උතුරු_කොරියාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උතුරු කොරියාව තවත් මිසයිල විදීමට සැරසෙනවා- දකුණු කොරියාව



_97657014_d1ed9655-02bf-49d2-877c-c92c46b03774.jpg



උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් පිළිබඳව දකුණු කොරියාව සඳුදා ප්‍රකාශයට පත් කළ ඡායාරූප

උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි.
උතුරු කොරියාව සති අන්තයේ දී න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමෙන් අනතුරුව දකුණු කොරියාවේ ආරක්ෂක බලධාරීහු අලුත්ම ආරක්ෂක වාතාවරණය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් සිටිති.



එම න්‍යෂ්ටික පිපිරීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.



පිපිරීම සමග හටගත් භූ කම්පාව චීනයට සහ රුසියාවට පවා දැනී තිබෙන අතර, උතුරු කොරියාවේ දේශසීමාව ආසන්නයේ හදිසි විකිරණ පරීක්ෂාවක් සිදු කරන බව චීනය නිවේදනය කළේය.න්‍යෂ්ඨික බෝම්බය අත්හදා බැලීම පිළිබඳව වහාම ප්‍රතිචාරය පළ කළ දකුණු කොරියාව, රොකට් ප්‍රහාර එල්ල කරමින් සජීව හමුදා අභ්‍යාසයක නිරත විය.
_97657010_6418fabf-4777-4c9a-a77d-53c7cf8bec56.jpg


හයිට්‍රජන් නොහොත් ජලකර බෝම්බය පරික්ෂා කරන උතුරු කොරියානු නායකයා.





සිය රටට හෝ මිත්‍ර රටකට එල්ල වෙන ඕනෑම තර්ජනයක් සම්බන්ධයෙන් "දැඩි හමුදා ප්‍රතිචාරයක්" පළ කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.දිගු දුර විදින මිසයිලයකට සවි කළ හැකි හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව සති අන්තයේ නිවේදනය කළේය.




උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික බෝබ්ම නිෂ්පාදනය කළේ සහ මිසයිල අත්හදා බැලුවේ එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ ජාත්‍යන්තර බලපෑම් උල්ලංඝනය කරමිනි.පසුගිය මාස දෙක ඇතුළත පමණක් අන්තර් මහද්වීපික මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව, එයින් එක් මිසයිලයක් ජපානයට ඉහලින් ශාන්තිකර සාගරයට විදීමට සමත්විය.එය සිය රටට එල්ල වූ "පෙර නොවූ විරූ" තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පැවසීය.උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳුදා (සැප්තැම්බර් 04) හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

_97657013_94e617e0-c00c-448a-b33b-c50ee5236ba7.jpg


න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම සාර්ථක වූ බව නිවේදනය කරන උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය
එම රැස්වීමේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කරගත යුතු බවට දකුණු කොරියාවේ සහ ජපානයේ නායකයෝ එකඟත්වයකට පැමිණ සිටින බව දකුණු කොරියානු ජනාධිපති ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ලෝක ප්‍රතිචාරය

උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික බෝම්බයක් අතහදා බැලීම ලෝකය පුරා මහා පරිමාණයෙන් හෙළා දැකීමට ලක් වෙමින් පවතී.
කිම් ජොන් අන් පාලනයේ බලවත්ම මිතුරු රාජ්‍යය වන චීනය නිවේදනයක් නිකුත් කරමින්, එම පිපිරවීම දැඩිව දෝෂ දර්ශනයට ලක් කරයි.
න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරන මෙන් උතුරු කොරියාවට දැනුම් දෙන චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට ගරු කරන මෙන් 'ප්යෝන්ග්යාන්' පාලනයෙන් ඉල්ලීමක් ද කළේය.
එම න්‍යෂ්ටික පිපිරවීම සාමය සහ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව රුසියාව පවසයි. ජපානයේ විදේශ ඇමති ටාරෝ කෝනෝ (Taro Kono) ප්‍රකාශයක් කරමින් උතුරු කොරියාවේ ක්‍රියාව සමාව දිය නොහැකි වරදක් වන බව සඳහන් කළේය.


_97657015_2e944abd-3c26-4c3d-8635-45f387aa3d7e.jpg
උතුරු කොරියානු පාලනයට එරෙහිව දැඩි දඬුවම් දිය යුතු බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ අන් (Moon Jae-in )කියා සිටියි. 'ප්යෝන්ග්යාන්' පාලනය සහමුළින්ම හුදෙකලා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ වහා ක්‍රියාවට නැංවිය යුතු බවත් දකුණු කොරියානු නායකයා යෝජනා කරයි. න්‍යෂ්ටික පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (IAEA) නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව විසින් ගන්නා ලද පියවර අතිශයින් කනගාටුදායක එකක් වූ බව පෙන්වා දී ඇත.