ඒක තමයි බං කිව්වේ. අයිති කාරයා ගෙ Phone එකෙන් NIC එක ට registered numbers බලන්න code එකක් තියෙනව. ඒ ඇරෙන්න බැහැ
මන් දන්න කෙල්ලෙක් හිටියා. එකී ගෙ boyfriend එක්ක හැමදාම වලි. අන්තිමට break up උනා.
පස්සේ කෙල්ල phone number එක මාරු කරා.
මෙන්න අරූ ආයේ අලුත් number එකට call කරනවා. ඌ dialog එකේ වැඩ.
කෙල්ල ආයේ මාරු කරා ආයෙත් කතා කරනවා. ඔහොම ඔහොම කීප පාරක්ම උනා.
කෙල්ල complain කරා dialog එකට. අරූ ගෙ job එක එතනින් ඉවරයි.
උඹ මෙක කාට හරි කියල කර ගත්තොත්, ඌ උබේ ප්රශ්නෙ ට උදව් කරන්නේ නෑ උගේ job එක ඉවරයි එතකොට.
එහෙම query කරන්න නම් log වෙන්න ඕන database එකේ query එක issue කරපු කෙනා ගෙ username එක log වෙනවා. Anonymous හොයන්න බැහැ.
එහෙම හොයන කොට අදාළ හේතුව උන්ට දෙන්න ඕන. TRC එකෙන් ද කිව්වේ පොලිස් entry copy එක්ක දීලා තමයි ඒක කරන්න ඕන.
නිකං ඇදුණුම් කමට කරන්න පුළුවන් නම් ඒක අපේ පුද්ගලිකත්වය ගැන ලොකු ප්රශ්නයක්. Company එකට විරුද්ධව නඩු දාන්න පුළුවන්. වන්දි යන්න පුළුවන්