උතුරේ විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල් 🇮🇳💲🇱🇰

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    උතුරේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්

    ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත ය.

    ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් ඊයේ (28) භාරදුනි.

    කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එය මෙරට සිටිං ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා විසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාරදී තිබුණි.

    මෙම ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබීය.

    එහි කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ යූ සෝලා ක්ලීන් එනර්ජි සමාගම අතර 2024 මාර්තු 01 වනදා අත්සන් කෙරුණි.

    මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසු එම දූපත් සඳහා විදුලි බලය සැපයෙයි.

    මේ වනවිට එහි මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘති 2025 මාර්තු මුලදී නිමකිරීමටත් 2025 අප්‍රේල් වනවිට මෙරට ට භාරදීමටත් නියමිත ය.

    මේ සඳහා ඉන්දියාව ලබාදී ඇති මූල්‍ය සහාය ඩොලර් මිලියන 11කි.

    https://sinhala.adaderana.lk/news/200456
     
    • Angry
    Reactions: ChoronaSottiya

    Similar threads