උතුරේ පන්සල් වලට නඩු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ පන්සල් වලට නඩු



    බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලැබෙන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වුවද මේ වනවිට උතුරේ ඇතැම් විහාරස්‌ථානවල කෙරෙන ඉදිකිරීම් සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව නඩු පැවරීමට අදාළ පළාත් පාලන ආයතන පියවර ගෙන තිබේ.

    යාපනය නාගදීපය – නාග විහාරය හා නාවක්‌කුලි විහාරය ඇතුළු විහාරස්‌ථානවල කෙරෙන චෛත්‍ය, ධර්මශාලා වැනි ඉදිකිරීම්වලට එරෙහිව මෙසේ නඩු පවරා ඇත. එම නඩු පැවරීම් හේතුවෙන් බුද්ධාගමේ උන්නතියට සිදු කෙරෙන සියලු කටයුතු ඇනහිට තිබෙන බව උතුරේ විහාරස්‌ථානයක විහාරාධිපතීන් වහන්සේ නමක්‌ “දිවයින” ට පැවසූහ. බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ගේ උසිගැන්වීම් හා මැදිහත්වීම් මත එම බෞද්ධ විරෝධී වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද උන්වහන්සේ පැවසූහ. උතුරේ ක්‍රියාත්මක මෙම බෞද්ධ විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ආණ්‌ඩුවේ බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක්‌ මේ දක්‌වා සිදුව නැතැයිද උන්වහන්සේ කියා සිටිති.

    සමන් ගමගේ – දිවයින