඒ සමඟ රටේ අහිංසකයන් ත්‍රස්‌තවාදයෙන් විඳවද්දී කඩුව කොස් කොටන්නට තබාගෙන සටන් විරාම ගිවිසුම් ගසා ප්‍රභාකරන් පෝෂණය කළා වූ එක්‌සත් ජාතික පක්‍ෂයද සිටිනුයේ මෛත්‍රී සමඟය. තමන් බලයට පැමිණි කල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන වගක්‌ද මෛත්‍රී කියන්නේය.
මේ සියල්ල අතරේ අදටත් ස්‌වෛරී ශ්‍රී ලංකාව අච්චාරු දමා අරාජික කරන්නට සැරසෙන විජාතික බලවේග මෛත්‍රී පාලනයේ හිස් මුදුණටම නැග සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඒ මේ සියල්ලේ නිර්මාණකරුවන් වන්නේ ඔවුන් නිසාය. ඉතින් සත්‍යය මෙය නම් අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ඇස්, හිස්, මස්, ලේ පුද දී රැක ගත්තා වූ මේ පිංබිමට යළි කුමක් සිදු වනු ඇතිද?
සමන් ගමගේ
source: Divaina
----------------
මේ පිලිබදව පක්ශ විපක්ශ අදහස් දක්වන්න. නිකම් බොරුවට දෙන්න යන්න එපා එක අපෙක්ෂකයෙක්ටවත්. මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඔය එකෙක්වත් රටටවත් ජනතාවටවත් තියන ආදරේකට නෙවෙයි චන්දේ ඉල්ලන්නේ... හැමෝම කරලාතියන හැම දෙයින්ම ඒක පේනවා. වැරැද්ද තනිකරම අපේ අතේ තියෙන්නෙ.. ඒ විදිහට වැඩ කරලා වුනත් චන්දේ ගන්න පුලුවන් කියන අදහස එවුන්ට දීලා තියෙන්නේ වෙන ක වුරුවත් නෙවේ අපිමයි. අපි හරියට තර්කානුකූල දේශපාලන බුද්ධියක් තියන මිනිස්සු කියලා ඔය නායකයොන්ට තෙරුම් යනකම් කාළකණ්ණි නායකයෝ බිහිවෙන එක නවත්තන්න බැහැ. එතකම් අපේ මෝඩකමින් එයාල ප්‍රයෝජනය ගන්නවා.. ඉතින් බොරුවට එක එකාට මඩ ගහන්නේ නැතුව මේ ලිපි දෙක කියවපු අය විතරක් අදහස් දක්වන්න.. අපේ කට්ටිය නිකම් මෙතන කාට කඩේ ගියත් තේරුමක් නැහැ. කාගෙහරි හිතේ තියන විශ්වාසයක් ලේසියෙන් මඩ ගහලා නැති කරන්න බැහැ.. ඒ නිසා ඉස්සරහටවත් මෝඩ විදිහට කඩේ යන එකත්, බොරුවට මඩ ගහන එකත් නවත්තලා තේරුමක් තියන සවාදයක් ගොඩනගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා...
අනික මේක කියවලා විතරක් comment කරන්න. බොරුවට මෝඩ ආතල් ගන්න එපා. වෙන ඕන තරම් ත්‍රෙඩ් තියෙනේ, ඒවගේ ඒ ආතල්ගන්න . මේ ප්‍රශ්නෙට කොහොමද මූණ දෙන්නේ රටක් විදිහට කියලා හිතලා කතා කරන්න. මෙතන මෛත්‍රී කොටියෙක් හෝ නරක කෙනෙක් කියලා කොහෙවත් කියලා නැහැ... අදාල මාතෘකාවට අදාලව කතා කරමු.
මචං, මම මේ ජනාධිපතිවරණය ගැන updates ඔක්කොම බලාගන්නේ එළකිරි එකෙන්. යන විදිහට අනිවා මෛත්‍රී පාලනයක් ඕන බව තේරුණා. ඒත් අද මම පත්තරේ කියෙව්වම දැක්ක දෙයක් නිසා ඔලුව අවුල් වුනා. පොඩ්ඩක් මේක කියවලා අදහස් දක්වන්න. අපිට පුලුවන්ද සහතික වෙන්න ආපහු රටට විනාශයක් වෙන එකක් නැහැ කියලා? මෛත්‍රී ගොඩක් හොද කෙනෙක් වෙන්න පුලුවන්, ඒත් මේ වටේ ඉන්න එකෙක් ගැනවත් සහතික වෙන්න පුලුවන්ද? ඒ මිනිස්සු වෙනස්වෙලා හොද වෙලා ඇති කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ? අවංකවම මට චන්ද්‍රීකාව පේන්න බැහැ. රනිලුත් ඒවගේමයි. හැමදේම අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැනේ.. පොඩ්ඩක් මේක කියවලා බලන්න. කාටද බං ජන්දේ දෙන්නේ මෙහෙම ගියොත්? මේ මගුල් election එකක් නිසා නිකම් බොරු පීඩනයක් ඇවිත් ඔලුවට...

Last edited: