උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ

උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ

“බෝම්බ ඇදුම් හමුවුණාට උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ” – ආරක්ෂක ලේකම් හින්දු පුවත්පතට කියයි

යාපනය චාවකච්චේරියේ නිවසක තිබී මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සහ පුපුරණ ද්‍රව්‍ය හමුවීම උතුරේ නිර්හමුදාකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසයි.

මෙලෙස උතුරුකරයෙන් නැවතත් පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ හමුවීම පුදුමයට පත්කෙරෙන කරුණක්දැයි හින්දු පුවත්පත විමසූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එය කිසිසෙත්ම විශ්මය දනවන කරුණක් නොවන අතර රටේ ජාතික ආරක්ෂක පද්ධතියේ කාර්යක්ෂමතාව ඉන් පිළිබිඹු වන බවයි.

හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හුවා දැක්විය නොහැකි බවත්, විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය එවැන්නක් හුවා දැක්වීමට උත්සහා කළද එම සිදුවීම් හෙළිදරව් කර ගැනීමේ ගෞරවය රජයට හිමිවන බවද ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කරයි.

එබැවින් උතුරේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීමේ වැඩපිළිවෙල අඛන්ඩවම ඉදිරියට ගෙනයන බවද ආරක්ෂක ලේකම් වරයා අවධාරණය කරයි.
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොට ගහල මදි තොපිට.. :angry::angry: