උතුර මිලිටරිහරණයේ ආරම්භය

Jul 5, 2012
1,773
265
0
උතුර මිලිටරිහරණයේ ආරම්භය

උතුරේ ආණ්ඩුකාර ධුරය හෙබවූ විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඉවත් කර ඔහු වෙනුවට විදේශ සේවයේ සිටි පළපුරුදු නිලධාරියකු හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද, රී ලංකා සාම ක්‍රියාවලි සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස කටයුතු කළ එච් එම් ජී එස් පලිහක්කාර එම තනතුරට පත් කර තිබේ.

මෙම පියවර ජාතික සංහිඳියාව ඇති කිරීමේ වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි අගය කරන්නෙමු.

එය එක පැත්තකින් උතුර මිලිටරිහරණය කිරීමේ පියවරක් ලෙස ද සැලකිය හැකි ය. මිලිටරිහරණය යනු ආරක්ෂාව ඉවත් කිරීම නො වේ. බෙදුම්වාදී ජාතිවාදයෙන් රට ආරක්ෂා කළ යුතු ය. එහෙත්, දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට අනවශ්‍ය තරම් හමුදාව මැදිහත් වීම නැවැත්විය යුතු ය. අධි ආරක්ෂක කලාප මුවාවෙන් ජනතාවගේ ඉඩම් විශාල වශයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට ආරක්ෂක කටයුතු වඩා ක්‍රමවත් කළ යුතු ය.

උතුරේ සාමාන්‍ය තත්වය ඇති කිරීම කළ යුතුව තිබෙන්නේ සිංහල ජාතිවාදී නායකයන්ට එය මහජනතාව ප්‍රකෝප කිරීම සඳහා භාවිතා කිරීමට කිසිදු ඉඩක් නො තබමින් ය. මෙහිදී දෙමළ දේශපාලන නායකයන් පැත්තෙන් ද වගකීම් සහගත හැසිරීමක් අවශ්‍ය ය.

උතුරේ ප්‍රශ්නය විසඳීමේදී දෙමළ නායකයන් පැත්තෙන් වගකීම්සහගතභාවය ඇති කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‍ගේ ජයග්‍රහණයකි. මෙම වගකීම්සහගතභාවය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කැපී පෙනිණි.

බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී සිංහල සමාජය තුළ ඇටුවම් බැස ඇති ජාතිවාදී සැක සංකාවන් දුරලීම සඳහා දෙමළ දේශපාලන නායකත්වයෙහි වගකීම්සහගතභාවය ඉතා වැදගත් ය.

පසුගිය සමයේ සිංහල සමාජය තුළ මුල්බස්වන ලද අදහස වන්නේ බලය බෙදා ගැනීමෙන් රට බෙදේ ය යන්නයි. එසේ නො වන බව පෙන්වීමේ වගකීමක් දෙමළ ජාතික සන්ධානයට තිබෙන්නා සේ ම, ඇත්ත වාර්තා කිරීමේ වගකීමක් ජනමාධ්‍යවලට ද තිබේ.

ජනමාධ්‍ය නිසි ලෙස පාලනය නො කර ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත නො හැකි ය.


Taken from W3LANKA
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,050
    265
    83
    Do we really want to have powers been given to the parties ??

    Sri Lanka has parliament members representing each an every districts.

    Local and state governing bodies.

    Let them do the services to the people and for the country.