උදයoග හොරා මහින්දගේ නෑයෙක්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උදයoග හොරා මහින්දගේ නෑයෙක්

    නෑදෑ හොරුන් රකින මහින්ද ?

    86800393_551038888846582_2856458121503571968_o.jpg


    උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක වංචාව සම්බන්ධයෙන් වසර 5ක් තිස්සේ විමර්ශන කටයුතු කළ පොලිස් නිලධාරියාව හදිසියේ ස්ථාන මාරු කර යවා ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

    ඒ, අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් සිට පසුගිය 14 වනදා යළි මෙරටට පැමිණි උදයංග වීරතුංග මහතාව ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    තමන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරගත යුතුව ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් විමසා සිටියේ 2015 මාර්තු 26 වනදා මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ සිට අවසන් වරට කරුණු වාර්තා කළ 2020 ජනවාරි 21 වනදා දක්වාම මෙම විමර්ශනය සිදු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා විසින් බැවින් මේ මොහොතේදීත් විමර්ශනය කරගෙන යන්නේ ඔහු විසින්ම ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් රහස් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නිහාල් ෆ්‍රැන්සිස් මහතාව මේ වනවිට මීගමුව පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවත් ඔහු වෙනුවට පොලිස් පරීක්ෂක සංජීව නම් නිලධාරියකු විසින් විමර්ශනය භාරගෙන ඇති බවත්ය.

    වසර 5ක් තිස්සේ විමර්ශනය සිදු කළ නිලධාරියා හදිසියේ මාරු කළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය පැවසුවේ මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ සියලුම විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බැවින් නිලධාරීන් බොහෝ දෙනෙකු ස්ථාන මාරුකර යවා ඇති බවයි.

    ඒ අනුව වසර 5ක් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට අලුතින්ම පැමිණෙන නිලධාරියකුට කොපමණ කලක් ගතවනු ඇතිදැයි විමසූ මහේස්ත්‍රාත්වරයා මීටපෙර විමර්ශන සිදුකළ නිහාල් ෆ්‍රැන්සිස් මහතාටම යළි විමර්ශන භාරදීමේ හැකියාව පිළිබඳ සොයාබලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්නැයි නියෝග කළේය.

    මෙවැනි දැඩි සංකීර්ණ විමර්ශනයක මුල් විමර්ශන නිලධාරියාව ඉන් ඉවත් කිරීම ද මුල් අවස්ථාවේදී මීට සම්බන්ධ වූ රජයේ නීතීඥවරුන් ඉවත් කර තිබිමද සැකකරුගේ ඇප ඉල්ලීමකදී දැඩි ලෙස සලකා බැලීමට සිදුවන බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය පත්ව ඇති තත්වය තමන්ට අවබෝධ කරගැනීමට පවා අපහසු බවයි සඳහන් කර තිබුණේ.

    එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි.

    එසේම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නෛතික වගන්ති යටතේද යන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසීමේදී ඒ මහතා පිළිතුරු දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457, 400 වගන්ති සහ පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ බවයි.

    පොදු දේපළ පනතේ 08 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන්නේ නම් මෙම වංචාවෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් එවැන්නක් ඇතිදැයි විමසීමේදී රහස් පොලිසිය පවසා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට එවන් උපදෙසක් ලබාදී නොමැති හෙයින් එවන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

    මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ අදාළ වගන්තිය යටතේ රුපියල් 25,000කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියකු විසින් එයින් රජයට සිදුවූ පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් යනු රුපියල් 25,000කට වැඩි මුදලක් බව රහස් පොලිස් නිලධාරීන්ට මෙතෙක් වැටහුණේ නැතිද යන්නයි.

    කෙසේවෙතත් මෙහිදී විමර්ශකයින් විසින් පොදු දේපළ පනතට අදාළ වාර්තාව ඉදිරිපත් කර නොමැති නිසා උදයංග වීරතුංග මහතාට ඇප පනතේ සාමාන්‍ය ප්‍රතිපාදන අනුව ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට එරෙහිව දීර්ඝ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    ඇමරිකානු ඩොලර් මිලියන 7ක වංචාවකට අදාළව පාඩුව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොකිරීම අසාමාන්‍ය බවත් මෙම විමර්ශන නිලධාරීන් මේ ගැන කිසිවක් නොදන්නා සේ කටයුතු කිරීම පුදුම සහගත බවත් පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම වාර්තාව සිතාමතාම ඉදිරිපත් නොකළේද යන සැකය මතුවන බවත් ඇතැම් සැකකරුවන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් විමර්ශන නිලධාරීන් විසින්ම සකස් කර දෙන ආකාරය ඉතිහාසයේ තමන් දැක ඇති බවත් සඳහන් කළේය.

    ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කර තිබුණ ද මෙම වංචාවේ බරපතළකම සහ මොහුට ඇප ලබාදීමෙන් මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාව සලකා බලා සැකකරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවසානයේදී නියම කළේ.

    වාර්තාව උපුටා ගැනීම : Lanka News Web.lk


    තුනෙන් දෙක දෙනවාද ? තීරණය ඔබ සතුයි...
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    තුනෙන් දෙක දෙනවාද ? තීරණය ඔබ සතුයි...

    තුනෙන් දෙක නෙවෙයි පොහොට්‍ටුවන්ට තියෙන දෙකත් නැති වෙනවා සිරා සභාපති උනාට පස්සේ.:lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Mona System change da ban ekama deshapaluwo set ekak ekka, Mulin Parliament change karanna one, Hamadama Ekama Horu tika inne maruwen maruwata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් දිග හෑල්ලක් දාල 2/3 ක කතාවෙන් නතර කරල..ආණ්ඩුව 2/3 බලය ගන්නව උබල වගේ ගු ඇන් පි වේසිල දැගලුවට වැඩක් වෙන්නෙ නැ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොල් දිග හෑල්ලක් දාල 2/3 ක කතාවෙන් නතර කරල..ආණ්ඩුව 2/3 බලය ගන්නව උබල වගේ ගු ඇන් පි වේසිල දැගලුවට වැඩක් වෙන්නෙ නැ..


    අර්බුද.... බන්... අර්බුද.. අදත් විශේෂ රැස්වීමක්ලු. පක්ෂ ලකුණෙ අර්බුද ඒව වහගන්න දාන ත්‍රෙඩ් සීරියස් ගන්න එපා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ නං නිදහස් වෙන්න බලාගේනමයි ඇවිත් තියෙන්නෙ මට පේන්නේ


    ලෝයර් රංජා එලියෙ ඉදෙද්දි ආවනම්... වෘශන කෝෂත් ගලෝගන්නවා මූ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අර්බුද.... බන්... අර්බුද.. අදත් විශේෂ රැස්වීමක්ලු. පක්ෂ ලකුණෙ අර්බුද ඒව වහගන්න දාන ත්‍රෙඩ් සීරියස් ගන්න එපා...

    ඒක නම් ඇත්ත ලැජ්ජාව වහ ගන්ඩ දාන තෙර්ඩ්..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක නම් ඇත්ත ලැජ්ජාව වහ ගන්ඩ දාන තෙර්ඩ්..


    උඹට පේන්නෙ නැද්ද මෙලෝ සිහියක් නැතුව දාන ත්‍රෙඩ්, හදන අලුත් එකවුන්ට්ස් දැක්කම සෑහෙන ලොකු පීඩනයකින්, අපේක්ෂා භංගත්වයකින් අධික තෙහෙට්ටුවෙන් පෙලෙන බව දැනෙන්නෙ නැද්ද...?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    විපක්ෂේ උන් ටික ඔක්කොම එළකිරියේ නේ...ඉතින් ලකුණ ගැන අවසන් තීරණයක් ගන්න විදියක් නෑනේ......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹට පේන්නෙ නැද්ද මෙලෝ සිහියක් නැතුව දාන ත්‍රෙඩ්, හදන අලුත් එකවුන්ට්ස් දැක්කම සෑහෙන ලොකු පීඩනයකින්, අපේක්ෂා භංගත්වයකින් අධික තෙහෙට්ටුවෙන් පෙලෙන බව දැනෙන්නෙ නැද්ද...?

    :yes::yes::yes:මේක නම් මටත් හිතුන මචන් තියෙන තරමක් ෆේක් තියෙන්නෙ ගු ඇන් පි පොන්නයන්ගෙ..උන්ට කරන්ඩ මොකක්ද කියලවත් හිතා ගන්ඩ බැරි සීන් එකක් තියෙනෙ..මාර්තු මුල විසිරෝල අප්ප්‍රේල් අග මහ චන්දෙ නිශක පරාජය ඔලුවෙ කොටන් ඉන්න මුන් වෙන මොනා කියල කරන්ඩද..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විපක්ෂේ උන් ටික ඔක්කොම එළකිරියේ නේ...ඉතින් ලකුණ ගැන අවසන් තීරණයක් ගන්න විදියක් නෑනේ......


    ඒකට බලපන් පොහොට්ටු කාරයො, ජනාධිපතිලම තුන් දෙනයි... කොච්චර සාමකාමීව සහ ජීවනයෙන් වැඩේ කොරගත්තද... මෙතන පස්ස නායක + විපස්ස නායක දෙපැත්තට අදින් විදිය..... අයියූ......!! පාක්ෂිකයො පිස්සු නටන එක අහන්න දෙයක්ද...?